" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් . ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
. . . විසිදෙවෙනි කොටස . . .
" නෑ අසිත අයියා මම මේ මෙශින් දිහා බලන් හිටියේ . . "
" හ්ම් හ්ම් . . මමත් දැන් ටිකවෙලාවක ඉඳන් බලාගෙන උන්නේ මැශිමක් දිහා බලන් ඉන්නවා. " අසිත නක්කලයට මෙන් කීවේය.
" මේ එන්න එපා හිනාවෙන්න. " පාරමී වරදක් කර හසුවිමට ගිය පොඩි එකෙක්මෙන් බියව උන්නාය.
" හරි හරි මම හිනාවෙන්නෙත් නෑ. මුකුත් දැක්කෙත් නෑ. " අසිත පැවසුවේය.
" හරි හරි මට කියන්නකෝ ඔයාගේ එක්කෙනාට මොකද වුනේ කියලා " පාරමී කතාව වෙනතකට යොමුකළාය. අසිතගේ මුහුණ මැලව යනු පාරමී දුටුවාය.
" එයා ගියා . . . " අසිත සිනාසෙන්න වෙරදැරුවේය.
" ඒ කියන්නේ "
" එයා පෝසත් කෙනෙක්නේ මිස්. මට එකපාරටම ගහෙන් ගෙඩි එන්නා වගේ වැඩ කරන්න පුළුවන් කමක්නෑනේ. මටත් වගකීම් කියලා දෙයක් තියෙනවානේ . . අපි පොඩි තැන ඉඳන් එන මිනිස්සු. එයාට ඒවා තේරුම් ගන්න බැරිවුණා. දැන් නම් එයාට පොඩි බබෙකුත් ඉන්නවද කොහෙද. හොඳ සල්ලිකාරයෙක්ව බැඳලා ඉන්නේ "
" නෑ . . . "
" නෑ නෙමෙයි. ඇත්ත කිව්වේ. "
" මම නම් කවදාවත් මම ආදරය කරන කෙනාට එහෙම කරන්නේ නෑ. කවදාවත් අසරණ වෙන්න දෙන්නෙත් නෑ. " පාරමී හොරෙන් නාරද දෙස බැලුනි. අසිත එය දුටුවත් දුටු බවක් නොපෙන්වා සිටියේය.
" ඒ කියන්නේ අපේ මිස්ටත් ආදරය කරන කෙනෙක් ඉන්නවා කියන එක ද ? . . ම් . . . "
" දන්නේ නෑ . . . "
" ඒක මාර කතාවක් නේ. දන්නේ නෑ කියන්නේ "
" දන්නේ නෑ කියන්නේ දන්නේ නැති නිසයි. සමහර විට එයා මට ආදරේ ඇති සමහර විට නැතුව ඇති. පාරමී හිනැහුනාය.
මේ කෙල්ල මොනවා හෝ හිතේ තියාගෙන හිරකරගෙන ඉන්න හැඩයි. අසිත සිතුවේය. අපේ නාරදයා ගැනවත් ද. ආපු වෙලේ ඉදන් මම දෙතුන් විටක්ම බලාගෙන උගේ දිහාමයි ඇහැ දාගෙන ඉන්නේ. හැබැයි ඌ නම් දන්නේ නැති පාටයි. ඌ කොහොමත් මැටි හරකනේ. ඕකට කොහෙද ඕවා තේරෙන්නේ. දෙන්නාගේ නම් කිසි වරදක් නෑ. නොගැලෙපෙන කියලා තියෙන්නේ එකම එක දෙයයි. ඒ තමයි නාරද වැඩකරන කම්පැනි එක පාරමීගේ වීම. අනික දසනායක කැමති වෙයිද තමන්ගේ කම්පැනියේ සේවකයෙකුට තමන්ගේ දුවව දෙන්න. අසිත කල්පනාවේ ගැලී සිටින අතර දසනායක ඔවුනතරට පැමිණියේය.
" මොකද අසිත අපේ කෙල්ල කියන්නේ ? "
" මුකුත් නෑ සර්. මෙශින් දිහා බලා ඉන්නව දැකලා මමත් මේ ඇවිත් කතාකළේ. මැශිමක වැඩකරන්නවත් ඕනවෙලාද කියලා බලන්න. " අසිත සිනාසුනේය.
" අපොයි, දැං අහලා බලන්න අසිත. හා කියයි. මම දන්නැද්ද " සැවොම එක්ව සිනාසුනෝය.
" අසිත ප්‍රේමසිරිට කියන්න කැබ් එකක් කතා කරලා දෙන්න කියලා. ගෙදර යන්න.
