" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් . ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
" හ්ම් . . . " දසනායකට ඉබේටම සුසුමක් හෙලුණි . තම ජීවිතය අවධානමක බව ඔහුට ඉවෙන් මෙන් දැණුනි . ටික වෙලාවකින් ඩොක්ටර් වික්‍රමසිංහ දොර ඇරගෙන කාමරය තුළට පිවිසියේය .
" ආ . . මිස්ටර් දසනායකව බලන්න කට්ටියම ඇවිත් ඉන්නේ . "
ඩොක්ටර් වික්‍රමසිංහ සැවොම සමගම සිනාසුනේය . ඉන්පසු නලාව ගෙන දසනායකව පරික්ශා කළේය . ඇදේ පසෙක කුඩා මේසය මත තිබූ ෆයිල් එකක් ගෙන එහි කිසිවක් සටහන් කොට පසෙක තැබුවේය .
" කොහොමද ඩොක්ටර් තාත්තාට " පාරමි විමසුවාය.
" දැo නo බයවෙන්න දෙයක් නෑ. නෝමල් . ඒත් මිස්ටර් දසනායක හොදට පරිස්සම් වෙන්න වෙනවා. කෑමෙන් බීමෙන් පරිස්සම් වෙනවා වගේම මනස වෙහෙස වන ක්‍රියාකාරකම් වලින් ගොඩක් දුරට ඈත්වෙනවා නම් හොදයි. දැන් ඉතින් දුවත් හොදතැනකට දීලා මිස්ටර් දසනායකට බණක් භාවනාවක් කරගෙන ඉන්නයි තියෙන්නේ. "
දසනායක ඩොක්ටර් වික්‍රමසිංහ සමග සිනාසුනේය.
" තැන්ක් යූ ඩොක්ටර් . අපි ගොඩක් බයවෙලා හිටියේ. ඩොක්ටර් තාත්තට ස්පෙශල් ට්‍රීට්මන්ට්ස් මොනවාහරි ගන්න ඕනද . අපිට එයාව තවකොහෙටවත් පෙන්නන්න ඕනද " පාරමි විමසුවාය .
" ඉoග්‍රිසි බේත් වලින් කරන්න පුලුවන් හැමදේම අපි කරලා තියෙන්නේ. ඔයාලා කැමතිනම් තව එක තැනකට ගිහින් බැලුවට කමක් නෑ කියලා මම හිතනවා . මම මේ කියන්නේ සාමාන්‍ය පේශන් කෙනෙකුට නොකියන දෙයක්. මිස්ටර් දසනායක මට පේශන් කෙනෙකුට වඩා ෆ්‍රෙන්ඩ් කෙනෙක් . "
ඩොක්ටර් වික්‍රමසිංහ දසනායකගේ අතින් අල්ලාගෙන සිනාසුනේය . මගේ වයිෆ් ටත් තිබුණා ලෙඩක් . එයාව මම දන්න හොදම වෛද්‍යවරුන්ට පෙන්නුවා . ලoකාවේ විතරක් නෙවෙයි , ඉන්දියාවෙත් . ඒත් ගුණයක් පෙනුනේ නෑ . පස්සේ මගේ යාළුවෙක් කියලා මම එයාව එක්කගෙන ගියා වෙදමහත්තයෙක් ලගට එයා ඉන්නේනම් ටිකක් කොළඹට දුරින්. අනුරාධපුරයේ පුජා නගරය කිට්ටුව . මම එයාගේ ඇඩ්‍රස් එක දෙන්නම් ගිහින් බලන්නකෝ .
" ඩොක්ටර් ඒ වෙදමහත්තයාගේ නම මොකක්ද ? " නාරද කල්පනාකරමින් සිට ඇසුවේය.
" මට මතක විදියට හීනටිගල වෙදමහත්තයා කිව්වාම ඒ පැත්තේ හැමොම දන්නවා. "
" නාරද දන්නවද. " දසනායක නාරද දෙස බලා විමසුවේය.
" ඔවු අහලා තියෙනවා. ඒ පැත්තේ ගොඩක් ප්‍රසිද්දයි . අපේ ගමට ගම් දෙකක් විතර එහායින් තමයි ඉන්නේ "
" ආ නාරද ඒ පැත්තේද ? එහෙනම් ඉතින් වැඩේ තවත් ලේසි වෙයිනෙ . නේද " ඩොක්ටර් වික්‍රමසිංහ නාරද දෙසත් දසනායක දෙසත් බැලුවේය. පාරමිද නාරද දෙස බැලුවාය .
" මිස්ටර් දසනායකට අද හවස් වෙද්දි ගෙදර යන්න පුළුවන් . තව චෙකප්ස් ටිකක් තියෙනවා . ඒ ටික කරගෙනම යන්න මෙහෙන් එකපාර. රිපෝට්ස් ටික අරගෙන ගියාම ලේසියි. "
" තෑන්ක් යූ ඩොක්ටර් . " දසනායක පැවසුවේය.
" එහෙනම් මම හවස මම එන්නම් මිස්ටර් දසනායක . " ඩොක්ටර් වික්‍රමසිංහ සැවොමගෙන් සමුගත්තේය .
" අපි මොකද තාත්තා කරන්නේ." දසනායක දෙස බලාසිටි පාරමි ඇසුවාය.
" දැo ඉතිo මට හොදයිනේ දූ . . . "
" නෑ තාත්තා නෑ. මට බයයි තාත්තා ගැන . අපි අර වෙදමහත්‍තයා හම්බවෙන්න යමු. " පාරමි තිරණාත්මක හඩින් කීවාය. දසනායක පාරමි දෙසත් නාරද දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේය. මෙතන රැදී සිටීම තමන්ට සුදුසු නැතැයි නාරද සිතුවේය. ඔහු සෙමෙන් එළියට යාමට දොර විවරකරන්න හදත්ම දසනායක නාරදට කතාකලේය.
