" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් . ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
. . . දහතුන්වෙනි කොටස . . .
නාරද එකවරම කුමක් සිදුවුණේදැයි සිතාගත නොහැකිව පාරමී දෙස බලා උන්නේය.
" මගේ මූණේ පෙරහැරක් යනවද ? අපි යමු . . "
ඇගේ හඬින් පියවි සිහියට පැමිණි නාරද යලි රතය මහමඟට ගත්තේය. ජීවිතේ කවරදාකවත් කෙල්ලෙක් සමඟ මේතරමට ලංව ගමන්ගෙන නැත. ඇය කවුළුවෙන් එළිය බලා උන්නද ඇය දකීවි යැයි නාරද ඇය දෙස බලන්න බියවිය. කවුළුව සම්පූර්ණයෙන්ම විවර කර ඇත. ඇතුලට එන හුලඟත් එක්ක එන ඇගේ සුවඳින් නාරදගේ මුළු ගතම වෙලී ඇති සෙයකි. පිටුපස අසුනේ උන්නා නම් කණ්නාඩියෙන් හොරෙන් හොරෙන් බලන්න තිබුණා. දැන් ලඟටම ඇවිදින් සිටියත් නාරදට ඇය දෙස බලන්න බියක් දැණුනි.
" යක්කල " යැයි සඳහන් කොළ පැහැති නාම පුවරුව පාස් වෙනවාත් සමඟම ඇයත් " යක්කල " යැයි මිමිනුවාය.
" තව කොච්චර වෙලා යනවද ගෙදර යන්න ? "
" ට්‍රැෆික් නොතිබුනොත් තව හරියටම පැයක් යනකොට මිස් ගෙදර. "
ඇය සිතන්නේ තමා ඇයගේ පියාගේ රියදුරෙකු කියාය. නාරදද එය හරිගස්සවන්න තරමේ විශේෂයක් නොකළේය. ඇය එයාපෝර්ට් එකේදී හමුවූ තැන සිට මේ වනතෙක් රූප රාමු ඔහු වෙත ගලා ආවේය. නිකමට මෙන් ඇය දෙස බැලෙද්දී ඇය තමා දෙස බලාගෙන ඇතැයි ඔහු කිසිවිටෙක නොසිතුවේය. ඔහුගේ දෑසත් ඇගේ දෑසත් නිමේෂයකට එකට එක්වුණි. එහෙත් අකමැත්තෙන් වුවත් නාරද තම දෑස ඇයගෙන් ඉවතට ඇදගත්තේය. ඉක්මනින් ඇයව නිවසට හැරලිය යුතුය. නාරද සිතුවේය. ඔහු රියේ වේගය වැඩි කරන්නට සිතත්ම . .
" ආයෙමත් ඉගිල්ලෙන්නද හදන්නේ ? "
මගේ හිත කියෙවුවාවත්ද ? නාරදට සිතුවේය.
" මට බඩගිනියි. අපි කාලා යමු. " ඇය කීවාය.
කන මගුලක් මේ කෙල්ලට ගෙදර ගිහින් කන්න බැරිද මන්දා. යකෝ මම උදේටවත් හරියට නොකා ඉන්නේ මේ. මම උදේ තේකක් බීලා ගෙදරින් එළියට බැස්ස ගමන්. මුන් දෙන්නා නම් කුටු කුටු ගගා මොනවද මොනවද කකා ගියේ. දැන් ආයේ බඩගිනීලු. නාරද මද දුරක් රිය ඉදිරියට පදවාගෙනවිත් අවන්හලක් ඉදිරියේ රිය නැවත්වූවේය.
" මම මෙතන කාර් පාක් එකේ ඉන්නම්. මිස් කාලා එන්න. "
" මේ මාව තනියම යවන්නද හදන්නේ. ඕක නවත්තලා එන්න. " ඇය එකවරක් මූණ දෙස බලා යලිත් ඉවත බලාගෙන කීවාය.
" හ්ම්ම් .. " නාරදට ඉබේටම සුසුමක් පිටවුනි.
