Followers

Showing posts with label ඇහිඳපු. Show all posts
Showing posts with label ඇහිඳපු. Show all posts

Friday, January 13, 2017

නසරූදින්ගේ කවට . . .



නසරූදින්ගේ කවට . . .


නසරුදින් බොහෝ කලකට පෙර මැද පෙරදිග වසන ලැදැයි සැලකෙන පුද්ගලයෙකි. ඔහු මෙළොව එළිය දුටුවේ තුර්කියෙහි එස්කිෂර් නැමති ග්‍රාමයේ යැයි ප්‍රකටය. මුස්ලිම් පූජකයන් අතර උපදේශ කතාවන් ලෙසින් මේ කවටයාගේ කියුම් අදටත් භාවිතාවේ.

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

කථා . . .


දිනක් නසරුදීන්ගේ නිවසෙහි සාදයක් තිබුණා. එදා කෑමට ඔහු සිය බිරිඳ අතට මස් තොගයක් ගෙනත් දුන්නා. ඉවුවට පස්සේ මස් වලින් මොන තරම් රස පුසුඹක් හැමුවද කිව්වොත් නසරුදීන්ගේ බිරිඳ මස් හට්ටියම ගිල්ලා. මස් ටික බළලා ගිල දමලා කියලා ඈ නසරුදීන්ට ඇඟෙවුවා.

ගෙනාපු මස්වල බරට පඩියක් තරාදියට දාපු නසරුදීන් අනෙක් පැත්තට පූසව තියලා උගේ බර බැලුවා. දෙපැත්තේම බර එක සමාන විත්තිය දැක්ක නසරුදීන් ගෑනිගෙන් මෙහෙම ඇහුවා.


" මේ අහපන් යෝදියේ ! මූ බළලා නං කෝ මස් ? මූ මස් නං කෝ බළලා. "




෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


නසරුදීන්ගෙන් දවසක් මිතුරෙකු වයස විමසුවා.


" හතළිහයි "


" ඇයි ඕයි. මීට අවුරුදු දෙකකට ඉස්සරදීත් තමුසෙට හතළිහයිනේ ? "


" ඔවු , ඔවු . .  මගේ නෑනේ ඔය වචන දෙකක් . . "





෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



" දවසක් මම කාන්තාරේදී මිනී මස් කන මහ නපුරු මිනිස්සු රංචුවකට දුවන්න වැඩක් දුන්නා . . " යි, නසරුදීන් පාරම් බෑවේය.

" ඇත්ත කියනවා නසරුදීන්. තමුසේ කොහොමද එච්චර වැඩක් කළේ. "


" මුලින්ම මම දුවන්න පටන් ගත්තා. ඒක දැක්ක උන් මං පස්සේ පන්නන්න පටන්ගත්තා. "



෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



" අහසේ හඳ තිබුණේ නැතිනම් අපි ඉඳලා ඉවරයි. "

" ඒ මොකද නසරුදීන් . . ? "


" ඇයි මෝඩයෝ. දවාලට කොච්චර එළිය තිබුණත් හඳ නැති දාට රෑ පාරක් තොටක් හොයාගන්නවත් පුළුවන්ද . . . ? "




උපුටා ගැන්ම - ප්‍රදීපා සඟරාව ( 1984 - පෙබරවාරි )

Wednesday, August 3, 2011

අනුමානය . . .

ඕගොල්ලෝ දන්නවානේ මම ෆේස් බුකියේ එහෙ මෙහෙ කරක්ගහනකොට කට්ටියට කියවලා රසවිඳින්න පුළුවන් දෙයක් හම්බුනොතින් උස්සගෙන ඇවිත් පොඩි පෝස්ට් එකක් දානවාය කියලා . ඉතින් මේත් ඒ වගේම ෆේස් බුකියේ රවුමක් දානකොට අමුනගෙන ආපු පොඩි කතා කෑල්ලක් . . . මේක බුකියේ පබ්ලිශ් කරලා තිබ්බේ නම් " Angelo Pietersz "  කියන හාදයා . . . පොඩ්ඩක් කතා විලාසය වෙනස් කරලා දැම්මා කට්ටියට රසවිඳින්න පුළුවන් විදියට . ඕන්න උපුටාගැන්මක් හොඳේ . . .


