Followers

Showing posts with label පියාපත් ලැබී - නවකතාව. Show all posts
Showing posts with label පියාපත් ලැබී - නවකතාව. Show all posts

Monday, April 1, 2019

පියාපත් ලැබී 30


" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් .  ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට 



෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



  " හ්ම් . . . " දසනායකට ඉබේටම  සුසුමක් හෙලුණි . තම ජීවිතය අවධානමක බව ඔහුට ඉවෙන් මෙන් දැණුනි . ටික වෙලාවකින් ඩොක්ටර් වික්‍රමසිංහ දොර ඇරගෙන කාමරය තුළට පිවිසියේය .

" ආ . . මිස්ටර් දසනායකව බලන්න කට්ටියම ඇවිත් ඉන්නේ . "

ඩොක්ටර් වික්‍රමසිංහ සැවොම සමගම සිනාසුනේය . ඉන්පසු නලාව ගෙන දසනායකව පරික්ශා කළේය . ඇදේ පසෙක කුඩා මේසය මත තිබූ ෆයිල් එකක් ගෙන එහි කිසිවක් සටහන් කොට පසෙක තැබුවේය .

" කොහොමද ඩොක්ටර් තාත්තාට  "   පාරමි විමසුවාය.

" දැo නo බයවෙන්න දෙයක් නෑ. නෝමල් . ඒත් මිස්ටර් දසනායක හොදට පරිස්සම් වෙන්න වෙනවා. කෑමෙන් බීමෙන් පරිස්සම් වෙනවා වගේම මනස වෙහෙස වන ක්‍රියාකාරකම් වලින් ගොඩක් දුරට ඈත්වෙනවා නම් හොදයි. දැන් ඉතින් දුවත් හොදතැනකට දීලා මිස්ටර් දසනායකට බණක් භාවනාවක් කරගෙන ඉන්නයි තියෙන්නේ. "

 දසනායක ඩොක්ටර් වික්‍රමසිංහ සමග සිනාසුනේය. 

" තැන්ක් යූ ඩොක්ටර් . අපි ගොඩක් බයවෙලා හිටියේ. ඩොක්ටර් තාත්තට ස්පෙශල් ට්‍රීට්මන්ට්ස් මොනවාහරි ගන්න ඕනද . අපිට එයාව තවකොහෙටවත් පෙන්නන්න ඕනද " පාරමි විමසුවාය .

" ඉoග්‍රිසි බේත් වලින් කරන්න පුලුවන් හැමදේම අපි කරලා තියෙන්නේ. ඔයාලා කැමතිනම් තව එක තැනකට ගිහින් බැලුවට කමක් නෑ කියලා මම හිතනවා . මම මේ කියන්නේ සාමාන්‍ය පේශන් කෙනෙකුට නොකියන දෙයක්. මිස්ටර් දසනායක මට පේශන් කෙනෙකුට වඩා ෆ්‍රෙන්ඩ් කෙනෙක් . "
 ඩොක්ටර් වික්‍රමසිංහ දසනායකගේ අතින් අල්ලාගෙන සිනාසුනේය . මගේ වයිෆ් ටත් තිබුණා ලෙඩක් . එයාව මම දන්න හොදම වෛද්‍යවරුන්ට පෙන්නුවා . ලoකාවේ විතරක් නෙවෙයි , ඉන්දියාවෙත් . ඒත් ගුණයක් පෙනුනේ නෑ . පස්සේ මගේ යාළුවෙක් කියලා මම එයාව එක්කගෙන ගියා වෙදමහත්තයෙක් ලගට එයා ඉන්නේනම් ටිකක් කොළඹට  දුරින්. අනුරාධපුරයේ පුජා නගරය කිට්ටුව . මම එයාගේ ඇඩ්‍රස් එක දෙන්නම් ගිහින් බලන්නකෝ .

" ඩොක්ටර් ඒ වෙදමහත්තයාගේ නම මොකක්ද ? " නාරද කල්පනාකරමින් සිට ඇසුවේය.

" මට මතක විදියට හීනටිගල වෙදමහත්තයා කිව්වාම ඒ පැත්තේ හැමොම දන්නවා. " 

" නාරද දන්නවද. " දසනායක නාරද දෙස බලා විමසුවේය.

" ඔවු අහලා තියෙනවා. ඒ පැත්තේ ගොඩක් ප්‍රසිද්දයි . අපේ ගමට ගම් දෙකක් විතර එහායින් තමයි ඉන්නේ "

" ආ නාරද ඒ පැත්තේද ? එහෙනම් ඉතින් වැඩේ තවත් ලේසි වෙයිනෙ . නේද " ඩොක්ටර් වික්‍රමසිංහ නාරද දෙසත් දසනායක දෙසත් බැලුවේය. පාරමිද නාරද දෙස බැලුවාය .

" මිස්ටර් දසනායකට අද හවස් වෙද්දි ගෙදර යන්න පුළුවන් .  තව චෙකප්ස් ටිකක් තියෙනවා . ඒ ටික කරගෙනම යන්න මෙහෙන් එකපාර. රිපෝට්ස් ටික අරගෙන ගියාම ලේසියි. " 

" තෑන්ක් යූ ඩොක්ටර් . " දසනායක පැවසුවේය.

" එහෙනම් මම හවස මම එන්නම් මිස්ටර් දසනායක . " ඩොක්ටර් වික්‍රමසිංහ සැවොමගෙන් සමුගත්තේය .

" අපි මොකද තාත්තා කරන්නේ." දසනායක දෙස බලාසිටි පාරමි ඇසුවාය.

" දැo ඉතිo මට හොදයිනේ දූ . . . "

" නෑ තාත්තා නෑ. මට බයයි තාත්තා ගැන . අපි අර වෙදමහත්‍තයා හම්බවෙන්න යමු. " පාරමි තිරණාත්මක හඩින් කීවාය. දසනායක පාරමි දෙසත් නාරද දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේය. මෙතන රැදී සිටීම තමන්ට සුදුසු නැතැයි නාරද සිතුවේය. ඔහු සෙමෙන් එළියට යාමට දොර විවරකරන්න හදත්ම දසනායක නාරදට කතාකලේය.

" නාරද . පුතා ඔය කියන වෙදමහත්තයා ගැන පොඩ්ඩක් අපි හොයලා බලමු නේද ? පුලුවන්ද නාරද . "

" හරි සර් මම බලන්නම්. අපේ මල්ලිට කිව්වාම  විස්තර හොයාගන්න බැරිවෙන එකක් නෑ." නාරද පැවසුවේය.

" නාරද එළියට යන්න හැදුවේය. තමාට තවත් මෙතැන කාමරය තුළ රැදී සිටීමට අපහසුවක් දැණුනි. පවුලේ කතා බහකට සම්බන්ධ වීමට තරම් තමා සුදුසු නැතැයි හැගුනි.

" නාරද , කොහෙද එළියට ද යන්න හැදුවේ . " දසනායක නාරද දෙස බලා ඇසුවේය .

" ඔවු සර් . මම එළියෙන් ඉන්නම් . පාරමී මිස් යන වෙලාවට කතා කරන්න . " නාරද දසනායක දෙසත් පාරමී දෙසත් බලමින් කීවේය .

" නෑ නෑ මෙහෙන් ඉදගන්න . මේරි අම්මේ ඔය ගන්නකෝ මේ මහත්තයට බොන්න දෙයක් . ඔය ෆ්‍රිජ් එකේ බලන්න . "

මෙතෙක් වේලා පසෙකට වී උන් මේරි අම්මා සැමටම බොන්න බීම පිළියෙල කළාය . නාරදටත් පාරමීටත්  බීම පිළිගැන්වූ මේරි අම්මා දසනායකට සුප් කෝප්පයක් පිළිගැන්වීය .

" මටත් හරි පිපාසයි මේරි අම්මේ . මටත් ඔය බීම ටිකක්ම දෙන්නකෝ ."

" නෑ . . නෑ . . ලොකුමහත්තයට ඕවා හොද නෑ . ලොකු මහත්තයා සුප් එක බොන්න . " මේරි අම්මා එසේ කියා පසෙකට වූවාය .

" මේක මළ කෙළියක් නේ . හා .. හා . . " 

දසනායක සුප් කෝප්පය අතට ගෙන පානය කළේය .

නාරදත් පාරමීත් සිනාමුසු මුහුණින් මෙදෙස බලා සිටියා හැර කිසිවක් කීමට නොගියෝය . සෙමින් සෙමින් සුප් කෝප්පය පානය කළ දසනායක බාත් රූම් එකටගොස් ඇගපත සෝදාගත්තේය .

" දැං පුතාලා ගෙදර යන්න . හවසට ඩිශ්චාර්ජ් කරනවනේ දූ . " දසනායක පාරමී දෙස බලා කීවේය .

" තාත්ති පරිස්සමින් හොදේ . . " පාරමී දසනායකගේ ඇගට බරවෙමින් කීවේය .

" හරි මගේ රත්තරනේ . මේ නාරදට පුලුවන්ද හවසට මාව ගන්න එන්න . " දසනායක පාරමීව තුරුලේම තබාගෙන ඇසුවේය . පාරමී ද නාරද දෙසම බලා සිටියාය .

" හරි සර් . මම එන්නම් . " 

" එහෙනම් දූ නාරදට කියලා ගෙදරට බස්සවගන්න . කෝ මේරි අම්මා , ගිහින් එන්න එහෙනම් . . " දසනායක සැවොම දෙස බලා කීවේය .

" ලොකු මහත්තයට රත්නත්තරේ පිහිටයි . " මේරි අම්මා කීවාය .

" අපි ගිහින් එන්නම් තාත්තී . . මම දවල් එන්නම් ."

" ඕන නෑ රත්තරනේ . මම හවස එනවනේ . දවල්ට එන්න ඕන නෑ . හොදද . පුතා ගෙදර ඉන්න . " පාරමී දසනායකට එකගවුණාය . සැවොම පිටවණු බලා සිටි දසනායක නාරදට කතා කළේය .

" නාරද එහෙනම් පරිසමට ගිහින් එන්න . මගේ කෙල්ලව පරිස්සමින් එක්ක යන්න නාරද . ඒ මගේ පන . " දසනායක නාරදගේ අතින් අල්ලාගෙන කීවේය .

" ගිහින් එන්නම් සර් . " නාරදගේ මුවින් වචන පිට නොවන තරම්ය .

" හොදයි නාරද . " දසනායක නාරදට සමුදුන්නේය .

හ්ම් .. දැං ඉතිං පාලුවේ ඉන්න එපෑ උඩ බලාගෙන . දසනායකට සිතුනි . ඔහුට රූපවාහිනිය නැරඹීම ප්‍රිය නොවූවේය . 

" සර් . . . " එකවරම නාරද දුවගෙන ආවේය .

" මට දෙන්න අමතක වුණා . සර්ට මම පත්තරෙයි මැගසීන් එකකුයි ගෙනාවා . ගිහින් එන්නම් සර් . "

පත්තරයත් මැගසීනයත් දසනායක අතේ තැබූ නාරද යළිත් පෙරලා දුව ගියේය .

නාරද අමුතු කොල්ලෙක් . හැමදේම ගොඩක් වෙලාවට දැනේන , තේරුම්ගන්න නාරදට පුළුවන් . .  දසනායක නාරද ගැන සිතුවේය . ඔහුටත් නොදැනී ඔහුගේ මුවට සිනාවක් නැගුනි . ඒ මන්ද යන්න ඔහු නොදත්තේය .


. . . මතු සම්බන්ධයි . . .


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

Sunday, March 31, 2019

පියාපත් ලැබී 29

" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් .  ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට 



෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


. . . ව්සිනමවෙනි කොටස . . .



පාරමී තේකත් රැගෙන නාරදගේ කාමරය දෙසට ගියාය . එකවර කාමරයට පිවිසිය නොහැක . කෝකටත් තට්ටුකරලා යනවා . පාරමී දෙවරක් දොරට තට්ටු කළාය . කෝ සද්දයක් නෑ නේ . ඉන්පසු දොර සෙමෙන් විවර කර කාමරය තුළට ගියාය . දෙ යි ය නේ . . පවු , තාම හොදටම නිදි . පාරමී නාරද දෙස බලා සිටියාය . ඔහු තමා දුන් සරම ඇද උඩට මුකුත් නැතිව නිදා සිටියි .