වාහනය පාර්ක් එක වෙත පදවාගෙන යනගමන් පැති කණ්නාඩියෙන් පසුපස බලනවිට ඇය තමන්ට යන්න හැර දිව දික්කර ඔලොක්කුවට සිනාසෙන අයුරු නාරද හොඳින්ම දුටුවේය.
" මේ කෙල්ල මොන මගුලක් කරන්න යනවද මන්දා " කෙතරම් නිවුණු කෙනෙකු වුවත් තමාව හැමවිටකම ඔලොක්කුවට ගන්නා බවක් දැනෙන විට නාරදගේ හිතටද සියුම් තරහක්ද දැණුනි.
ඇය තමා එනතුරු මගට වී උන්නාය. නාරදත් සමඟම එකට පියනැගූ ඇය එක් අසුනක හිඳගත්තාය. කුමක් කළ යුතුදැයි දෙගිඩියාවෙන් දෙපස බැලූ නාරදට,
" ඉඳගන්න ඔතනින් කැරකෙන්නේ නැතුව. " යැයි පාරමී කීවාය.
මේ කෙල්ලට මාව ජෝකර් කෙනෙක් වගේද දන්නේ නෑ පේන්නේ.
" මම විහිළුවක් වගේද ? " ඔහුගේ මුවින් සැනෙන් පිටවුණි.
එසේ මුවෙන් පිටවේ යැයි නාරද කිසිවිටෙකවත් සිතන්නට නැත. එය තේරුනද ඒ වනවිට නාරදට පිටවූ වදන් යලි ඇදගැනීමට නොහැකි තත්වයක් උදාවී තිබුණි. පාරමීගේ ඇස් රත් පැහැයට හැරුණි. කඳුළු බිඳුවක් දඩස් ගා පහලට ඇදවැටෙනු නාරද දුටුවේය. සැනෙන් පුටුව පස්සට කළ ඇය වාහනය නවතා තිබූ දෙසට දිව ගියාය. ලඟට එමින් සිටි වේටර්ද අන්දුන් කුන්දුන් වී බලා උන්නේය.
" සර් . . " වේටර් නාරද දෙස බලා උන්නේය.
" නෑ මුකුත් එපා. තෑන්ක්ස් . . " නාරද එතනින් එළියට ආවේය. නාරදට පුදුම අසරණකමක් දැනුනේය.
" මිස් . . මිස් . . ." නාරද පාරමී පසුපසින් ගියේය.
" සොරි මිස්. මම හිතලා කිව්වේ නෑ. "
ඇය කිසිවක් නොකියා රියේ පසුපස අසුනේ හිඳ දොර වසාගත්තාය. නාරද රියේ ඉදිරියෙන් ගොස් රියදුරු අසුනේ හිඳගත්තේය.
" මට සමාවෙන්න පාරමී මිස්. මම එච්චර දුර හිතලා කිව්වේ නෑ. අනේ මිස්. "
"නෑ මටයි වැරදුනේ. අපි යමු. ඔයා දවල්ටත් කාලා නැති නිසයි කමු කිව්වේ. කමක් නෑ මට මිනිස්සුන්ව අඳුරගන්න ටිකක් වෙලා යනවා. තමන්ගේ තත්වේ තියාගන්න නොදැන මටයි වැරදුනේ. අපි යමු.
නාරද පෙරලා කිසිවක් නොකීවේය. රිය වේගයෙන් රාජගිරිය කරා ගෙනයාම ඔහුගේ එකම අභිලාශය විය. ඇය හිස පසුපස අසුනට බරකරගෙන උන්නාය. සිහින් කඳුළු රේකාවක් කම්මුල් හරහා ඇදෙනු නාරද කණ්නාඩියෙන් දුටුවේය. " සමාවෙන්න " ඔහු සෙමෙන් මිමිනුවේය. ඇතැම්විට ඇයට එය ඇසුනා වන්නට පුළුවන්ය.

. . . මතු සම්බන්ධයි . . .
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
No comments:
Post a Comment
ඔබේ අදහස් දිරියක් මට . . .