" ඇයි සර් සිරිපාල . . . "
" සිරිපාල ගමේ ගිහින් එන්න ගියා. තවම ආවේ නෑ. "
" ආ සර් එහෙනම් වසන්තව එක්කගෙන යන්න. ඔෆිස් එකේ දැන් යන්න කොහෙවත් නෑ.
" නෑ ඕන නෑ අසිත අපි කැබ් එකක් ගමු. "
" ඕකේ සර් මම කතාකරන්න කියන්නම්. "
" ඇයි තාත්තා නාරදත් එක්ක නෙමේද යන්නේ. නෑ පුතා නාරද වැඩ නේ. "
" හ්ම් . . . " පාරමී නිහඬ වුවාය.
දුරකතනය නාදවෙයි. කම්පියුටර් එකමත ඇස්දෙක තිබුණත් හිත වෙනතකය. දුරකතනය නාදවන බවක් ඇසුනේවත් නැත. නාරද දුටුවේ එය දෙවන වර නාදවෙත්දීය.
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
" හෙලෝ . . . "
" හෙලෝ අයියේ. "
" ඔවු මල්ලි කියන්න. "
" අයියේ අම්මට කතාකරන්න ඕනයි කියනවා. පොඩ්ඩක් ඉන්න දෙන්නම්.
" හ්ම් . . "
" ලොකු පුතේ . . . "
" ඔවු අම්මේ කියන්න. හදිසියක්ද ? "
" හදිසියක් නම් නෙමේ පුතේ. උඹ කෝල් එකක් වත් නොදුන් නිසා බැලුවේ. මයේ පුතාට කරදරයක් හෙම නෑ නෙවෙද "
" නෑ අම්මේ. මම පොඩ්ඩක් එළියට ගිහින් උන්නා. දැණුත් මේ ඔෆිස් එකේ ඉන්නේ. "
" ඒක මිසක්. දැන් කතාකරන එක කරදරයක් ද මයේ පුතේ ? "
" නෑ අම්මේ කමක් නෑ. කියන්න. "
" තාත්තගේ බණ , දානෙත් ලඟ ලඟම එනවා. ඒවට ලක ලෑස්ති වෙන්නත් කාලේ හරි පුතේ දැන්. අපි දැං හවහට පන්සලටත් යන්ඩ කියලා බැලුවේ ලොකු හාමුදුරුවන්ටත් මතක්කරලා තියෙන්න එපැයැ. ලොකු පුතා එනවද ගෙදර අද හෙට. "
" මට අද හෙටම නම් එන්න බැරිවෙයි අම්මේ.මේ සතියේ අග මම ගෙදර එන්නම්. මල්ලිට කියන්නකෝ වැඩ ටික සේරම ලෑස්ති කරගන්න කියලා. මම සල්ලි ටිකකුත් මල්ලිගේ එකවුන්ට් එකට දාන්නම්. "
" සල්ලි නම් ඉතුරුකරග්ත්ත ටිකකුත් තියෙනවා මයේ පුතේ. පුතා සල්ලි දාන්න දැන් හදිසිවෙන්න එපා. දැන්ම ඕනවෙන එහෙකුත් නෙවෙයිනේ. පුතා හෙමින්සිරුවේ වැඩටික එකලාසියක් කරගෙන එන්නකෝ. "
" හරි අම්මේ. මම පස්සේ ගන්නද අම්මේ. මම බෝඩිමට ගිහින් ගන්නම්. දැන් ඔෆිස් එකේනේ ඉන්නේ. "
" හරි පුතේ හරි. නිවී හැනහිල්ලේ කතාකරහන්කෝ. රත්නත්තරේ පිහිටයි. "
" බුදු සරණයි අම්මේ. "
" මොකද අම්මේ අයියා කියන්නේ. අද හෙට එන්නේ නැතිලුද ? "
" හ්ම්. ඌට ඔෆිස් එකේ වැඩද කොහෙද හොඳටම. දැනුත් ඔෆිස් එකේ හිටියේ. "
" අද සෙනසුරාදානේ අම්මේ. සෙනසුරාදට වරුවයි වැඩ කියලා නේද අයියා කිව්වේ. "
" වරුවයි කියලා ගෙදර යන්න විදියක් නැතැයි කිව්වේ ගියපාර ගෙදර ආ වෙලේ. සමහරදාට ඉරිදාටත් උදේ පටන් රෑවෙනකන් වැඩලු. පවු ඒකා මහන්සිවෙනවා. "
" අයියට මාව නම් මතකවත් නෑ නේ. " නිත්‍යා මුහුණ අදුරුකරගෙන බිත්තියට හේත්තු වුනාය.