පාරමීගේ සිතට මහත් ආදරයක් , ලෝබකමක් දැණුනි . ඒත් තමාට එවන් සතුටකට හිමිකම් කීමට තවමත් වරම් ලැබී නැත . ඕ සිතුවාය . නාරද අනෙක් පැත්තට පෙරලෙත්දී නාරදගේ  හිස අසල තිබී ෆෝන් එක බිමට වැටෙන්න ගියේය . පාරමී සැනෙකින් එය වැටෙන්න නොදී තම අතට ගත්තාය .

' දෙයියනේ ' මේ මම නේද . සෙටි එකේ නිදාසිටින ඉරියවුවෙන් ඡායාරූපයක් තිරය මත සටහන්ව ඇත .  අනේ ඇගිල්ලත් උරනවා . පාරමීට ලැජ්ජාවක් දැණුනි . මෙයා මේ ෆොටෝ එක තියාගෙන මොනවද අප්පා කරන්නේ . ස් ස් ස් . .  ඇගත් ඇරිලා . දුහුල් නයිට් ඩ්‍ර්ස් එකට ලාවට සේරම පේනවා . පාරමී ෆොටෝ එක මත ඩිලීට් බටන් එක එබුවාය . ඒත් ඇයි මම එහෙම කරන්නේ . පාරමී ඩිලීට් කන්ෆර්ම් නොකර කල්පනා කළාය . ඇය යලිත් ඒ පින්තූරය එලෙසටම තිබෙන්න හරින්න සිතුවාය . යලිත් එදෙස බැලූ පාරමී සෙමෙන් ෆෝන් එක ඇදේ පසෙකින් තැබුවාය .

" නාරද . .  නාරද . . " පාරමී සෙමෙන් ඔහුට කතා කළාය . දෑස් හැර බැලූ නාරදට තමන් ඉන්නේ කොහේදැයි එකවර සිතාගනු නොහැකිව වටපිට බැලුවේය . දෑස් පොඩි කළේය .

" තේ බොන්න . . පාරමී හිනැහුනාය .

නාරද යමක් මතක් වී තම දුරකතනය කොහේදැයි විපරම් කළේය් .
" ෆෝන් එක වැටෙන්න ගියා . මම එහා පැත්තෙන් තිබ්බා . නාරදට දෙලෝ රත්විය . ෆොටෝ එක දැක්කාවත්ද . නමුත් ඒ බවක් පෙනෙන්නට නැත . නාරද ද කිසිදු වෙනසක් නොපෙන්වීමට වගබලාගත්තේය . නාරද තේක බී අවසන් වනතුරු පාරමී ලගට වී සිටියාය .

" මේ තේ ඔක්කොම බොන්න ඕනද ? " නාරද පාරමී දෙස බලා විමසුවේය .

" ඇයි . . රස නැත්ද . "

" නෑ රසයි . . . වැඩියි . මෙච්චර බොන්න බෑ . "

" බීලා ඉතුරුකරන්න . " පාරමී නාරද දෙස බලා කීවාය .

නාරද  උඩට කිසිවක් ඇද නොසිටි නිසාවෙන් සිතට අපහසුවක් දණුනි . ඔහු තේකෙන් තුන්කාලක් පමණ බී ඉතිරිය පාරමී අත තැබුවේය .

" තෑන්ක් යූ . . " කෝප්පය අතට ගත් පාරමී කාමරයෙන් එළියට ගියාය .

තේක ගෙනාවට මමනේ තෑන්ක්ස් කරන්න ඕන . ඒත් මෙයානේ තෑන්ක්ස් කළේ . නාරද සිතුවේය .

මේරි අම්මා පෙනෙන්නට නැත . පාරමී කෝප්පයේ ඉතිරි තේ ටික සෙමින් තොලගෑවාය . පාරමීට සිහින් සිනාවක් නැගුනි . සිත සීතලවීගෙන යයි . පාරමී කිචන් එකට ගියාය .

" මොකද පුංචි බේබි කෝප්පයත් අතේ තියාගෙන කල්පනා කරන්නේ . "

" මුකුත් නෑ මේරි අම්මේ . "  පාරමී කෝප්පය සෝදා සෙමින් සාලය දෙසට පියමැන්නාය .

තව ඩිංගෙන් අතේ මාට්ටු . පාරමී සිතූ මුත් මේරි අම්මා සියල්ල බලා සිටි බවක් ඕ නොදත්තාය .

ඉක්මනින් ලෑස්ති වී තුන් දෙනාම රෝහල වෙත ගියෝය . ඔවුන් දසනායකගේ කාමරයට ඇතුලු වන විට ඔහු නින්දේ පසුවුණි

" උදේ නැගිට්ටා . මිස්වත් ඇහුවා . බේත් දුන්නාම ආයෙමත් නිදාගත්තා . තව ටිකකින් නැගිටියි . "  නර්ස් කෙනෙක් ඔවුනට පැවසුවාය  .

තවත් පැය කාලක් පමණ ඔහු නින්දේ පසුවන්නට ඇත . ඔහු අවදි වී වටපිට බැලුවේය . පාරමීත් නාරදත් තමන් දෙස බලා උන්නේය . මේරි අම්මාද  පසෙකට වී උන්නාය .

" තාත්තේ . කොහොමද දැං  . . " පාරමී හිස අතගාමින් විමසුවාය .

" දැං හොදයි දූ . . . " දසනායක දියනියගේ කදුළු පුරෝගත් දෑස් දෙස බලමින් පැවසුවේය .

" අපි ගොඩාක් බයවුණා . තාත්තිට මොකද වුණේ . . "
" මට මොකද වුණේ කියල එච්චර දැණුනේ නෑ දූ . . . " දසනායක නාරද දෙස බලමින් කීවේය .
" දැං ඕවා ගැන නොහිතා ටිකක් රෙස්ට් කරන්න සර් . . . සේරම හරි යයි . "
                               

. . . මතු සම්බන්ධයි . . .


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

පියාපත් ලැබී 28



" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් .  ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට 



෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


. . . විසිඅටවෙනි කොටස . . .



" නාරදට නිදිමත ඇති නේද . . නාරද නිදාගන්න . මට උඩ ඉන්න බයයි . මම සෙටි එකෙන් ඉන්නම් . "  පාරමී සාලය දෙසට යන්න හැරුනාය .

" ඉන්න මමත් එන්නම් . ඔයාට නින්ද යනකන් ඉන්නම් . "

පාරමී සෙටි එකේ ඇලවුණාය . නාරද එයට පසෙක වූ පුටුවකට බරවුනේය .

" මම නිසා ඔයාට වදේ නේද . . "

" අනේ නෑ . මම උස්සගෙන ඉන්න එකක්‍ යැ ." නාරද සිනාසෙමින් කීවේය . පාරමීද පෙරලා සිනාසුනාය .

" නින්ද ගියාට පස්සේ මාව උස්සගෙන යන්නේ එහෙම නෑ ." පාරමී කීවාය .

ඒ ඇස් ඔවුනොවුන් හා වෙලී සිටියහ . දෙදෙනාගේම දෙනෙත් දොඩමලු වුවත් ඔවුන් දෙදෙනාම මුවින් ගොලුව උන්නෝය . රැය තවතවත් දිගුවන්නට ඇත . ලගට ගොස් තුරුලු කරගන්න නාරදගේ සිත අපමණ හඩගෑ මුත් ඔහු සිතට විලංගුලෑවේය .

" හ්ම් . . . " පාරමීගේ මුවින් දිගු සුසුමක් පිටවුණි .

" ඇයි මේ . . . " නාරද පාරමී දෙස නෙත් තබාගෙනම ඇසුවේය .

" මුකුත් නෑ . . ඔයා ගිහින් නිදාගන්න නාරද . ඔයා පවු . නිදිමරන්න එපා . මම නිදියන්නම් .

නාරද හිනැහුනා මිස පිළිතුරක් දීමට නොගියේය . කොට්ටය අතට ගත් පාරමී එය තම හිසට සෙමෙන් යටකළාය . තප්පරෙන් තප්පරය ඇගේ නෙතු අඩවන්වන හැටි නාරදට පෙනුනි . රෑ ඇදුමට ඈ වඩාත් පියකරුව විකසිතව සිටියාය . පාරමීව නාරදගේ සිත් හී නොමැකෙනා අයුරින් සටහන්වීමට ගතවූයේ නිමේශයකි . කවදාකහරි මගේම වෙනවානම් . නාරද තම සිතට ආයේ ආයේ කීවේය . ඇය තම නෙත් පාමුල සිටියේ කිරිගරුඩෙන් නෙලූ කිරිල්ලියක් ලෙසිනි .

ඇය තද නින්දකට වැටෙන්නට ඇත . කොට්ටය පසෙකට වැටුනි . සෙමෙන් සෙමෙන් ඇගේ දකුණු අතේ මහපට ඇගිල්ල මුව තුළ රැදවුණි . නාරදට ශනිකව නැගුණු සිතුවිල්ලකට ශබ්ද නොනැගෙන්න නැගිට කාමරය වෙත ගියේය . ඔහු යලි පුටුව වෙත පැමිණියේ තම ජංගම දුරකතනයත් අතැතිවයි . ඔහු දෙවරක් නොසිතාම පාරමීව ඡායාරූපයක සටහන් කොට ගත්තේය . නාරද එදෙස සිනාමුසු මුහුණින් බලාසිටියේය . මේක මට තෑග්ගක් . නාරදට යලිත් සිනා නැගුනි . මට හිතෙනවා සමහරවිට මෙහෙම එකක් ඔයාගේ වෙන කාලගවත් නැතුව ඇති . නාරදගේ සිතට ජයග්‍රහණයේ සුවයක් දැණුනි .


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



ඔෆිස් රූම් එකට හැරෙනවාත් සමගම නිලංකාරවී යනු මතකය . ඉන්පසු කිසිවක් මතකයේ නැත . සමහරවිට කලන්තයක් හැදෙන්න ඇති . දසනායකට සිතුණේය . ටික වෙලාවකින් නර්ස් කෙනෙක් කාමරයට ඇතුළු වුණාය .

" ගුඩ් මෝනිං මිස්ටර් දසනායක . දැං කොහොමද ?"

දසනායක සිනාසෙන්න වෙරදැරුවේය . නර්ස් ඇද අසල තිබූ ෆයිල් එකක මොනවදෝ යමක් ලිවීය .

" මට මොකද නර්ස් වුණේ . "

" ආ . . මිස්ටර් දසනායකට පොඩි කලන්තයක් වගේ ඇවිත් . ඊයේ රෑ ඇඩ්මිට් කළා . දැං නෝමල් . බයවෙන්න දෙයක් නෑ . හොඳද . . "

" දුව . . "

" ආ දුවයි දුවගේ මහත්තයයි ගොඩාක් රෑ වෙනකන් හිටියා . පස්සේ ඩොක්ටර් යන්න කිව්වට පස්සේ තමයි ගියේ . සමහරවිට දැන් එනවත් ඇති . මිස්ටර් දසනායක ටිකක් රෙස්ට් කරන්නකෝ ." ඇය සිනාමුසුව කීවාය .

දුවයි මහත්තයයි . දසනායක කල්පනා කළේය . සමහරවිට නාරද ගැන වෙන්න ඕන ඔය කියන්න ඇත්තේ .

" මාව කොහොමද නර්ස් මෙහෙට ගෙනාවේ . " දසනායක සිදුවූ දෙය වටහා ගැනීමට උත්සාහයක් ගත්තේය .

" මිස්ටර් දසනායකට මුකුත්ම මතක නැත්ද . දුවගේ හස්බන්ඩ් තමයි උස්සගෙන ආවේ . දැං සර් ටිකක් ටෙස්ට් කරන්න . ඕවා ගැන හිතන්න එපා . තව ටිකකින් ගෙදර අය ඒවි නේ . එතකොට දැනගන්න බැරියැ . "

නර්ස් බේත් පෙත්තකුත් පෙති බාගයකුත් දසනායකට බොන්න දී යලිත් ෆයිල් එකේ කිසිවක් සටහන් කොට දසනායක සමග සිනාසී කාමරයෙන් පිටවුණාය .

