Followers

Sunday, July 3, 2011

මහපාර මැද . . .




මහපාර මැදදී දෙපසකින් ආ මෝටර් රථ දෙකක් මුහුණට මුහුණලා නැවතුනි . එක් රියදුරෙකු සිය රථයෙන් ඔළුව එළියට දමා මෙසේ කීවේය . . .

: " කාර් එකක් එළවන්න දන්නේ නැති මෝඩ තකතීරුවෙකුට මං කවදාවත් පාර ඉඩදෙන්නේ නෑ . . . "

එවිට අනෙකා . . .


: " අනේ , මං නම් ඕන වෙලාවක ඉඩදෙනවා . . . "

මෙන්න මෙහෙම කියලා රථය හරවගෙන අනෙකාට ඉඩ දුන්නේය . . .


෴ 


උපුටාගැන්ම : ප්‍රදීපා සඟරාවෙනි ( 1984 පෙබරවාරි )

අහම්බෙන් ඇසගැසුනු මේ කථාව අපේ කට්ටියට කියන්න හිතුනා . මට හිතුණා කාට කාටත් හිතන්න දෙයක් ඒකේ තියෙනවා කියලා .

10 comments:

  1. වේලාවට මොලේ තියෙන එකෙක් හරි එතන හිටියේ... පාර මැද attack දාගන්න මාමලා,අයියලා,මල්ලිලාට ගොඩක් හොදයි.

    ReplyDelete
  2. හැමවෙලේම චංඩිකම් හරියන්නේ නෑ. ඒකට මීටර් එකත් ඕනවෙනවා. ඔන්න මාත් ඉඩදෙනවා

    ReplyDelete
  3. අනේ මමත් නම් ඉඩ දෙනවා. එත් පොඩි අවුලකට තියෙන්නේ මට වාහනයක් නැති එක. . . . :P :P

    ReplyDelete
  4. @ ආරිය සිංහල : හ්ම්ම්ම් , මණුස්සකම ගැන නම් හිතන්න ඕන කාලයක් මේක . ස්තූතියි ඔබට . . .

    ReplyDelete
  5. @චතුමිතු : ඒක නම් ඇත්ත . අපේ කස්ටියට වටිනවා කියලා හිතුනා මේ කතාව දැක්ක හැටියෙම . . . :) ස්තූතියි ඔබටත් . . .

    ReplyDelete
  6. @ මධුරංග : ඒකනම් ඇත්ත . ඒත් ඉතින් පාර මැද්දෙ ඔයවිදියට එකෙක් කිව්වනම් ඇත්තටම මටත් හිතෙන්නේ බැහැලා දත් ටික හලන්න තමයි . ඒත් දැන් නම් හිතෙනවා මෝඩයට මෝඩය විදියට ඉන්න දීලා තමන්ගේ පාඩුවේ ඇගබේරගන්න එක නුවනට හුරුයි කියලා . ස්තූතියි ඔයාටත් . . .:)

    ReplyDelete
  7. හිකිස් . . . මම අරං දෙන්නම් සිතූට . . . :P එතකොට බැරියැ ඉඩ දෙන්න . නේද . . . :D

    ReplyDelete

ඔබේ අදහස් දිරියක් මට . . .