" ඕං ඉතින් එල්ල ගත්තා. ඒකා ඔෆිස් එකේනේ පුතේ. වැඩ වැඩි නිසා පස්සේ කතා කරන්නම් කියලානෙව කීවේ. එතකොට උඹලට කතා කරන්නේ නැතෑ. උඹ දැං ඔය මුණ හදාගෙන ගොහින් මල් ඩිංගිත්තක් කඩපං පන්සල් යන්ඩත් එක්කලම. "
නිත්‍යා ඉස්තෝප්පුවෙන් මෑත්ව ගෙතුලටම ගියාය. කොච්චර වුනත් මුන් තුන්දෙනා පනට පනනේ. පොඩි එකී එක්ක කතානොකළා කියලනේ ඔය තරහා. පොඩි එකිත් පවු.
විනිතා සිතුවාය. කොහමහරි කරලා දානේ වැඩකටයුතු ටික හොඳට කරගන්න තිබුනොත් මට ඇති. තව ටිකකින් සුදු නංගිත් එන්න බැරි නැත. හෙමින් හෙමින් ලක ලෑස්තිවුනොත් හොඳ යැයි සිතූ ඈ වත්තපහල ලිඳට ගියේ කලුවර වැටෙන්නට මත්තෙන් ඇඟපත සෝදන්නට සිතාගෙනය.
නාරදට තම අතපහුවුණු වැඩකටයුතු නිසියාකාරව පිළිවෙලක් කරගැනීමට හැකිවුණි. ඉන්පසු අසිත හමුවීමට සිතාගෙන තම කාමරයෙන් එළියට බැසීමට සුදානම්වන විට අසිතද තමා හමුවිමට තරප්පුපෙල නගිනු දිටීය. සෙමෙන් සේවකයන්ගේ කටයුතු නිරීක්ෂණය කරමින් පැමිණි අසිත නාරදගේ කාමරයට පිවිසියාය.
" උඹ වැඩක්ද නාරද ? "
" වැඩක නම් තමයි හිටියේ. ඒත් දැන් ඉවරයි. මම මේ උඹව බලන්න පල්ලෙහාට එන්න හැදුවේ. "
" හරි හරි මම ආවනේ. උඹ කීයටද ගෙදර යන්නේ "
" යන වෙලාව කීය වෙයිද දන්නේ නෑ මචං. දසනායක සර්ලවත් එක්කගෙනනේ ආවේ. ඒගොල්ලන් යන වෙලාවට යන්න වෙනවා. "
" ඒ ගොල්ලො ගියා බං. "
" ගියා. පිස්සු නැතුව ඉදින් බං. යන්නේ කොහෙද වාහනේ යතුර මගේ ලඟනේ. "
" කැබ් එකක් ගෙන්නගෙන ගියා. "
" පාරමී මිසුත් ගියාද "
" නැතුව උඹ හිතුවද අදත් උඹට කියලා ඇරලවගන්න තියලා ගියා කියලා. "
නාරද කිසිවක් නොකීවේය.
" මොකද උඹ එකපාරට අප්ශට් ගියේ "
" මම අප්ශට් ගියේ නෑ. වාහනේට මොකද කරනේ කියලා මම මේ කල්පනා කළේ. "
" එහෙමද මම ඒත් බැලුවා දසනායක පාරමී මිස්ට කැබ් එකක යමු කීවම අප්ශට් ගිය විදියටම ඒගොල්ලො ගියා කිව්වම උඹත් අප්ශට් ගියේ මොකද කියලා. "
" ඒ පාර මොකාටද උඹ එන්න හදන්නේ "
" නෑ නෑ . . මම මොකාටවත් එන්නේ නෑ. අපි බලමුකෝ සනා. අපිත් මේ ලෝකේ උඹලා එක්කම ජිවත්වෙයිනේ . . . නේද ? "
" ඔය විකාර නවත්තපං අසිතයා "
" වාහනේ මෙහේ තියලා යමු නේද බං. "
" උඹට පිස්සුද. දසනායක සර්ට කෝල් එකක් දීලා අහපන් මොකද කරන්න ඕන කියලා. "
" හ්ම් . . . නාරද දුරකතනය ගෙන දසනායකගේ ඇමතිමට ගොස් නැවතත් විසන්දි කලේය. දැම්ම අරගෙන ගෙදර යන්න හදිස්සියේද ඇහුවොත් තවත් නඩුවක්. තව ටිකක් හවස්වෙලා කෝල් එකක් දෙමු. "
" හ්ම් . . . "

. . . මතු සම්බන්ධයි . . .
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
No comments:
Post a Comment
ඔබේ අදහස් දිරියක් මට . . .