හ්ම් . . නාරද තමයි මාව උස්සගෙන එන්න ඇත්තේ . මගේ කෙල්ලට මොනවා හිතෙන්න ඇත්ද . පවු දෙයියනේ . සමහරවිට හොදටම අඩන්න ඇති . දසනායක කෙමෙන් කෙමෙන් යලි නින්දකට වැටුණේය .


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



පාරමී සාලයේ ඔරලොසුවේ හයේ කනිසම වැදෙන හඩින් අවදිවූවාය . මේරි අම්මා තේ හදනවා විය යුතුය . පාරමී සෙටි එකෙන් නැගිට කිචන් එක දෙසට ඇවිද ගියාය .

" ආ පුංචි බේබි නැගිට්ටද . .  මම මේ උදේම ලොකු මහත්තයාව බලන්න යනවාය කියපු නිසා සුප් එකක් ටක්ගාල හදන්න ලෑස්ති වුණේ . "

" හ්ම් . ඒක හොදයි මේරි අම්මේ . දෙන්න හොද නම් ඩොක්ටර්ගෙන් අහලා දෙන්න පුළුවන්නේ . අපි කෝකටත් හදාගෙන යමු . "

" ඉන්න මම පුංචි බේබිටයි අර මහත්තයටයි තේ හදලා ඉන්නම් ."  මේරි අම්මා තේ හදන්න සූදානම් වුණාය .

" එපා මේරි අම්මේ . මම හදන්නම් . මේරි අම්මා තාත්තිගේ සුප් එක හදන්න . නැත්නම් පරක්කුවෙයි . " පාරමී කේතලයට වතුර පුරවන ගමන් කීවාය .

" පුංචි බේබිට තේ හදන්න හැකිද . අර මහත්තයටත් දෙන්න එපෑ බේබි . මම හදන්නම් . " පාරමීගේ තේ හැදිල්ල කෙසේවේදැයි සිතමින් මේරි කේතලය ගැනීමට සැරසුනාය .

" නෑ නෑ . . මම හදන්නම් . මේරි අම්මා ඉන්නකෝ . "

" අනේ මන්දා . . " මේරිගේ මුවගට සිනාවක් නැගුනි .

" ඇයි මේරි අම්මා හිනාවෙන්නේ . " පාරමී නෝක්කාඩු ස්වරයෙන් ඇසුවාය .

" නෑ බේබි . එහෙම නෑ . "

" මට තේ හදන්න පුළුවන් . බලන්නකෝ මම මේරි අම්මටත් එක්ක හදන්නම් . "

" දෙයියනේ මට එපා බේබි . බේබිට කියලා මට පුලුවනෑ තේ හදාගන්න . බේබිලා බොන්න . මම පස්සේ බොන්නම් . "

" නෑ නෑ . ඔයා පඩියා නොවී ඉන්නකෝ . මේරි අම්මා හැමදාම අපිට හදලා දෙන්නේ . ඉතින් අද මගේ තේක බීලා බලන්නකෝ . "

පාරමී අඩුම කුඩුම ගෙන තේ පිළියෙල කරන ආකාර මේරි හොරැහින් බලා සිටියාය . හැබැයි රට ඉන්නකොට තේ හදාගෙන බීලා පුරුදු ඇති මයේ හිතේ . ඈ සිතුවාය .

ජොග්ගුවට තේ සෑදූ පාරමී මේරි අම්මාගේ කෝප්පයටත් පාරමීගේ ලොකු කෝප්පයටත් තේ වක්කලාය .

" ඔන්න මේරි අම්මා බීලා බලන්නකෝ කොහොමද කියලා . " පාරමී තේක අත තබන ගමන් කීවාය .

" එතකොට බේබි අර මහත්තයට . "

" මේ තියෙන්නේ . " පාරමී තම කෝප්පය පෙන්නන ගමන් කීවාය .

" එතකොට බේබිට ."

" මං පස්සේ බොනවා මේරි අම්මේ . දැම්ම බොන්න බෑ . "

පාරමී තේ පිරුණු තම කෝප්පය රැගෙන සාලය දෙසට පියමැන්නාය .

මේ දරුවා කරන වැඩේ හරිද අම්මපා . මොනවා වුණත් පිට මනුස්සයෙක්නෙවැ . ඔහොම තේකක් දෙන එක හරිද .පීරිසි කෝප්පෙක එපෑ දෙන්න . අනේ මන්දා . බේබි එයාගේ කෝප්පෙට තේ දාගෙන ගියේ . මේ කෙල්ල හිතේ මොනවාහරි හංගගෙන ඉන්න පාටයි . මේරිගේ මුවට සිහින් සිනාවක් නැගුනි .




. . . මතු සම්බන්ධයි . . .


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

Wednesday, March 27, 2019

පියාපත් ලැබී . . . 27


" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් .  ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට 



෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


. . . විසිහත්වැනි කොටස . . .


" හරිම මහන්සියි මේරි අම්මේ . තාත්තා පවු . " පාරමී කල්පනා කරමින් කීවාය .

" බයවෙන්න එපා පුංචි බේබි . ලොකු මහත්තයාට රත්නත්තරේ පිහිටෙනුත් ජේසු පිහිටෙනුත් ඉක්මනින් හොද වෙනවා ." මේරි අම්මා කීවාය .

ඇය උපතින් කිතුණු බක්තිකයෙකු වුවත් බුදුදහම ද එකසේ අදහනුලබයි . 'කොයි දහමත් එකයි , අදහන ක්‍රමේ තමයි වෙනස් ඇය සැමවිටම කියයි . කාලයත් එක්ක මිනිස්සු එක එක කෝලං ක්‍රම හදාගත්තට කිසිම ආගමක වැරදි කරන්න්ඩ අනුබල දීලා නෑනොවැ . ඒ ඇයගේ ඇදහිල්ලයි .

" මම වොශ් එකක් දාගෙන එන්නම් " පාරමී නාන කාමරයට රිංගුවාය .

මේරි අම්මා ඇදේ රෙද්ද සකස්කර ඇද ගැසුවාය . වතුර ජෝගුවට වතුර පුරවා තැබූ ඇය නිදාගැනීමට පහලට ගියාය .

මේ එදා පොඩි බේබිව උස්සගෙන ඇවිත් ඇදෙන් තියපු මහත්තයා නේද . ඉලන්දාරියා නම් බොහොම හොඳ පාටයි . අපේ බේබිට කැපෙන හාදයා . හරියට දෙන්න එකට ඉන්නකොට අපේ බේබි කිරිල්ලියක් වගේ . කොල්ලගේ මූණ නම් අහිංසක පාටයි . ඒ වුණාට අමුතු තේජසක් තියෙනවා . අපේ බේබිට ඒ වගේ කෙනෙක් තමයි හරියන්නේ . දෙන්නා ගැලපෙනවා . අපේ බේබිටත් හිතට අල්ලලා වගේ . ඒත් ඉතිං ඕවා හරියාවිද කියලා දෙයියෝ තමයි දන්නේ . ලොකු මහත්තයා මොනවා කියයිද කවුද දන්නේ . හැබැයි අපේ බේබි කැමති නම් මම බේබිගේ පැත්තේ . පවු අම්මත් නැතිව හැදිච්ච කෙල්ල . ලොකු මහත්තයත් පවු . ඉක්මනට සනීපවෙන්න ලොකු මහත්තයා . මේරි අම්මා එසේ සිතමින් නින්දට ගියාය .

වෙලාව රාත්‍රි 12 පසුවී විනාඩි 20කි . නින්ද පේන මානයක නැත . නාරදට ගෙදර අය සිහිවුණි . ඔවුන් මෙවෙලේ සුවසේ නිදනු ඇත . තාත්තාගේ දානයේ කටයුතු සදහා මේ සති අන්තයේ වත් ගෙදර යායුතුය . හදිසියේම මේ උද්ගතවූ තත්වය නිසා සියලු කටයුතු අඩාල වී ඇත . කරදරයකට පත් මොහොතක මොවුන් අතැර යාම කිසිසේත් කළ නොහැක . තව දවස් තුන හතරක් තියෙනවනේ . නාරද සිතුවේය . පවු , පාරමී මේ වෙලාවේ ගොඩාක් දුකෙන් අඩපනවෙලා ඉන්නේ . මම දන්නවා ඔයා මං ගැන හිතනවා කියලා . ඒත් ඔයාගේ තාත්තා . . අපිට කවදාවත් කැමති වෙන එකක් නෑ . අනික මගේ ගෙදර මිනිස්සුන්ව පාරට ඇදලා දාන්න පුලුවන් කමක් නෑ . මොකද ඒ අය ජීවත් කරවන්නේ මම . එයාලගේ හැමදේමත් මම . මටත් ඔයාව ඕන . මගේ හිතත් ඔයාව ඉල්ලලා පොරබදිනවා . ඒත් එහෙම කලොත් මම මගේ ගුරාට කෙනෙහිලිකමක් කළා වගේ නේද . මාව මේ තත්වෙට ගෙනාපු කෙනාට එහෙම කරන්න මට බෑ මිස් . මම මොකද්ද ගන්න තීරනේ . මට ඇත්තටම තේරුම්ගන්න බෑ . අපිට තියෙන එකම විසදුම අපේ ජීවිත කොහොමද ලියවෙන්නේ කියලා කාලයට ඉඩදීලා බලාන ඉන්න එක විතරයි . මටත් ආසයි ඔයාව ලගට අරන් ඉඹින්න . ඔයාව හයියෙන් තද කරන් ආදරෙයි කියන්න . ඒත් මම අසරණයි . අපි කාලයට ඉඩ දෙමු . නාරද සිතුවේය .

කොයිපැත්‍තකට හැරුනත් නින්ද පේන මානයක නැත . සමහරවිට පාරමී නම් ඇගිල්ලත් කටේ ගහගෙන නිදි ඇති . නාරදට සිනාවක් නැගුනි . තමන් පෙරදා පාරමීව තුරුල්කරගෙන ඔසවාගෙන ආ හැටි සිහිවුණි . පාරමී ලගින් හිත හිරිවැටෙන සුවදක් එන්නේ . දැනුත් හරියට නිකන් ලග ඉන්නවා වගෙයි දැනෙන්නේ .

"හ්ම් . . සුවදයි . . . . "  නාරදට කියවුණි .

" මොනවද . . . ? "

පාරමී නාරද ලගට විත් සිටියාය . උලුවස්සට හේත්තුවී සිටින පාරමී දෙස බැලූ නාරද උඩ විසිවුණි .

" මම නාරද නිදිද බලන්න ආවේ . මොනවද නාරද සුවද . .. " පාරමී බිම බලාගෙන හිනැහුනාය .

" මුකුත් නෑ ." නාරද බිම බලාගෙන පිළිතුරු දුන්නේය .

" එහෙනං සුවද නැද්ද . " පාරමී පෙරලා යලි ඇසුවාය .

" නෑ . . සුවදයි . " නාරදට සිහින් සිනාවක් නැගුනි .

" මොනවද . . ? " ඇය යලිත් නාරදගෙන් ඇසුවෙ හිනැහෙමිනි .

නාරද කිසිවක් නොකීවේය . පාරමී නාරද දෙස විමසිල්ලෙන් බැලුවාය . නමුත් ඈ පිළිතුරක් පෙරලා නාරදගෙන් බලාපොරොත්තු නොවූවාය .

" මම දන්නවා . . " ඈ සෙමින් කෙදිරුවාය .

" නිදියන්නේ නැත්ද . දැං ගොඩාක් රෑ වෙලා ." නාරද පාරමී දෙස බලා ඇසුවේය .

" නින්ද එන්නේ නෑ . " පාරමී මුහුණ බෙරිකරගෙන නාරදගේ ඇස් පතුලට එබී මිමිණුවාය .


. . . මතු සම්බන්ධයි . . .


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

Saturday, January 21, 2017

පියාපත් ලැබී . . . 26


" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් .  ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට 


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


. . . විසිහයවෙනි කොටස . . .

" අපි යමු නේද ? මේරි අම්මා බයවෙලත් ඇති. " නාරද කිව්වේය.