ඔයාලා දන්නවනේ ගුරු උපහාර දිනයක් කියලා දිනයක් වෙන්කරලා තියෙනවා . හැමදාම කරන කුඩුකේඩු වැඩ වහගන්න , ඒ කියන්නේ පව් සමාකරගන්න හැම එහෙකටම දින වෙන්කරගෙන නොවැ තියෙන්නේ දෙයියනේ කියලා කැලන්ඩරේ . ඔන්න ඉතින් මේකත් ඒ වගේ ගුරු උපහාර දිනයක වෙච්ච සිද්දියක් . . .
ඔන්න බාලාංශ පංතිවල පොඩි එවුන් පෝලිංගැහිලා ගුරුවරුන්ට තෑගි බෝගත් උස්සගෙන බුලත් හුරුලුත් අරගෙන ලක ලෑස්තිවෙලා ඉන්නවා . ඉතිං එක පංතියක දැං එක එක්කෙනා ටීචර්ට තෑගි දිදී වඳිනවා .  ටීචත් ඒ හැමෝටම හරි හරියට ආශිර්වාද කරනවා . ඔය වඳින අතරේ ටීචර් එක එක ළමයාගේ තෑගි වල තියෙන්නේ මොනවද කියලත් අනුමාන කරලා කියනවලු . ඉතිං මේ පොඩි එවුන්ට ඒකට මාර සතුටුයි ලූ .


ඔන්න දැං පෝලිමේ ආවලු මල්ශාලාවේ අයිතිකාරයගේ පොඩි එකා . ඉතිං ටීචර් ඔලුව අතගාල එහෙම කියනවලු  ,

" මම දන්නවා මේ තෑග්ගට මොනවද තියෙන්නේ කියලා . . . මල් නේද . .  "



ඉතිං අර ළමයත් ආසාවෙන් 


" හරියට හරි , ටීචර් කොහොමද එහෙම කිව්වේ . . . "

" මම අනුමාන කළා . . . " කියලා කියනවා . . .

ඊට පස්සේ එනවා චොක්ලට් කඩයක හිමිකරුවෙකුගේ දුවෙක් . මේ ළමයටත් අර විදියටම කියනවා . . .

" මම කියන්නද මේ තෑග්ගේ තියෙන්නේ මොනවද කියලා . . . චොක්ලට් නේද . . . "



" අනේ හරිය හරි ටීචර් . . . කොහොමද ටීචර් හරියටම කිව්වේ . . . "

" මම අනුමාන කළා ළමයෝ . . ." කියලා ආඩම්බරයෙන් හිනාවුණා.



ඊටපස්සේ තෑග්ගකුත් උස්සන් ආවේ බාර් එකේ මනුස්සයගේ පුතයි . . . ඒ කියන්නේ මත්පැන් අලෙවිසැලේ අයිතිකාරයගේ පුත්‍රයා . . . මේ ළමයත් ඉතින් තෑග්ගත් දීලා වැන්දා . . . එතකොට ටීචර් තෑග්ගත් අතට අරගෙන  ,


" මම කියන්නද මේකේ මොනවද තියෙන්නේ කියලා . . . " හොඳට පෙට්ටිය අතගාන ගමන් කිව්වා . . .


" ආ කියන්න බලන්න ටීචර් පුළුවන්නම් . . . "

" බ්‍රැන්ඩි බෝතලයක් නේද . . . " ටීචර් හිනාවෙවී කිව්වා .

" නෑ ටීචර් බ්‍රැන්ඩි බෝතලයක් නෙමෙයි . . . " පොඩි එකා ගත් කටටම කිව්වා .



එතකොට ටීචර් දැක්කලු පෙට්ටියේ මුල්ලකින් මොනවද බේරෙනවා වතුර වගේ . . . ඉතින් ටීචර් ශේප් එකේ එතන අතගාලා කටේ ගාගන්න ගමන් ,


" ආ මම දන්නවා ශැම්පේන් නේද . . ." කියලා කිව්වා . . .


" නෑ ටීචර් ශැම්පේන් නෙමෙයි . . . අපේ ලයිකා පැටවු ගැහුවානේ . මම ටීචර්ට ලස්සනම බලු පැටියව තමයි ගෙනාවේ . . . කියලා පොඩ්ඩා හිනාවෙවී කිව්වලු . . .


ඔන්න ඔහොමයි වුණා කියන්නේ . . . අපි අනුමාන කරන හැමදේම හැමවෙලේම හරි නෑ කියන දේ ඇත්ත නේ . . .  සමහර දේවල් වලදී අපි ගන්න තීරන වලට මේ කතාව අපූරුවට ගැලපෙනවා නේද කියලා මට හිතුණා . . .

Thursday, July 21, 2011

අවසන් පැය . . .


