Thursday, July 21, 2011

අවසන් පැය . . .


මුහුණු පොතේ සැරිසරද්දී අහම්බෙන් ගෲපියක තිබී ඇස ගැටුනු පුංචි කතාවක් හැමෝගේම රසවින්දනය වෙනුවෙන් පලකරන්න හිතුවා . මේක දාලා තිබුනේ පියාපත් කියලා ගෲප් එකක . පල කරලා තිබුනේ සුරේශ් චතුරංග කියන හාදයා . ඔහු උපුටා ගත්තේ කොහෙන්ද කියලා නම් දාලා තිබ්බේ නෑ . පුංචි පුංචි දේවල් වලින් මම නම් ලොකු රසවින්දනයක් ලබනවා එහෙම කෙනෙකුට රසවින්දනය සඳහා මේ පුංචි කතාව . . .


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



දෙන්නා දෙමාල්ලන් විවාහ දිවියේ රිදී ජුබ්ලිය සමරමින් බොහොමත්ම සතුටින් හිඳි වෙලාවක බිරිද සිය ස්වාමියගෙන් මෙසේ ඇසීය

"රත්නේ , ඔයාට මතකද ඩාලිං අපි බදිමුද කියලා ඔයා මගෙන් අහපු දවස . . . ? "

" ඉතිං , දැං ඒකත් වැරදී කියන්නද යන්නේ . . . "

" නෑ . . නෑ . .  , ඔයාට මතකද මට සතුට වැඩි කමට දාරාගන්න බැරුව පැයක් විතර කතා කරගන්න බැරිව හිටියා  . . . "

" මට ඒක කොහොම අමතක වෙන්නද කුසුමා . . . "

" ඔය ඇත්තමද රත්නේ . . . "

" අපොයි , මම මොකටද ඔයාට බොරු කියන්නේ කුසුමෝ . . . මට ඒ මොහොත මගේ ජීවිතේට කවදාවත්ම අමතක නොවන මොහොතක් . "

" ඒ ඇයි රත්නේ . . ."
 
"ඒ තමයි මම මගේ ජිවිතේ නිස්කලන්කව ගතකරපු අන්තිම පැය."

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


උපුටා ගත්තක් වුවද වාර්ථාවක් පරිද්දෙන් සකස් වී තිබූ කතාවට අලංකාර එබ්බවීම ගැන කාගේවත් අකමැත්තක් නැතයි සිතමි .

2 comments:

  1. ගෑනු කතා කරන්න ගියාම ඉවරෙකුත් නැහැ, ඒ උනාට කතා නොකර ඉන්නකොටත් අප්සෙට් වගේ නේ ........

    කොහොම උනත් හොඳ ඊමේල් එකක් .....

    ReplyDelete
  2. @ පන්සල් හංදිය : හෙහ් හේ . . . ඒක නම් ඇත්ත . . .

    ReplyDelete

ඔබේ අදහස් දිරියක් මට . . .