" මේරි අම්මා නෙමේ මෙයා බයවෙලා වගේ ඔක්කෝටම වැඩිය. " පාරමී සිතුවා මිස නොකීවාය.

" යමු . . . ඒත් ඔහොමද නිදාගන්න හදන්නේ. "

" හෙට උදේ යන්නත් බලාගෙන ඇඳගත්තේ තව පැය කීයද තියෙන්නේ. මෙහෙම යමු. " නාරද කීවේය.

" හ්ම් . . . "

නාරද ඇනෙක්ස් එකේ ලයිට් සියල්ල නිව්වේය. ඉන් පසු දොර ලොක්කර වාහනයට නැග්ගේය. කාරියවසම් පෙනෙන්නට නැත. යලි කතාවට හසුවුනොතින් ගැලවීමක් නැතිවෙයි. නාරද ඉක්මනින් වාහනය එළියට ගත්තේය.

" තාත්තට දැන් මොකද දන්නේ නෑ නේද නාරද ? "

දැන් හොඳට නිදි ඇති. ඩොක්ටර් කිව්වනේ නින්ද යන්න බේත් දෙනවා කියලා. "

" මට තාත්තා ගැන පවු කියලා හිතෙනවා නාරද. එයා මම වෙනුවෙන් තමයි එයාගේ හැමදේම කැපකළේ. අම්මා නැතිවුණ දා ඉදලා මට එයා අම්මයි තාත්තයි දෙන්නම වුණා. කවදාවත් මට බැනලා නෑ. මම ඉල්ලපු හැමදේම මට දුන්නා. දැන් මට ඕන තාත්තා සතුටින් ඉන්න එක විතරයි. " පාරමී කියාගෙන ගියාය. 


" මටත් එහෙම තමයි. මගේ පවුල අන්ත අසරණ තත්වෙට ඇද වැටිලා ඉන්නකොට ඔයාගේ තාත්තා තමයි මට රස්සාව දීලා අද මේ තත්වෙට එනකන් මාව ගොඩනැගුවේ. එයා මට රස්සාව නොදුන්නනම් සමහරවිට මම කොහේ හරි කුලී රස්සාවක් කරනවා වෙන්න පුළුවං. ඔයාගේ තාත්තට මම ණය ගැතියි. ඒ වෙනුවෙන් මට එයා ඉල්ලන ඕනම කැපවිමක් කරන්න පුළුවන්. "

නාරද සියල්ල එකතුකර කීවේය. ඉන් කියවෙන සියල්ලම දෙදෙනාම තේරුම් ගත්තෝය. දැන් තමන්ට වඩා තම වගකිම්වලට වැදගත් තැනක් දියයුතුව ඇති බව දෙදෙනාම වටහාගත්තෝය.
නිවසට වාහනය පැමිනෙන විට මේරි අම්මා දොරකඩට වී හිඳගෙන උන්නාය.

" මොකද පුංචි බේබි වුනේ. කෝ ලොකු මහත්තයා " මේරි අම්මාගේ දෙනෙත් කඳුලින් බොඳවි තිබුනේය. ඒ අසත්ම පාරමීගේ ද නෙත් තෙත්වන්නට ඇත.

" දැන්නම් අමාරුවක් නෑ කිව්වා මේරි අම්මේ. උදේට බලන්න එන්න කිව්වා. දැං නින්දයන්න බේත් දීලලු තියෙන්නේ. " පාරමී තතු පැවසුවාය.

" දෙයියනේ කුරා කූඹියෙකුටවත් වරදක් කරන්න නොහිතන අපේ මහත්තයටම මේ දේවල් වෙන්නේ මොකද මන්දා. " මේරි අම්මා විස්සෝප වුණාය. නාරද හෙමින් සැරේ ඩ්‍රයිවින් සීට් එක නවාගත්තේය. එකවරම නාරදගේ දොර හැරුනි.

" ඇයි මේ බහින්නේ නැත්තේ. එන්න ගෙට . . " පාරමී නාරදට කතාකළාය.

" නෑ මම මෙහෙම ඉන්නම්. ඔයා ගිහින් නිදාගන්න. " පාරමී මුහුණ බේරිකරගත්තාය. 

" මාව තවත් අඬවන්නද ඕන ඔයාට. අනේ ප්ලිස් එන්න ගෙට. " නාරද ඈ දිහා බලාගෙන උන්නේය.

" ප්ලීස් . . " ඈ තවත් වරක් කීවාය.

නාරදට අවනත වනු මිස කිරිමට කිසිවක් නොතිබුණි.

" එහෙනම් මම පුටුවකට වෙලා ඉන්නම්. දැන් ගිහින් නිදාගන්නකෝ. " නාරද සුදු මුහුනෙන් ඇස් ඉවතට ගන්න ලෝබකමේ කීවේය. 

" නෑ එහෙම බෑ . . " මේරි අම්මා මේ මහත්තයට විසිටර්ස් රූම් එක ලෑස්ති කරලා දෙන්න ඉක්මනට. "

" අනේ එහෙම ඕන නෑ මේරි අම්මා. තව පැය කීයද තියෙන්නේ. මම මේ පුටුවට වෙලා ඉන්නම්. "

" ඒ වුනාට ඔහොම හිටියහැකියැ මහත්තයා. මහත්තයටත් මහන්සි නැතෑ. "

" මේරි අම්මා මම කියන දේ අහන්නකෝ. ගිහින් හදන්න. " පාරමී එසේ කියාගෙන උඩට තරප්පු පෙල දීගේ දිවගියාය.

" අපේ පුංචි බේබිට එහායින් ලොකු මහත්තයාවත් යන්නේ නෑ. " මේරි අම්මා සිනාසි සාලයේ පැත්තට ගියාය. උඩට ගිය පාරමී ටික වෙලාවකින් පහලට ආවේ යමක් අතේ ඇතිවය.

" ආ . . . මේක ඇඳගෙන නිදාගන්න. මේක අලුත් එකක්. බය නැතිව අදින්න. " ඇය සිනාසෙමින් කීවාය.

" ඕන නෑ. මෙහෙම ඉන්නම්. "

" කියන දේ අහන්නකෝ ඉතින්. මේරි අම්මා . . . . මේරි අම්මා . . . හරිද . . . "

" හරි බේබි. "

" එන්න යමු . . . " පාරමී ඉස්සර වුණාය. 

එය කුඩා නැති විශාලත් නැති හුරුබුහුටි කාමරයකි. ඇතුල්වූ පසු හිතට සෞම්‍යයක් දැණුනි.

" ලස්සන කාමරයක් " නාරද කීවේය. 

" හ්ම් . . " මමත් මගේ කාමරයට පස්සේ වැඩියම ආස මේ කාමරේට. හරි සැහැල්ලුවක් දැනෙනවා. " නාරද සිනාසුනේය.

" එහෙනම් නිදාගන්න. " තුරුළුකරගෙන හුන් සරම නාරද අතට දෙමින් පාරමී කීවාය. පාරමීත් මේරි අම්මාත් කාමරයෙන් පිටවුනෝය.




. . . මතු සම්බන්ධයි . . .


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

Saturday, January 14, 2017

පියාපත් ලැබී . . . 25


" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් .  ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට 


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


. . . විසිපස්වෙනි කොටස . . .


" ඔයා තවත් මට මිස් මිස් ගානවනේ. " පාරමී දුකෙන් මෙන් නාරද දෙස බැලුවාය.

" හ්ම්. කියා සුසුමක් හෙලු නාරද නිහඬ වුනේය. ඉන් පසු දෙදෙනා අතර වැඩි කතාවක් ඇති නොවුනි.

" ඔයා කාලද ඉන්නේ. " නාරද පාරමීගෙන් ඇසුවේය.

" කන්න බෑ. එතකොට ඔයා. "

" මටත් බඩගින්නක් නෑ. "

" එහෙම කරන්නෙපා. අපි දෙන්නම මොනවාහරි කාලා යමු එහෙනම්. "

" මොනවද කන්නේ . . ? "

" අපි ආප්ප කමු . . "

නාරද කන්න පිරියක් නොතිබුනත් ඇයට එකග වූයේ පෙරදාක සිදුවූ සිදුවිම මෙනෙහි කරමිනි. පාර අසල රෑ කඩයක් ඉදිරියේ නැවත්තු නාරද පාරමී දෙස බැලුවේය.

" මෙතන ඉදගෙන කනවද. ගිහින් කනවද ? " පාරමී මදක් සිතුවාය.

" ම් . . . අපි නාරදගේ බෝඩිමට යනවා නේද ? එහෙ ගිහිං කමු . . " නාරද කිසිවක් නොකීවේය. බිත්තර ආප්ප දෙකකුත් ප්ලේන් ආප්ප පහකුත් ගත් නාරද නිකමට වාහනය දෙස බැලුවේය. පාරමී වීදුරුවට මුහුණ තබාගෙන තමන්දෙසම බලා සිටින අයුරු නාරද දුටුවේය. ආප්ප වලට මුදල් ගෙවූ නාරද යලි වාහනය වෙත ගියේය.

" ඔයා පවු නාරද. අපි හින්දා නිකන් මහන්සි වෙනවා. "

" මොන මහන්සියක්ද. මට මහන්සි නෑ. නාරද හිනැහෙමින් පැවසුවේය.

" ඔයාට ඊට පස්සේ ප්‍රශ්නයක් වෙයිද දන්නේ නෑ මන් එක්ක ගිහිං.

" ඇයි මට ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද . . ? "

" නෑ ඉතින් ඔයාගේ ගර්ල් කවුද අර කමනි දැනගත්තොත් ඔයාට බනීනේ. "

" මට ඇති ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ. " නාරද කිව්වේය. එහෙනම් මෙයා මේක තමයි මේච්චර වෙලා කල්පනා කරන්න ඇත්තේ. නාරද හිනැහුනාය.

" ඇයි හිනාවෙන්නේ. එහෙනම් අර අසිත කිව්වේ. "

" ඌට පිස්සුනේ. " නාරදට යලිත් හිනා ආවේය.

" හ්ම් එයා මාව ජෝක් එකට අරන්නේ. " පාරමී නාරදටත් රැව්වාය.

" ඇයි මොකටද ජෝක් එකට ගන්නේ. " නාරද යලිත් ඇසුවේය. 

" නෑ. නෑ. මුකුත් නෑ. " පාරමි කතාව නවතා බිම බලාගත්තාය. හ්ම් අසිතයාගේ කතාව හොඳට වැදිලා වගේ. පව්, නාරදට සිනා නැගුනි. පාරමී හොරැහෙන් නාරද දෙස බලා උන්නාය. බොරුද කොහෙද මෙයාගේ. ශූවර් එකට අර කෙල්ලත් එක්ක අෆෙයාර් එකක් ඇති. එක්කෝ ඒ කෙල්ල මෙයාගේ පස්සෙන් හරි එනවා ඇති.

" ගින්නක් නැතිව දුමක් නගින්නේ නෑනේ. " පාරමී සෙමෙන් කිව්වාය. නාරදගේ සිනහව තවත් පලල් වුණි.

" මේ එන්න එපා මාව විහිළුවට ගන්න. " පාරමී නාරද දෙස බලාගෙන කීවාය. ඒ ඇස්වල කඳුළුය. 

" සමාවෙන්න. ඇයි මේ අඬන්නේ. මම ඇත්තමයි කිව්වේ. ඒක ගැන හිතන්න එපා. බුදුන් පල්ලා මගෙ එහෙම සම්භන්ධයක් නෑ. " නාරද අවංකවම කීවේය. පාරමීගෙ සිතට ඉන් සහනයක් දණුනි.

" ඉතින් මට මොකද ? කෙල්ලෙක් හිටියයි නැතැයි කියලා මොකද අපිට වාසියක් වෙනවායෑ. " පාරමී ජනෙල් වීදුරුවෙන් එළිය බලාගෙන හොරෙන් හිනැහුනාය.

