෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
. . . දෙවැනි කොටස . . .
දසනායක මහතාගේ කාර්යාල කමරය තුළ AC යන්ත්‍රයක් ක්‍රියාත්මක වුවත් තම සිරුරෙන් දහඩිය බිඳු නැගෙන්නාක් මෙන් දැනිනි .
" කොහොමද නාරද වැඩ ටික . මේ වේ වෙනකං අවුලක් නෑ නේද . "
" නෑ සර් . අලුතින් ආපු Project එකේ Proof එකකුත් කළා . color approvals වලට යවන්න ඕනේ . මගේ උපරිමයෙන්ම වැඩ ටික බලනවා සර් . "
හිතේ තියෙන ගැස්ම එළියට පෙනේ යැයි බියෙන් ආරූඩකරගත්ත ශක්තියකින් මම දසනායකගේ මුහුණ දෙස එක එල්ලේම බලාගෙන පැවසීමි .
මේසයට දබරැඟිල්ලෙන් තට්ටු කරමින් නාරදට සවන් දුන් දසනායක අසුනෙන් නැගී හිඳ ජනෙල් වීදුරුවෙන් එපිට මුද්‍රණාලය දෙස නෙත්යොමාන කතාව ඇරඹීය .
" එහෙම නෙමෙයි නාරද . මට පුළුවං උපරිමයෙන් වැඩ කරලා වැඩක් නෑ . මට ඕනේ තමන්ගේ උපරිමයටත් වඩා වැඩියෙන් තමන්ගේ වැඩ කටයුතු වලට සාධාරණයක් කරන අයවයි . තේරුනාද . . මොකද ඒක ආයතනයේ දියුණුවට වගේම තමන්ගේ දියුණුවටත් ගොඩාක් වැදගත් . එහෙම නේද නාරද . . . "
" ඔව් සර් . . . "
මොනවායින් මොනවා වෙන්න යනවාදැයි හිතාගන්න බැරිය . උල්පතකින් වතුර උනන්නාක් මෙන් ඉනූ සිහින් ඩා බිඳු එක්ව මහ වැස්සකට හසුවූ පරිද්දෙන් මුළු ඇඟම තෙත්කරවනු දැනින .
" සර් , මගෙන් මොකවත් mistake එකක් වෙලාද . "
මම දෙගිඩියාවෙන් යුතුව බිම බලාගෙන ඇසීමි .සමහරවිට දසනායකටද මා බියවී ඇතැයි හැඟෙන්නට ඇත .
" මොකද නාරද බයවෙලා වගේ . . . ? " සිහින් මදහසකින් යුතුව ඇසීය .
" නෑ සර් , එහෙම දෙයක් නෑ . . . "
" බයවෙන්න එපා . වරදක් නම් වෙලා නැ . හැබැයි වරදක් වෙන්න ඉඩ තියන්නත් එපා ඉස්සරහටත් . තේරුනාද . . . ? "
මම පාසල් සිසුවෙකු ගුරුතුමාට වරදක් කර හසුවූ පරිද්දෙන් හිස සෙලවීමි .
" මම මේ නාරදට හදිස්සියේම කතාකලේ වැදගත් කාරනයක් කියන්නයි . තව දවස් දෙකකින් හරියටම නාරද මේ company එකට join වෙලා අවුරුද්දක් වෙනවා . ඉතින් මම හිතුවා නාරදගේ වැඩ කටයුතු ගැනත් බලලා asst printing manager විදියට level up කරන්න . හැබැයි ඉතින් වෙනදටත් වඩා හොඳට මහන්සිවෙන්න වෙයි . මම අදිකාරිත් එක්කත් කතා කළා . අදිකාරිත් කැමතියි නාරදට මේ post එක දෙනවට . මොකද අදිකාරි තව මේ company එකේ ඉන්නේ මාස 6ක විතර කාලයක් විතරයි . ඒ කාලය ඇතුලත සේරම වැඩ ටික අල්ල ගන්න පුළුවන් නේ නාරදට . "
" ඔව් සර් . . "
" හරි මම documents ලැස්ති කරලා නාරදට කියන්නම් . අනික , මම නාරදගේ salary එකට 5000 add කරන්න තීරනය කළා . එහෙම හොඳයිද එහෙම නැත්නම් වෙන අදහසක් තියෙනවද . . . ? "
" එහෙම හොඳයි සර් . . . "
මා එසේ කියුවා නොව ඉබේටම කියැවුණා යි සිතේ . මාතුළ ඇත්තේ සතුටක්ද බයක්ද යැයි වෙන් වෙන් වශයෙන් තෝරා බේරාගැනීමට මා අපොහොසත්වීමි . එහෙම අවශ්‍යතාවයක් ගැන සිතීමට තරම් ද සිතේ අවසරයක් නැතුවායි හැඟේ .
. . . මතු සම්බන්ධයි . . .
අහා එහෙනම් අපේ කතානායක "නාරද".
ReplyDeleteහ්ම්ම් හ්ම්ම් . . .
ReplyDelete