මුහුණු පොතේ සැරිසරද්දී අහම්බෙන් ගෲපියක තිබී ඇස ගැටුනු පුංචි කතාවක් හැමෝගේම රසවින්දනය වෙනුවෙන් පලකරන්න හිතුවා . මේක දාලා තිබුනේ පියාපත් කියලා ගෲප් එකක . පල කරලා තිබුනේ සුරේශ් චතුරංග කියන හාදයා . ඔහු උපුටා ගත්තේ කොහෙන්ද කියලා නම් දාලා තිබ්බේ නෑ . පුංචි පුංචි දේවල් වලින් මම නම් ලොකු රසවින්දනයක් ලබනවා එහෙම කෙනෙකුට රසවින්දනය සඳහා මේ පුංචි කතාව . . .


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



දෙන්නා දෙමාල්ලන් විවාහ දිවියේ රිදී ජුබ්ලිය සමරමින් බොහොමත්ම සතුටින් හිඳි වෙලාවක බිරිද සිය ස්වාමියගෙන් මෙසේ ඇසීය

"රත්නේ , ඔයාට මතකද ඩාලිං අපි බදිමුද කියලා ඔයා මගෙන් අහපු දවස . . . ? "

" ඉතිං , දැං ඒකත් වැරදී කියන්නද යන්නේ . . . "

" නෑ . . නෑ . .  , ඔයාට මතකද මට සතුට වැඩි කමට දාරාගන්න බැරුව පැයක් විතර කතා කරගන්න බැරිව හිටියා  . . . "

" මට ඒක කොහොම අමතක වෙන්නද කුසුමා . . . "

" ඔය ඇත්තමද රත්නේ . . . "

" අපොයි , මම මොකටද ඔයාට බොරු කියන්නේ කුසුමෝ . . . මට ඒ මොහොත මගේ ජීවිතේට කවදාවත්ම අමතක නොවන මොහොතක් . "

" ඒ ඇයි රත්නේ . . ."
 
"ඒ තමයි මම මගේ ජිවිතේ නිස්කලන්කව ගතකරපු අන්තිම පැය."

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


උපුටා ගත්තක් වුවද වාර්ථාවක් පරිද්දෙන් සකස් වී තිබූ කතාවට අලංකාර එබ්බවීම ගැන කාගේවත් අකමැත්තක් නැතයි සිතමි .

Monday, July 4, 2011

අමුත්තෝ හිඟයි . . .




නාගරික මිනිසෙකු වරක් ඉතා නොදියුණු ගම් පෙදෙසක් නැරඹීමට යාමට සිතීය . ඔහුට සිතූ පරිදිම එවැනි ග්‍රාමයක් හමුවිය . සිත්සේ නැරඹීම් කළ ඔහු දැඩි පිපාසයක් දැනී තේ කඩ පොඩ්ඩකට ගොඩවූයේය . 
තැඹිලි ගෙඩියක් බී විඩා සිඳුවාගත් ඔහුට තැඹිලි ගෙඩියට අයකළ මුදල දැක නැවතත් දැඩි පිපාසයක් ඇතිවිය .

අමුත්තා  :  " ඇයි මුදලාලි මේ පළාතේ මෙච්චර ගස් තියෙද්දිත් තැඹිලි වලට ගිණි ගණං ගන්නේ . . . ? "

මුදලාලි  :  " අනේ මහත්තයෝ ගස් නං තියෙනවා තමයි . ඒත් ඉතිං මේ පළාතට ඒ තරං අමුත්තෝ නේන එක තමයි වැරැද්ද . . . "

ඕං ඒකෙත් හැටි . නේද . . . 

උපුටා ගැන්ම : ප්‍රදීපා සගරාවෙනි ( 1984 පෙබරවාරි )

Sunday, July 3, 2011

මහපාර මැද . . .




මහපාර මැදදී දෙපසකින් ආ මෝටර් රථ දෙකක් මුහුණට මුහුණලා නැවතුනි . එක් රියදුරෙකු සිය රථයෙන් ඔළුව එළියට දමා මෙසේ කීවේය . . .

: " කාර් එකක් එළවන්න දන්නේ නැති මෝඩ තකතීරුවෙකුට මං කවදාවත් පාර ඉඩදෙන්නේ නෑ . . . "

එවිට අනෙකා . . .


: " අනේ , මං නම් ඕන වෙලාවක ඉඩදෙනවා . . . "

මෙන්න මෙහෙම කියලා රථය හරවගෙන අනෙකාට ඉඩ දුන්නේය . . .


෴ 


උපුටාගැන්ම : ප්‍රදීපා සඟරාවෙනි ( 1984 පෙබරවාරි )

අහම්බෙන් ඇසගැසුනු මේ කථාව අපේ කට්ටියට කියන්න හිතුනා . මට හිතුණා කාට කාටත් හිතන්න දෙයක් ඒකේ තියෙනවා කියලා .