" හ්ම් . . . " නාරද කිසිවක් නොකියා ඉදිරිපස බලාගෙන වාහනය පැදවුවේය. සැරයක් දෙසැරයක් පාරමී දෙස බැලුවද ඈ ඉවත බලාගෙනම උන්නාය. මට මොකද අහක බලාගෙනම උන්නාවේ. නාරද සිතින් තමන්ටම කියාගත්තේය. කිහිපවරක් නාරද තමන් දෙස බලනු කණ්නාඩියෙන් දුටුවත් ඔහු දෙස බලන්න පාරමීගේ හිතට ධෙයිර්යයක් නොවීය. විටෙක තමන්ට පිස්සු හැදීගෙන එනවාදැයි දෙදෙනාම සිතුවෝය. තම තමන්ගේ තරාතිරම් සහා නොගැලපීම් වුනත් හොඳින් වටහාගත්තෝය. නමුත් සියල්ල කාලයට ඉඩදී බලාසිටීමට දෙදෙනාම සිතුවෝය.

    
" මිස් පාරමී , නිදාගන්න එහෙම එපා ඇඟිලි උර උර. මට අදත් උස්සගෙන තමයි යන්න වෙන්නේ. "


" එන්න එපා ඕවට. හරි නරකයි. පාරමී නාරද දෙස බලා අත එසවුවාය. " නාරද සිනාසෙමින් ඇගේ පහරින් බේරුනේය. .

" මම නිදියන්නෙ නෑ. කෝ ඔයාගේ ගෙදර තව දුරද ? " 

" නෑ දැන් ලඟයි. ඒක මගේ කිව්වට පොඩි ඇනෙක්ස් එකක්. " නාරද කිව්වේය.

පාරමී කිසිවක් නොකීවාය. නාරද ගේට්ටුව ඉදිරිපස රථය නවතා ඉන් බැස ගේට්ටුව හැරියේය. ඉන්පසු වාහනය වත්ත තුළට ගත්තේය. වාහනයේ සද්දයට නිවසේ හිමිකරු වන කාරියවසම් ඔහුගේ නිවසේ දොර හැරගෙන පැමිණියේය.

" ආ මම මේ බැලුවා කවුද කියලා. " කාරියවසම් නාරද දෙසත් වාහනය දෙසත් පාරමී දෙසත් බලමින් පැවසුවේය.

" මේ අපේ නෑදෑ කෙනෙක්. මෙයාගේ තාත්තට සනිප නැතුව ඉස්පිරිතාලේ නතරකළා. මම මේ ඇදුමක් දාගෙන යන්න ආවා. ලඟ නවතින්න. " නාරද බොරුවක් ගෙතුවේය. 

" ඒක මිසක් එතකොට මේ දැරිවි. " කාරියවසම් පාරමීගේ උඩසිට පහලටම බැලුවේය. ගෙදරට හුන් කොටකලිසම පිටින්ම පාරමී හුන් නිසාවෙන් කාරියවසම්ගේ ඇස්දෙක දහදොලිස් වතාවක්ම පාරමී වටේ රීටුවේය.

" මගේ නංගි කෙනෙක්. වොශ් රූම් යන්න ඕනේ කියලා ආවේ. දැං යනවා. " නාරද පිළිතුරු දෙමින් ඇනෙක්ස් එකේ දොර හැරියේය.

" එන්න නංගි. වැඩි සැප පහසුකම් නම් නෑ ඔයාලට වගේ. " නාරද කාරියවසම්ට ඇසෙන සේ කියාගෙන නිවස තුළට පැමිණ පාරමීවත් ඇතුලට ගෙන දොර වැසුවේය.

" ඔය මනුස්සයා හෙන චීත්තයක් ඉන්න මම ටක්ගාලා වෝශ් එකක් දාගෙන එන්නම්. " 

පාරමී කාමරයේ තිබු පුටුවක හිඳගත්තාය. නාරද තම අඩුම කුඩුම සේරම එකවර ගෙන නානකාමරයට ගියේ එකවර ඇඳගෙනම එන්න සිතාගෙනයි. කාමරය පිරිසිදුව පිළිවෙලට තබාගෙන ඇත. පාරමී කාමරයේත් කුඩා කුස්සියේත් ඇවිද බැලුවාය.

" නෝනා මහත්තයා චෙක් කරනවද . . . නාරද පසුපසින් පැමිණ ඇසුවේය.

" මම මේ වතුර ටිකක් බොන්න බැලුවේ. " පාරමී ගොත ගසමින් කීවාය.

" ඉන්න මම ගේන්නම්. ආප්පටික නිවිලද දන්නේත් නෑ. "

නාරද වතුර බෝතලයකුත් විදුරුවකුත් ආප්පත් ගෙනැවිත් මේසය මත තැබුවේය. 

" එන්න කමු. " නාරද පාරමීට කතා කලේය.


" ඔයා උයාගෙනද කන්නේ. " පාරමී කුඩා කුස්සිය දෙස බලමින් ඇසුවාය.

" ඉඳලා හිටලා නිවාඩුවක් ලැබුනොත් උයනවා. "

නාරදත් පාරමීත් දෙදෙනාම ආප්ප සියල්ලම ගිලදැමුහ. පාරමී රතුවී දාඩිය දමමින් සිටියාය.

" ඒ කියන්නේ රහට උයන්න පුළුවන් ඇති නේද ? "

" එච්චරටම බෑ. යන්තම් ගහගන්න දන්නවා . . "

නාරද ෆෑන් එක ඔන් කර පාරමී දෙසට හැරවූවේය. 

" වතුර . . . " පාරමී ඇස් උඩතියාගෙන කියුවාය.

" ඉන්න මම දාලා දෙන්නම්. " කෙහෙද ලුණූ මිරිස් ටික සේරම කෑවනේ.

" ම් . .  දැවිල්ලයි. සීනි ටිකක් . . "

නාරද සිනාසුනේය. පොඩි කෙල්ලෙක් වගේ. නාරදගේ සිතට පාරමී ගැන ආදරය වැඩියෙන් දැනෙන්න වුවේය. නමුත් ඔහු සිත පාලනය කරගැනීමට වගබලාගත්තේය. නාරද සිනී ටිකක් ගෙන පාරමීගේ කට තුළට දැම්මේය.


" අම්මෝ නිවන් ගියා වගේ . . . " පාරමී හතිදැම්මාය.






. . . මතු සම්බන්ධයි . . .


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

Thursday, January 12, 2017

පියාපත් ලැබී . . . 24


" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් .  ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට 


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


. . . විසිහතරවෙනි කොටස . . .

" අපි යමු අසිත. " නාරද යලිත් කීවේය.

"  පුංචි බේබී . . . අනේ මහත්තයා. අනේ පුංචි බේබී . . . ඉක්මනට එන්න . . . " ගෙතුලින් මහත් හඬින් මේරි අම්මා කෑගැසුවාය.

" ඇයි මේරි අම්මා ඇයි . . . . " පාරමී දුව ගියාය.

" අනේ පුංචි බේබි, ලොකු මහත්තයා මම එනකොට පඩිපෙළ ලඟ වැටිලා හිටියා. "

" තාත්තා. තාත්තා . . . . " පාරමීද මහ හඬින් කෑගැසුවාය.

" ඇයි මේ ඇයි . .  සර් කතාකරන්න සර් " නාරදත් අසිතත් ඔසවාගෙන පැමිණ දසනායකව සෙටියක් උඩින් තැබුවේය.

" ටක් ගාලා වතුර එකක් ගේන්න අසිත. " ගෙතුළට දිවගිය අසිත විගසින් වතුර වීදුරුවක් ගෙනාවේය. වතුර බිඳු මුහුණට ඉස්සත් දසනායකගෙන් ප්‍රතිචාරයක් නැත.

" නාරද අපි හොස්පිටල් අරන් යමු. " 

" අනේ මගේ තාත්තට මොකද නාරද " පාරමී කදුළු පුරෝගෙන ඇසුවාය.

" අපි හොස්පිටල් අරන්යමු. අසිත වෙහිකල් එක ගන්න මම සර්ව උස්සගෙන එන්නම්. " නාරද දසනායකව දෝතින්ම ඔසවා ගත්තේය. ඔසවාගෙනවිත් පසුපස අසුනේ සෙමෙන් ඔහුව තැබුවේය. 

"මේරි අම්මයි පාරමී මිසුයි ගෙදර ඉන්න අපි ගිහින් එනකන්. "

" බෑ බෑ මාත් එනවා . . " පාරමීත් පසුපස අසුනට ගොඩවුණාය. නාරද දසනායකගේ හිස ඔඩොක්කුවේ තබාගත්තේය. අසුනේම අයිනක පාරමීත් හඬමින් උන්නාය.

" අපි ඉක්මනට යමු අසිත අයියේ. අනේ මගේ තාත්තා . . . එයා කාටවත් වරදක් කරලා නෑ. අනේ තාත්තේ කතාකරන්නකෝ. අනේ නාරද ඇයි තාත්තා කතා කරන්නේ නැත්තේ . . "

නාරද පාරමීගේ අතින් අල්ලාගත්තේය.

" බය නැතිව ඉන්න. තාත්තට මුකුත් වෙන්නේ නෑ. " නාරද පාරමී අස්වැස්සුවාය.

" අපි කොහෙටද යන්නේ නාරද " අසිත ඇසුවේය.

" අපි යමු ඩොක්ටර් වික්‍රමසිංහ ලඟට. පාරමී ඩොක්ටට කතාකරන්න. " ඔයා ලඟ නම්බර් එක තියෙනවා නේද ? "

ඔවු කියූ පාරමී දුරකතනය නාරද අත තැබුවේය.

" හෙලෝ ඩොක්ටර් වික්‍රමසිංහ. මම කතාකරන්නේ අර දවල් ඩොක්ටර් හම්බවෙන්න ආවේ මිස්ටර් දසනායකත් එක්ක ආපු නාරද. මිස්ටර් දසනායකට පොඩ්ඩක් අමාරු වුණා. ඩොක්ටර් ඉන්නවා නේද ? "

" ඔවු, ඔවු. ඉන්නවා. පුළුවන් ඉක්මනට ලෙඩා අරන් එන්න. "

" හරි ඩොක්ටර් හරි. අපි මග ඉන්නේ. ඉක්මනින් එන්නම්. "

අසිත වාහනය හැකිතරම් වේගයෙන් පැදවූයේය. ඩොක්ටර් වික්‍රමසිංහගේ පෞද්ගලික රෝහලවෙත යනවිට ඔහු සියල්ල ලකලෑස්ති කොට තිබුණි. රෝහලේ කාර්යමණ්ඩලය රෝහලේ දොරකඩදීම රෝගීයාට ප්‍රතිකාර කිරිමට පටන්ගත්තේය. ඩොක්ටර් වික්‍රමසිංහ ලෙඩාගේ තත්වය පරික්ෂා කරමින් අවශ්‍ය නියෝග දෙමින් ශල්‍යගාරය වෙත රෝගියාව රැගෙන ගියේය.

" ඕගොල්ල ඔතනින් නවතින්න. " නර්ස් කෙනෙක් කාරුණිකව පැවසුවාය.

" බයවෙන්න එපා මිස් පේශන් ගැන සේරම අපි බලනවානේ. මිස් බයනැතිව ටිකක් රිලැක්ස් වෙන්නකෝ. "

පාරමී නාරදගේ අතේ එල්ලීගෙන දසනායකව රැගෙන ඇතුළුවුණු කාමරය දෙසම බලාසිටියාය. ඇයට ඉකිබිඳුනි. නාරදගේ මුළු හිතම කඩාවැටී තිබුණි. අඬන්නෙපා කියා තුරුළුකර සනසවන්න සිතුනත් නාරද තම හැඟීම් පාලනය කරගත්තේය.

" අනේ නාරද " පාරමී ඉකිගැසුවාය.

" අඬන්න එපා. ඔයාගේ තාත්තට මුකුත් වෙන්නේ නෑ. බයනැතිව ඉන්න. නාරද පාරමීගේ අත මිරිකමින් කීවේය. " පාරමී තම ඇඟට වාරුවී හඬමින් සිටියි. අසිත වාහනය පාක්කර පැමිණියේය.

" මොකද නාරද වූනේ. . . "

" ඇතුලට ගත්තා. තාම මුකුත් කිව්වේ නෑ. " 

" නාරදගේ අත බදාගෙන හඬන පාරමී දුටු අසිතට කුමක් කියා සනසවන්න දැයි සිතාගත නොහැකි වුණි. නාරද හෙමින්සැරේ පාරමීව ලඟතිබූ පුටුවක ඉන්දවුවේය. ඉන්පසු දෙදෙනාම පාරමීගෙන් මදක් එහාට විත් කාතා කළේය.