" නාරද . පුතා ඔය කියන වෙදමහත්තයා ගැන පොඩ්ඩක් අපි හොයලා බලමු නේද ? පුලුවන්ද නාරද . "
" හරි සර් මම බලන්නම්. අපේ මල්ලිට කිව්වාම විස්තර හොයාගන්න බැරිවෙන එකක් නෑ." නාරද පැවසුවේය.
" නාරද එළියට යන්න හැදුවේය. තමාට තවත් මෙතැන කාමරය තුළ රැදී සිටීමට අපහසුවක් දැණුනි. පවුලේ කතා බහකට සම්බන්ධ වීමට තරම් තමා සුදුසු නැතැයි හැගුනි.
" නාරද , කොහෙද එළියට ද යන්න හැදුවේ . " දසනායක නාරද දෙස බලා ඇසුවේය .
" ඔවු සර් . මම එළියෙන් ඉන්නම් . පාරමී මිස් යන වෙලාවට කතා කරන්න . " නාරද දසනායක දෙසත් පාරමී දෙසත් බලමින් කීවේය .
" නෑ නෑ මෙහෙන් ඉදගන්න . මේරි අම්මේ ඔය ගන්නකෝ මේ මහත්තයට බොන්න දෙයක් . ඔය ෆ්‍රිජ් එකේ බලන්න . "
මෙතෙක් වේලා පසෙකට වී උන් මේරි අම්මා සැමටම බොන්න බීම පිළියෙල කළාය . නාරදටත් පාරමීටත් බීම පිළිගැන්වූ මේරි අම්මා දසනායකට සුප් කෝප්පයක් පිළිගැන්වීය .
" මටත් හරි පිපාසයි මේරි අම්මේ . මටත් ඔය බීම ටිකක්ම දෙන්නකෝ ."
" නෑ . . නෑ . . ලොකුමහත්තයට ඕවා හොද නෑ . ලොකු මහත්තයා සුප් එක බොන්න . " මේරි අම්මා එසේ කියා පසෙකට වූවාය .
" මේක මළ කෙළියක් නේ . හා .. හා . . "
දසනායක සුප් කෝප්පය අතට ගෙන පානය කළේය .
නාරදත් පාරමීත් සිනාමුසු මුහුණින් මෙදෙස බලා සිටියා හැර කිසිවක් කීමට නොගියෝය . සෙමින් සෙමින් සුප් කෝප්පය පානය කළ දසනායක බාත් රූම් එකටගොස් ඇගපත සෝදාගත්තේය .
" දැං පුතාලා ගෙදර යන්න . හවසට ඩිශ්චාර්ජ් කරනවනේ දූ . " දසනායක පාරමී දෙස බලා කීවේය .
" තාත්ති පරිස්සමින් හොදේ . . " පාරමී දසනායකගේ ඇගට බරවෙමින් කීවේය .
" හරි මගේ රත්තරනේ . මේ නාරදට පුලුවන්ද හවසට මාව ගන්න එන්න . " දසනායක පාරමීව තුරුලේම තබාගෙන ඇසුවේය . පාරමී ද නාරද දෙසම බලා සිටියාය .
" හරි සර් . මම එන්නම් . "
" එහෙනම් දූ නාරදට කියලා ගෙදරට බස්සවගන්න . කෝ මේරි අම්මා , ගිහින් එන්න එහෙනම් . . " දසනායක සැවොම දෙස බලා කීවේය .
" ලොකු මහත්තයට රත්නත්තරේ පිහිටයි . " මේරි අම්මා කීවාය .
" අපි ගිහින් එන්නම් තාත්තී . . මම දවල් එන්නම් ."
" ඕන නෑ රත්තරනේ . මම හවස එනවනේ . දවල්ට එන්න ඕන නෑ . හොදද . පුතා ගෙදර ඉන්න . " පාරමී දසනායකට එකගවුණාය . සැවොම පිටවණු බලා සිටි දසනායක නාරදට කතා කළේය .
" නාරද එහෙනම් පරිසමට ගිහින් එන්න . මගේ කෙල්ලව පරිස්සමින් එක්ක යන්න නාරද . ඒ මගේ පන . " දසනායක නාරදගේ අතින් අල්ලාගෙන කීවේය .
" ගිහින් එන්නම් සර් . " නාරදගේ මුවින් වචන පිට නොවන තරම්ය .
" හොදයි නාරද . " දසනායක නාරදට සමුදුන්නේය .
හ්ම් .. දැං ඉතිං පාලුවේ ඉන්න එපෑ උඩ බලාගෙන . දසනායකට සිතුනි . ඔහුට රූපවාහිනිය නැරඹීම ප්‍රිය නොවූවේය .
" සර් . . . " එකවරම නාරද දුවගෙන ආවේය .
" මට දෙන්න අමතක වුණා . සර්ට මම පත්තරෙයි මැගසීන් එකකුයි ගෙනාවා . ගිහින් එන්නම් සර් . "
පත්තරයත් මැගසීනයත් දසනායක අතේ තැබූ නාරද යළිත් පෙරලා දුව ගියේය .
නාරද අමුතු කොල්ලෙක් . හැමදේම ගොඩක් වෙලාවට දැනේන , තේරුම්ගන්න නාරදට පුළුවන් . . දසනායක නාරද ගැන සිතුවේය . ඔහුටත් නොදැනී ඔහුගේ මුවට සිනාවක් නැගුනි . ඒ මන්ද යන්න ඔහු නොදත්තේය .
. . . මතු සම්බන්ධයි . . .
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
No comments:
Post a Comment
ඔබේ අදහස් දිරියක් මට . . .