" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් . ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
. . . හත්වැනි කොටස . . .
ගුවන් තොටුපලින් ඔවුන් දෙපල පිටත්වූයේ පිටස්තර දේශයක හිඳ තමන්ගේ කියා තමන්ගේවුන් රැඳුනු මවුබිම කරා පයගහන්න එකතුකරගත් කප්පරක් සතුට හිතේ ගුලිකරගෙනය . වටපිටාවේම රැඳුනු වළාකුල් පිරුණු අහස දකින කොට මගේ හිතත් හරියට මේ වගේ නේද කියා පාරමීට සිතුනි . කොයිතරම් දේ හිතේ සිහිකිරීමට පෙළගැසී තිබුනත් එකිනෙක වෙන්කරගෙන සිතීමට සිත එකඟකරගැන්මට ඇයට නුපුළුවන . පියා තමන්ගැන දහසක් බලාපොරොත්තු පොදිබැඳගෙන සිටින බැව් පාරමී හොඳටම දනී . අධ්‍යාපනයෙන් නම් ඒ ගෑන බයක් කිසිසේත්ම නොදෑනේ . ඒත් තම සතුට බලාපොරොත්තු හැමදෙයක්ම තමාට අහිමිවේයැයි පාරමීතුළ බියක් නැතුවාම නෙවෙයි . තාත්ත මට ආදරෙයි . මම අකමැති දේකට බලකරන එකක් නැ . පාරමී සිතුවාය . අරෝශ් සෙල්ලක්කාරයෙකි . මිල මුදල් අතින් ඉහල පැලැන්තියක වැජඹෙන එදිරිසූරිය පවුලේ එකම දරුවාය . අරෝශ් පාරමීට වඩා අවුරුද්දකට පමණ වැඩිමල්ය . පාසල් අවදියේ පටන්ම සෙල්ලක්කාර ජීවිතයක් වැලඳගත් ඔහුගේ කැරැට්ටුව ඕන කෙනෙක්ගෙන් ඇසූවිට දැනගත හැකිය . දකින දකින කෙල්ල හා බැඳීමත් දෙතුන්දෙනා හා පෙමින් වෙලී සිටීමත් ඔහුගේ විනෝදාංශයන්මෙන්ය . තාත්තා නම් කියන්නේ ඕවා කොලුකමට කරන වැඩනේ කියායි . ඔහු බරක් පතලක් නොසිතයි . කොහෙද තාත්තා හිතන්නේ තාත්තලාගේ කාලේ විදියටනේ . මට හිමිකාරයා තාම හම්බුනේ නැ . . ඕ සිතුවාය .
නොදැනීම පාරමී නින්දකට වැටී සිටිනු දුටු චාමි ඇයට කතා කළාය .
" ඒයි . . . නැගිටපං පාරමී . උඹ නං පුදුම නිදිකුම්බරයෙක් තමයි . බහින්නේ නැද්ද . . . "
ශබ්ද විකාශන යන්ත්‍රයෙන් නැඟෙන ගුවන් සේවිකාවගේ හඬ අතරින් ඇසුනු චාමිගේ හඬින් ඕ නැගීසිටියාය .
කඩිමුඩියේ නැදෑයන් , හිතවතුන් අතරට සතුටින් ඉපිල ඇදෙන මගීන් හා එක්ව පාරමීත් චාමිත් පර්යන්තයෙන් එළියට ඇදුනි .
" අපි තාත්තට කෝල් එකක් දෙමු . . . "
" ඕකේ . . . උඹව ගෙදරින් ගන්න ආවම මම කැබ් එකක් ගන්නම් මෙතනින්ම . ඒක ලේසියි මට "
" පිස්සු නැතුව ඉඳිං බං . . . තාත්තට මම කිව්ව එදා උඹවත් ඩ්‍රොප් කරගෙන එන්නේ කියලා . "
" විකාරද බං . . . මම කැබ් එකක් ගන්නම් . උඹ වටයක් ගහන්න ඕනේ නැ . . . "
" මේ මේ . . . පඬියා නොවී ඉඳින් . ඉඳපන් මම ගන්නම් තාත්තට . . . . "
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
නාරද ගම්පහට ලඟාවන විට වැස්සක් පටන්ගෙන තිබුණි . හිතුවාට වඩා ඉක්මනින් වැඩේ කරගන්නට ලැබුන එක සහනයකැයි නාරදට සිතුනි . තම මිතුරාගේ ඉල්ලීම අහක දැමීමට ඇති නොහැකියාව නිසාම නාරදට මේ කට්ට කෑමට සිදුවිය . මොකද අසිතද තමන්ට මෙවන්ම උදවුවක් කිරීමට නොපැකිලෙන බව නාරද දනී . බෙහෙවින්ම මේ ගමන සඳහා හිත පෙළඹවූයේ වෙනකක් නිසා නොව වාහනයේ රවුම් ගැසීමට හැකිය යන හැඟීම නිසාය . කුඩා කල පටන්ම වාහන සම්භන්ධව නාරදට ඇත්තේ ඉමහත්වූ ආශාවකි . කඩයකට වැද එහෙන් මෙහෙන් බනිස් ගෙඩියක් ගිල තේකක් තොලගෑ නාරද වාහනය සර්විස් සෙන්ටර් එකෙන් ගැනීම සඳහා පොදවැස්සේම පියමැන්නේය . . .
. . . මතු සම්බන්ධයි . . .
එල එල ටොප් කෙලින්ම පොතක් ගහන්න පුළුවන්....අර බොලද නවකතා කැලේ යන්න...
ReplyDelete@ නරක සමනළයා : බොලඳද නැද්ද කියන එක තීරනය කියවන අයගේ අතේ තියෙන්නේ තරිදූ . මම තවම දන්නේ නෑ කතාව කියවන අය මොන තත්වයකින් කතාව දිහා බලනවද කියන එක. මම හිතන්නේ ඒකට තව සෑහෙන කල් යයි . නේද . . . බොහොමත්ම ස්තූතියි අදහසට . මොකද ඒ දේ මට ගොඩාක් වටිනවා . . .:)
ReplyDeleteදිගටම ලියන්න ඔබට සුබපතනවා සහෝ.........෴
ReplyDelete@ හිරු එළිය : බොහොමත්ම ස්තූතියි . . .
ReplyDeleteමේක දැක්කෙ අදනෙ දිගටම ලියපු සුශාන් අයියා... එනව කියවන්න...
ReplyDeleteකොටස් හතම කියෙවුවා.. මේක මෙගා නෙවයි ගිගා එකක් විතර දිග් වෙනව නේද... ?? ගිග නෙවෙයි ටෙරා උනත් දිගටම ලියන්න...
ReplyDelete@ පොඩි මෑන් : හ්ම්ම්ම්ම් . . ටිකක් දිගයි තමයි නේ . බොහොමත්ම ස්තූතියි මේ පැත්තට ගොඩවුණාට . හැමදාමත් කියනවා වගේ අමුනපු වචන හරි හයියක් මට . .
ReplyDelete