" මොකද බං එකපාරටම මිස්ටර් දසානායකට වුනේ. " අසිත ඇසුවේය. 

නාරද ඩොක්ටර් වික්‍රමසිංහව හමුවුණු තැන පටන් සියලු තතු අසිතට කීවේය.

" හත් ඉලව්වයි. දැං අපි මොකද කරන්නේ. " අසිත ඇසුවේය.

" මචං මෙයාලගේ ෆැමිලි එකේ කියන්න ඕන කවුරුහරි ඉන්නවද දන්නේ නෑ නේද ? "

" ඒක නේන්නම්. අපි කාවවත් දන්නෙත් නෑ . . " සුසුමක් හෙලු නාරද හෙමින් හෙමින් පාරමීට කිට්ටුකලේය. ඇය හිස ඔඩොක්කුවේ ගසාගෙන හඬමින් සිටියි. 

" පාරමී මිස්. " නාරද සෙමෙන් කතාකළේය.

" පාරමී . . . " නාරද යලිත් කතා කළේය. පාරමී ඔළුව උස්සා ඉකිගසමින් නාරද දෙස බැලුවාය. 

" මේ වෙලාවේ ඔයා ඔහොම දුර්වල වෙලා හරියන්නේ නෑ. බය නැතිව ඉන්න. ඩොක්ටර්ස්ලා ඉන්නවනේ. " නාරද පාරමීව අස්වසන්න වෙරදැරුවේය. නමුත් පාරමීගේ හැඬිම තවටිකක් වැඩිවුණා මිස අඩුවීමක් නොවුණි.

" අපිට තාත්තා ගැන කියන්න කවුරු හරි නෑදෑ කෙනෙක් එහෙම ඉන්නවද ? නැත්නම් කිව්වේ නෑ කියලා ප්‍රශ්ණයක් වේවිනේ. "

" නෑ නාරද. කවුරුත් නෑ. තාත්තගේ නෑවෙන කාවවත්ම මම ගොඩකාලෙකින් දැකලවත් ආශ්‍රයකරලාවත් නෑ. "

" එතකොට අම්මගේ . . " නාරද ඇසුවේය.

" එයාලා අපි එක්ක තරහයි. අම්මා නැතිවුනේ තාත්තව බැන්ද නිසා කියලා ඒ අය අපිත් එක්ක තරහකින් ඉන්නේ. "

" හ්ම්. එහෙනම් අපි තාත්තව බලාගමු. "

පාරමී කදුළු පිරුණු දෑසින් නාරද දෙස බැලුවාය.

" ඔයාලට ගොඩාක් පිං . . . " පාරමී දෑත් එක්කොටගෙන නාරදත් අසිතත් දෙදෙනා දෙසම බලාගෙන ඉකිගැසුවාය.

" මිස්ටර් නාරද . . " ඩොක්ටර් වික්‍රමසිංහ ලඟට විත් කතාකළේය.

" මට කියනවද මිස්ටර් දසනායකට මොකද වුණේ කියලා. "

" දන්නේ නෑ ඩොක්ටර් හදිස්සියේම වැඩට ඉන්න මනුස්සයා කෑ ගහන සද්දෙට ගිහින් බැලුවම මිස්ටර් දසනායක පඩිපෙළ ලඟ වැටිලා හිටියා. එච්චරයි අපි දන්නේ. "

" හ්ම් . . වෙලාවට ඔළුව කොහෙවත් වැදිලා නෑ. එයාට ශොක් එකක් දැනෙන්න විදියක් නෑ නේද පාරමී මිස්. " ඩොක්ටර් වික්‍රමසිංහ නාරදත් පාරමීත් දෙස මාරුවෙන් මාරුවට බලමින් ඇසුවේය. 

" එහෙම දෙයක් නම් වෙන්න විදියක් නෑ ඩොක්ටර් තාත්තා අපි තුන්දෙනාම එක්කම කතා කර කර ඉඳලයි ගේ ඇතුලට ගියේ. "

" හ්ම්. ලෙඩාට ෆස්ට් ඇටෑක් එක ඇවිත් තියෙන්නේ. ඔයාලා මේ පේශන්ව ගේන්න තව ටිකක් වෙලා ගියානම් සමහරවිට ටිකක් බරපතල වෙන්න ඉඩතිබුණා. බට්, දැන් සේරම නෝමල්. තව පැයබාගයක් පැයක් යනකොට ලෙඩාව රූම් එකට දාන්න පුළුවන්. කවුරු හරි ඇවිත් ලෙඩාගේ ෆෝම්ස් ටික පුරවලා දෙන්න. " ඩොක්ටර් වික්‍රමසිංහ කීවේය.

" තැන්ක් යූ ඩොක්ටර්. " පාරමී ගෞරව පුර්වකව කීවාය.

" ඔයාලට පුළුවන් ඕනනම් ගෙදර ගිහිල්ලා උදේට එන්න. මොකද කොහොමත් රූම් එකට දැම්මත් මිස්ටර් දසනායක නිදාගනියි. එයාට නින්ද යන්න බේත් දීලා තියෙන්නේ. "

" හොඳයි ඩොක්ටර් අසිත පැවසුවේය.

ඩොක්ටර් වික්‍රමසිංහ නලාවත් කරේ දමාගෙන කොරිඩෝව දිගේ ඇවිදගොස් නොපෙනී ගියේය.

" අපි ගෙදර ගිහින් උදේට එමු නේද පාරමී මිස්. " නාරද ඇසුවේය.

" බෑ නාරද මට තාත්තව බලන්න ඕන. " පාරමී කීවාය.

" කියනදේ අහන්නකෝ. අපි දැන් යමු. ගිහින් උදේම මම ඔයාව එක්කන් එන්නම්. "

" බෑ නාරද තාත්තා තනියම මෙතන. මම ඉන්නම් ලඟට වෙලා. පාරමී අයදිමින් කීවාය. "

" මම කියනදේ අහන්නකෝ. මෙහෙ තාත්තගේ හැමදෙයක්ම බලාගන්න ඩොක්ටර්ස්ලා ඉන්නවා. බයවෙන්න දෙයක් නෑනේ. ඔයා දැන් නිදිමරලා හෙට උදේට ඇස් රතු කරගෙන මූණ මලානික කරගෙන  ඉන්නකොට තාත්තට දුක හිතෙයි නේද මිස්. ඒ හින්දා අපි ගිහින් උදේට එමු. හොඳ ළමයා වගේ අපි යමු. ගිහින් එමු "
පාරමීට නාරදට අවනත නොවී සිටිය නොහැකිවිය.

" අපි යමු අසිත " නාරද පැවසුවේය.

" යමු. "

වාහනය වෙත යන අතර තිදෙන අතර කතාබහක් නොවුනි. තිදෙනාම තම තමන්ගේ සිතුවිලි අතර සිරවී සිටියෝය. වාහනය අසලට පැමිණිපසු අසිත කටහඬ අවදිකලේය.

" නාරද පාරමී මිස්ව අද ගෙදර තනියම තියන්න බෑ නේද ? "

" ඒකමයි මේ මාත් හිතුවේ අසිත. මට නවතින්න බැරිකමක් නෑ. ඒත් හෙට වැඩටික සේරම මම අරගෙන ආවේ. ඉතින් ඒටික අඩුපාඩු බලලා අරගෙන යන්න වෙනවා. නැත්නම් ගැටළුවක් නෑ. "

" ඕන නෑ. ඕන නෑ. ඔයාලා මේ කරදර වුණා හොඳටම ඇති. අපිට තනියක් නෑ. මේරි අම්මටයි මටයි හිටියහැකි. " 

" නෑ කමක් නෑ. මම ඉන්නම් අසිත. මම උඹව ගෙදරින් දාගෙන යන්නම්. "

" මම එහෙනම් උදේට ඔෆිස් එකට ගිහින් හොස්පිටල් එකට එන්නම්. නාරද ඩ්‍රයිව් කරන්න. මම පස්සට යන්නම්. මම මගින් බහිනවනේ. එන්න මිස් නගින්න ඉස්සරහින්. " යතුර නාරද අතට විසිකළ අසිත පාරමීව ඉදිරි අසුනට නැග්ගුවේය. පාරමීට ඉඳහිට ඉකිගැසුනත් එය සගවාගන්න ඈ වෙර දැරුවාය. නමුත් පාරමී ලඟින්ම හුන් නාරදගෙන් එය සඟවා ගැනීමට ඕ අපොහොසත් විය. නාරද හෙමින් සිරුවේ වාහනය මහ මගට ගෙන නාවල දෙසට දාවනය කළේය. අසිතගේ නවාතැන්පළවෙත පැමිනෙන අතර සැවොම නිහඬව පසුවුවෝය. නාරදගේ ගතට වඩා සිතට අපමණ වෙහෙසක් දැණුනි. කිසිදාක යුවතියක් තමන් ලඟ මේතරම් අසරණව හිඳ නැත. " පවු තවත් ඉකිගහනවා. නාරද සිතුවේය.

" මාව ඔතනින් දාපන් නාරද. " අසිත තම නිවසට හැරෙන පාර ලංවෙත්ම කීවේය.

" එපා එපා මඟ දාන්න. අපි ගෙදරටම බස්සලා යමු. " පාරමී කීවාය. 

" නෑ එපා ඔතනින් දැම්මහම ඇති මිස්. ඇතුළට දාලා ආයෙත් හරවගන්න දඟලන්න එපෑ. මට මෙතන ඉඳන් පොඩ්ඩ දුරයි. " වාහනය නැවතූ පසු අසිත කීවේය.

" ඔයාට ගොඩක් පිං අසිත අයියා. අපිට මේ කරපු උදව්වට. "

" ඒවා ගැන හිතන්න එපා මිස් අපි අද මෙහෙම ඉන්නේ මිස්ටර් දසනායක නිසා. මිස්ටර් දසනායක වෙනුවෙන් අපි ඕන දෙයක් කරනවා. " අසිත පාරමීට පැවසුවේය.


" තෑන්ක්ස් අයියා. "   

" නාරද හෙමින් ඩ්‍රයිව් කරපන්. මොකද අපේ පාරමී මිස්ගෙන් කම්ප්ලේන්ස් හොඳද . . " පාරමී සිනාසුනාය.

" නෑ .. නෑ මම විහිලුවට කිව්වේ අසිත අයියා. නාරද එදා මාව පරිස්සමින් එක්කගෙන ආවා. " පාරමී නාරදගේ දෑස් දෙස එබී බැලුවාය.

" හරි. හරි .. දෙන්නම පරිස්සමින් ගිහින් එන්න. හැබැයි මේරි අම්මත් බයවෙලා ඇති දැන්. කල්පනාවෙන්, ඉක්මනට යන්න. හොඳේ . . . "


" හරි බං. " නාරද සිනාසෙමින් හිස වැනුවේය.

" පාරමී මිස්, ඔය නාරදගේ අත බලාගෙන. එහෙමෙහෙ කරන්න බැරි නෑ. . .  "

අසිත කියන කතා වලට පාරමී හිනැහුනාය. එහෙත් නාරදගේ හිතට අපමන ලැජ්ජාවක් දැනුනි.

" බැහැපං. බැහැපං. . . විකාර කියවනවා. " නාරද අසිතට එරෙවුවේය. මේයකා මොන මගුලක් කියවනවද මන්දා. නාරද හිතින් අසිතට නෑදෑ පරපුරම සිහිකොට තබාගෙන ඇමතුවේය.

පාරමී හිනැහුනා මිස කිසිවක් නොකීවේ සතාගේ හැටි හොඳහැටි දන්නා නිසාය. කියන වචනයක් වත් වැරදුනොත් වසලා හමාර බව ඈ දනී. ඒ අසිතගේ හැටිය. අසිතව බැස්සූ පසු නාරද තම බෝඩිම බලා වාහනය පැදවූවේය.

" පුදුම පිස්සෙක් මූ . . " නාරද සෙමෙන් ඇසෙන නෑසෙන ගානට කීවේය.

" කවුද දන්නේ, ඇත්තද කියලා  කියපුවා. අපි දන්නේ නෑනේ. " පාරමී බිම බලාගෙන හිනැහුනාය.

" අනේ මම එහෙම නෑ මිස්. "

නාරද අහිංසක ලෙස පාරමී දෙස බලා සිටියේය.





. . . මතු සම්බන්ධයි . . .


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

Tuesday, January 10, 2017

පියාපත් ලැබී . . . 23


" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් .  ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට 


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


. . . විසිතුන්වෙනි කොටස . . .


" යමං ප්ලේන්ටියක් ගහලා එන්න. " 

අසිතත් නාරදත් කිසිවිටක කම්පැනියෙන් පිළියෙල කර දෙනු ලබන තේ නොබීවෝය. එත් එහි කිසිදු වරදක් හෝ වෙනත් හේතුවක් නිසා නොව , කාර්යාලයේ පවතින පිඩනයෙන් මදක් මිදීමට මගක් කැන්ටිමට ඇවිද ගොස් ප්ලේන්ටියක් බී පැමිනෙත්දී දැනෙන නිසාය.

සිය වැඩකටයුතු හමාර කරන විට රාත්‍රි 7 ට ආසන්න විය. දසනායක මහතාට කතාකොට වාහනයට කුමක් කළ යුතුදැයි අසා එයද ඉවරයක් කර ගෙදර යා යුතුය. දුරකතනය ගෙන දසනායකගේ නොම්බරය සටහන්කර ඇමතුම ගත් නාරද එයට ප්‍රතිචාර දක්වනතුරු මදක් රැඳි සිටියේය. ෆෝන් එක උස්සන පාටක් නෑ වගේ. නාරද තමන්ටම කියාගත්තේය.

" හෙලෝ . . . " අනෙක් පසින් ඇසුනේ ගැහැණු කටහඬකි. මේ කටහඬේ අයිතිකරු කවරෙක් දැයි නාරද දනී. එකවරක් "   හෙලෝ " කී පසු යලි වචනයක්වත් අනෙක් පසින් ඇසුනේ නැත. දැන් තමා ප්‍රතිචාර දක්වන තෙක් බලා ඉන්න බව නාරද දනී. නාරදගේ හිත ගැස්සුනි. කුමක්දෝ නුහුරු බියක් සිතට දැණුනි. නාරදට නොදැනුවත්ම දුරකතනය නාරද අතින් විසන්දි වන්නට ඇත. වැඩි වෙලාවක් ගතවුනේ නැත. තම දුරකතනය නාද වුණි. ඒ දසනායක මහතාගේ දුරකතනයෙන්ය. නාරද තම දුරකතනය ගෙන ඇමතුම සම්බන්ද කරගත්තේය.

" හෙලෝ . . . . " නාරද ඇමතුවේය. 

" මම කතාකළ නිසාද ඔයා ෆෝන් එක කට් කලේ. " ඒ පාරමීය. ඇයට කුමක් කිවයුතු දැයි සිතාගත නොහැක.

" නෑ . . . මේ මම . . "

" ඉන්න මම තාත්තට දෙන්නම්. " පාරමී දුරකතනය ගෙන පියා සොයා ගියාය. ඔහු බැල්කනියට වී පත්තරයක් කියවමින් සිටියේය. දුරකතනය පියාට දීමට ප්‍රථමව නාරදගේ දුරකතන අංකය පාරමී තම දුරකතනයේ සටහන්කර ගත්තාය.

" තාත්තා . . "

" කියන්න පුතේ . ."

" මේ තාත්තට කෝල් එකක් . .

" කවුද පුතේ . . . "

" මිස්ටර් නාරද. පාරමී පැවසුවේය. ඇගේ හඬේහි ගැබ්ව තිබෙන හැඟිම තෝරාබේරා ගැනීමට දසනායක අපොහොසත් විය. දුරකතනය පියාට දුන් පාරමී තම කාමරය වෙත පියමැන්නාය.

ඇයි එයා මගේ කටහඬ අහන්නවත් කැමති නැතිවද. පාරමීගේ සිත දුකින් පිරී ගියේය. අඩුම තරමේ මගේ හිත හැදෙන්නවත් තාත්තට දෙන්න කියලාවත් කිව්වානම් මොකද ? තාත්තට හොරෙන් එයාගේ ෆෝන් නම්බර් එක මගේ ලඟ තියාගෙන මම කොයිතරම් වෙලා බලා උන්නද. ඇයි දෙයියනේ මේ මගේ හිතට මොනවා වෙලාද මට තේරෙන්නේ නෑ. නාරදව මට වෙලාවකට තේරුම් ගන්න බෑ. එයා හිතේ ගොඩාක් දේවල් පුරෝගෙන ඉන්නවා කියලා දැනෙනවා. සමහර විට ගොඩක් ප්‍රශ්න ඇති. පවු. ඇයි ඔයාගේ ඇස්දෙක ඔයතරමට අසිංසක පාරමී කොට්ටයේ මුහුණ ඔබාගත්තාය.

" ඔවු කියන්න නාරද . . "

" සර්. සර්ගේ වාහනයට මොකද කරන්නේ. " 

" ආ නාරද ඒක අපේ ගෙදරට ගෙනත් දාන්න. නාරද මෙහේ තියෙන කාර් එක අරන්යන්න. "

" ඕකේ සර්. "

දැන් යලිත් දසනායක මහතාගේ නිවසට යායුතුව තිබේ. නාරද ෆයිල් ටික සකසා මේසය උඩ තැබුවේය. ගතටද සිතටද තෙහෙට්ටුය. නාරද තම කාමරයේ දොර වසා දමා තරප්පු පෙල දිගේ පහලට බැස්සේ අසිත හමුවෙන අදහසිනි. අසිතගේ කාමරයට යනවිට ඔහු කුමක් හෝ කියවමින් සිටියේය.

" ආ වරෙන් . . . ඉඳගනින් "

" ඉඳගන්න නෙමේ යන්නේ නැත්ද . . ? "

" යන්නත් ඕන බං. හිටහන්කෝ ටිකක්. "

"උඹ වැඩටික ඉවර කරන් වරෙන්. මම යන්නම් "

" කියන දේ අහලා ඉඳින්කෝ. මට උඹට කියන්න දෙයක් තියෙනවා. "

නාරද අසිත ඉදිරියේ අසුනකට බර වුනේය. අසිත පුටුවේ පස්සට ගොස් නාරද දෙස හොඳින් බැලුවේය.

" මට ඇත්තම කියපන් නාරද. උඹ පාරමී ගැන මොකද හිතන්නේ " අසිත ඇසුවේය.

" මම මොනවා හිතන්නද බං ඇයි උඹට පාරමී මිස් ගැන හිතක් පහල වෙලාද " නාරද අහක බලාගෙන කතා කළේය. අසිත දිගටම නාරද දෙස බලාගෙන සිටියේය.   

" ඇයි අසිත කන්න වගේ බලාගෙන ඉන්නේ. "

" කන්න. කන්න නෙමේ උඹට . . . මම ඉතින් කිව්වා කියලා හිතාගනින්කෝ. "

නාරද හිනැහුනේය.

" ඇයි උඹට තද වුනේ. "

" තද වෙන්නේ නැද්ද. මේ අහපං නාරද. මම දැං කිව්වා කියලා මතක තියාගනින් උඹ හැමදාම උගුරට හොරා බේත් බොන්න බෑ. "

" මට තේරෙන්නේ නෑ අසිත උඹ මොනවා කියනවද කියලා. "

" ඔවු ඔවු උඹට තේරෙන්නේ නෑ. උඹ බබා. මට ඇත්ත කියපං උඹ ඒ කෙල්ලට කැමතියි නේද ? "

" අසියා උඹ දන්නවනේ මම මොනතරම් ප්‍රශ්ණ ගොඩක ද ඉන්නේ කියලා. එහෙව් මම උඹ ඔය කියන දේවල් හිත හිත ඉන්නවා කියලද හිතන්නේ. මට ආදරයක් ගැන දැන්ම හිතන්න පුළුවන් කමක් නෑ. "

" ඒ කියන්නේ උඹ කැමතියි. ප්‍රශ්ණ නිසා අකමැතියි. "

" පොඩ්ඩක් හිතපන් අසිතයා. උඹ මම ඔය කතාකරන්නේ අපි දෙන්නගෙම බොස්ගේ දුව ගැන. මේ බිත්තිවලටත් කන් තියෙනවා. අන්න ඒක මතක තියාගනින්. නිකන් හරි ඕවා කාගේහරි කණකට ගියොත් උඹත් ගෙදර , මාත් ගෙදර. අනික අන්තිම පාරටත් අහගනින්. මගේ හිතේ පාරමී මිස් ගැන එහෙම අදහසක් නෑ. "

" හරි හරි අපි දැන් ඔය කතාව නවත්තමු. ඒත් මේකත් කියලම නවත්තන්නම්. ඔතන මොකක් හරි දෙයක් බොහොම ඉක්මනින් වෙන පාටයි. "

" මළ විකාර. " නාරද කැබිනයෙන් පිටවුයේ තරහෙනි. හැමදෙයක්ම විහිළුවකට ගන්න එක මුගේ තියෙන ලොකුම අවුල. නාරද සිතුවේය.

" මස්සිනා. මම විහිළු කළා කියලා හිතන්න එපා. මේවා විහිළුවට කියන ඒවා නෙවෙයි. "අසිත  නාරදට කෑගැසුවේ තවත් අවුස්සන අටියෙනි. අසිත නාරද පසුපස දිවගියේය.

" මොකද බං උඹේ අවුලක් නැත්නම් ඔච්චර ඕවට තරහාගන්නේ. " 

" මේ අසිත මගුල් නැතුව වරෙන් ගමනක් යන්න. "

" කොහෙද ? "

" මිස්ටර් දසනායකලගේ ගෙදර "

" ඒ මොන ඉලව්වකට ද මේ රෑ ජාමේ එහෙ යන්නේ. උඹ පාරමීව බලන්න යන්න ද හදන්නේ මාවත් එකතුකරගෙනද ? අනේ මහත්තයෝ මට බෑ. "

" මේ මේ උඹේ කාර් එක තියලා නැගපන් මේකට. මට තනියෙන් යන්න බෑ. මේක දිලා එමු බං. මම උඹව ගෙදරට දාන්නම්. "

" අඩෝ උඹ මාර කපටියා. කොහොම හරි කෙල්ලව බලන්න යන්න පොටක් පාද ගන්නවා. නේද ? " අසිතද වාහනයට ගොඩ වුනේය. 

" මගුල . . . අර සිරිපාලයව ඉක්මනට ගෙන්නුවේ නැත්නම් මට ඩ්‍රයිවින් ජොබ් එකත් භාරගන්න වෙනවා. "

" මේ නමටත් බෙදන්න කිව්වලු. ඔය පනින්නේ අයිඩියාස්. මම හෙටම සිරිපාලට කෝල් එකක් අරන් උඹේ   නිවාඩුටිකක් අරගෙන තව පහුවෙලාම එන්න කියන්නම්. " නාරදගේ රතු කට්ට පැන හමාරය. අසිත තව තවත් නාරදව බයිටට ගනී.

" මමත් කරපු ගොන් කමක් උඹව මේගමන අරන් ඇවිත්. " අසිත තවත් සිනාසෙයි.

" ඔවු එතකොට උඹට පුළුවන්නේ තනියම කෙල්ලට ඇහැ දාගෙන ඉන්න. අඩෝ මට උඹලව චාටර් උනේ නැත්නම් උඹ කොහොමත් මේ ගමන මාව ගෙනියන්නේ නෑ තමයි. " නාරදට උන්හිටි තැන් නැත.

" අනේ මචං ඕක නවත්තපං. ප්ලීස්. " 

" හරි හරි " අසිත විහිළු කරන එක නවතා දැමුවද සැරෙන් සැරේ නාරද දෙස බලා සරදමට සිනාසුනේය. වාහනය ගේට්ටුව ලඟ නතර කොට හෝන් එක නාදකොට ටික වෙලාවකින් ගෙදර මෙහෙකාරිය පැමිණ ගේට්ටුව හැරියාය. වාහනය නිවස ඉදිරියේ නතර කළ නාරද තමාට රැගෙනයාමට කියු කාරය වෙත පියමැන්නේය. 

" ඉන්න මහත්තයලා මම ලොකු සර්ට එන්න කියන්නම්. "

" නෑ දැං කතාකරලා කරදර කරන්න එපා අපි වාහනේ දාලා යන්න ආවේ . . " නාරද පැවසුවේය.

" ආ එන්න අසිත ඇතුලටම. එන්න නාරද වාඩිවෙන්න. " එවිටම දසනායක ගෙතුළින් විත් කතාකළේය. දෙදෙනාම ඉස්තෝප්පුවේ අසුන් දෙකකට බර වුනෝය.

" මේරි අම්මා අපිට බොන්න දෙයක් ගේන්නකෝ. මොනවා හරි බොමු. දසනායක මාරුවෙන් මාරුවට බල බල කීවේය.

" නෑ සර්. දැන් නම් ඕනත් නෑ . . . "

" මම හිතුවේ නෑ අසිතත් ඒවි කියලා "

" නාරදට තනියෙන් එන්න බෑ කියලා මාවත් ඇදගෙන ආවා මිස්ටර් දසනායක. "

" ම් . . ඇයි නාරදට තනිකන්දෝසේද "

ඒක තමයි මිස්ට දසනායක මාත් මේ එනකන් අහා අහා ආවේ. පහුගිය ටිකේ මොකකට හරි බයවුණාවත්ද කියලා " අසිත ඇඟට නොදැනි දෙපැත්ත කැපෙන වචනයකින් ගැලපුවේය.

" ආ බොන්න . . . " මේරි අම්මා තේ දෙකක් රැගෙනවිත් තිබුණාය. තේ පිලිගැන්වු ඇය යලිත් ගෙතුළට ගියාය.    



෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



මාපට ඇඟිල්ල කටේ ගසාගෙන කොට්ටයත් තුරුළුකරගෙන සිටි පාරමීට අද නින්දක් පේනතෙක් මානයක නැත. කල්පනා කළ දෙයක්ද නැත. එහෙට මෙහෙට පෙරලි පෙරලී සිටි පාරමී. තම යෙහෙලියට ඇමතුමක් ගැනීමට සිතුවාය.

" හෙලෝ . . "

" ආ මම හිතුවා උඹට මාව අමතකම වෙලා ඇති කියලා. "

" උඹට මතක තිබ්බානම් කෝල් එකක් දෙන්න එපෑ. මම ගන්නකන්ම උන්නේ. මම හිතුවේ උඹට අමතකවෙලා කියලා. "

" හරි හරි. අපි ඕක නවත්තමු. මොනවද විස්තර. තාත්තා එදා පරක්කු වුණා කියලා බැන්නේ නෑ නේද . . "

" නෑ බැන්නේ නම් නෑ "

" උඹ මොකද්ද කටේ තියාගෙන කතාකරන්නේ. කියපං මොකද්ද ප්‍රශ්නේ. "

" ප්‍රශ්නයක්මත් නෙමෙයි. "

" එහෙනම් . . . "

පාරමී යාළුවට වාරියපොලින් පිටවු තැන සිට මේ දක්වා සියලුම තතු එකිනෙක දිගහැරීයාය. "

" ඒ කියන්නේ එදා ඇවිත් තියෙන්නේ ඩ්‍රයිවර් කෙනෙක් නෙමෙයිද. "

" නෑ බං නෑ. "

" දෙයියනේ මම ඌට කියපුවා. කවුද බං හිතන්නේ ඌ මැනේජර් කාරයෙක් කියලා. "

" එදා අපි එයාට සලකපු විදිය මතක් වෙද්දිත් මට දුක හිතෙනවා බං. පවූ. "

" හ්ම් ඇත්තට . . . ඉතින් එහෙනම් උඹ කතා කරලා සමාවගන්නෙපෑ. "

" ඔවු මම ගත්තා. "

" ඈ . . . " 

පාරමී ඉන්පසු සිදුවූ සියල්ල ඇයට කීවාය.

" මට පේන විදියට උඹ ඌට ලව් නේද ? " පාරමී කිසිවක් නොකීවාය. 

" ඇත්ත කියපං කෙල්ලේ . . " 

" මම දන්නේ නෑ බං. මට තේරෙන්නේ නෑ. "

" හ්ම් හ්ම් කෙල්ල ගිහින් තියෙන දුර. "

" කවුරු හරි ඇවිත්. මම උඹට ගන්නම්. "

පාරමී දුරකතනය විසන්දිකොට බැල්කනියට ගොස් බැලුවාය. තාත්තගේ වාහනය මිදුලේ නවතා ඇත. ශුවර් එකටම නාරද වාහනය දෙන්න පැමිණෙන්නට ඇත. ක්ෂනිකව තරප්පුපෙල දිගේ පහලට දුව ගියාය. තව පොඩ්ඩෙන් පඩිපෙලේ ඉහලට නගින මේරි අම්මාගේ ඇඟේ හැපී දෙදෙනාම බිමට රෝල්වී යනු ඇත.

" කොහෙද පුංචි බේබි මේ දුවන්නේ. " මේරි අම්මා ඇසුවාය.

" වතුර බොන්න යනවා . . " පාරමී පැවසුවාය. 

" ඇයි පුංචි බේබි අර ඇඳ ලඟ තියලා තීයෙන්නේ වතුර ජෝගුවක්ම. "

" ඒකේ වතුර නෑ මේරි අම්මේ . . . "  කියමින් පාරමී පහලට දුවගියාය.

වතුර බොන්න යයි කීයු නිසාවෙන් කුස්සිය දෙසට ගිය පාරමී වතුර වීදුරුවක් , පුරවා ගත්තාය. ඉන්පසු සාලය දෙසට ඇස දැම්මාය. සාලයේ කිසිවකු පෙනෙන්නට නැත.

" කට්ටිය මිදුලට ගියා " මේරි අම්මා පාරමීගේ පසුපසට විත් පැවසුවාය. පාරමී තිගැස්සුනි.

" ඉතින් මට මොකද . . . ? "

" මට මොකද කියන්නේ. බේබි ඔළුව දදා කාවද හොයන නිසයි කීව්වේ. " මේරි අම්මා සිනාසී කුස්සියට ගියාය.

" මේයාටත් ඕන නැති දෙයක් නෑ . . " පාරමී මේරි අම්මට කීව්වාය. සෙමෙන් සෙමෙන් සාලය දෙසට ගිය පාරමී තාත්තාත් අසිතත් කතාකර කර සිටිනු දුටුවාය. නාරද ඇවිත් නැත්ද. පාරමී විමසිලිමත් වුවාය.

" පුංචි බේබිව උස්සන් ආ මහත්තයා අනිත් කාර් එක ගාව. " මේරි අම්මා යලිත් පැමිණ හොරෙන් කියා මහා හයියෙන් හිනැහුනාය.

" කෑගහන්න එපා මෝඩීයේ " පාරමී මේරි අම්මාගේ කට ඇගේ අතින් වැසුවාය. අනෙක් අයට එය ඇසෙන්නට ඇත. 

" පොඩී දූ . . . " තාත්තා කතාකළේය.

" ඕ . . . " පාරමී කට බෙරි කරගත්තේය.

" මොකද පුතේ කෑගහන්නේ "

" මේ මේරි අම්මට පිස්සු තාත්තේ " පාරමී ලැජ්ජාවෙන් අසිත දෙස බැලුවාය.

" මේ ළමයට මොනවා වෙලාද මන්දා. " දසනායක සෙමෙන් කීවේය. 

" අසිතද පෙරලා සිනාසුනා මිස කිසිවක් කීමට නොගියේය. " නමුත් ඒ සිනාවේ මම නම් පාරමීට මොකද වෙලා තියෙන්නේ කියලා දන්නවා යැයි හොඳින් බැලු කෙනෙකුට කියවාගත හැකිවනු ඇත.

" අසිත, කාර් එකේ වතුර යනවා වගේ. වතුර ටිකක් දාගත්තොත් හොඳයි. නාරද කාරයේ හැරතිබූ බොනට්ටුව අල්ලාගෙනම පැවසුවේය.

" මේරි අම්මේ අර බෝතලයකට වතුර එකක් අරන් එන්න. " දසනායක පැවසුවේය.

" ඇයි තාත්තා ඔතන ටැප් එක නේද. හෝස් එකත් ගහලා ඇත්තේ. " පාරමී කියූවාය. අසිත ඒ දෙසට යන්න වූයෙන් පාරමීද ඔහු සමඟ සෙමෙන් කාටත් නොදැනෙන්න පියනැගුවාය.

" කපටි කෙල්ල . . " දසනායකටත් අසිතටත් එකවර සිතුනා විය හැක. දසනායක ඔවුන් දෙස බලා සිටියා මිස ඒ අතරට යාමට නොසිතුවේය. 

" මොනවද මිස්ටර් අසිත ඉල්ලගන්න එපෑ හොඳ වාහනයක් තාත්තිගෙන්. මේ කබලක් උස්සන් දුවන්නේ. " පාරමී තාත්තා දෙස බලමින් අසිත ගෙන් ඇසුවේය.  
          
 " අනේ මේ මට නෙවේ මිස්. මේක දීලා තියෙන්නේ අපේ නාරද මහත්තයටනේ "

" අපෝ එහෙමද එහෙනන් මේකත් වැඩියි. මීට වඩා හෙමින් යන්න පුළුවන් එකක් හොයලා දෙන්න. මොකද මෙයාගේ ගමන උඩින්නේ. "

නාරද හිස නොඋස්සා වාහනයට වතුර දමමින් සිටියේය. අසිතද සිනාසෙමින් සිටියේය. දසනායක මහතා පෙනෙන්නට නැත.

" ඒකනම් හරී මිස් වාහනේ වේගෙන් යන එක වගේම හෙමින් යන එකෙත් වාසි තියනවා. කොහේද අපේ මෝඩයට ඒවා තේරෙන්නේ නෑනේ. " අසිත ඇඟට පතට නොදැනී කීවේය. පාරමී බිම බලාගෙන සිනාසුනා මිස කිසිවක් නොකීවාය. අසිත සමග කතන්දර කීමට ගොස් වැඩ වරදාගත යුතුව නැත. එනිසා ප්‍රවේශම් වීම නුවනට හුරුය.

" හැබැයි පාරමී මිස් මූ කොයිවෙලේක හරී අර මෝටර්ක්‍රොස්වල වගේ හයිජම්ප් එකක් දාන්න බැරි නෑ. " අසිත යලිත් හිනැහෙමි කීවේය. නාරද බොනට්ටුව තදකර වසා අසිත දෙස ඔරවමින් බැලුවේය. අසිත සැනෙන් අහක බලාගත්තේය. පාරමී දිගින් දිගටම හිනැහුනාය.

" හරි හරි අපි යමු. " නාරද අසිතට කීවේය.

" ආ මෙයාට මාර හදිසියක්නේ තියෙන්නේ. පාරමී නාරද දෙස බැලුවාය. "

" ඒක නේන්නම් මිස් පාරමී. මෙහෙමයි අපේ නාරදට ඕනම දේවල් වලදී කිසිම හදිසියක් නෑනේ. නිකමට බලන්න අපේ අර ඔෆිස් එකේ " කමනි " මොනතරම් ලස්සන කෙල්ලෙක්ද. එඩියුකේටඩ් ආ . . . මූට පණ ඇරලා ලව්. ඒත් මෙයාට කිසිම හදිස්සියක් නෑනේ. චික් අපරාදෙනේ නේද ? "

පාරමීගේ මුහුණ මැලවීයනු අසිත මෙන්ම නාරදද දුටුවේය.

" හැබැයි ලඟදීම නම් අපිට කේක් කෑල්ලක් කන්න බැරිවෙන එකක් නෑ. එහෙම ලකුණු පහල වෙමින් තියෙන්නේ. "

පාරමී බිම බලාගත්තාය. පාරමීගේ සිත කුමක්දෝ වේදනාවකින් පිච්චීගියාක් මෙන් දැනෙයි. නාරද පාරමී දෙස බලුවේය. අසිත ඇසක් ඉඟිමරා හොරෙන් හිනැහුනේය. නාරද එරෙව්වා මිස කිසිවක් නොකිව්වේය.  



. . . මතු සම්බන්ධයි . . .


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