Wednesday, April 17, 2019

පියාපත් ලැබී 37

" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් .  ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට  මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට 



෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



අසිත කාර්‍යාලයට පිවිස සෑහෙන වෙලාවක් ගතවුවත් කළයුතු කිසිවක් සිතට නොනැගෙයි . ප්‍රශ්ණ වැලක් උද්ගතවී ඇත . දසනායක අසනීප තත්වයෙන් පසුවන බව කිසිවෙකුට දැනගැනීමට ඉඩ නොතැබිය යුතුය . කිහිප දෙනෙකු බලා සිටින්නේ හොද මුහුණක් පෙන්වාගෙන සිට ලැබෙන අවස්තාවකදී අයුතු ප්‍රයෝජන ගැනීමටය . දැනටමත් ඕඩර්ස් කිහිපයක් පිටගොස් ඇතිබව වටින් ගොඩින් ආරංචි වී ඇත . අසිත පුටුවෙන් නැගිට ජනේලයෙන් එළිය බැලුවේය .  එවිටම වගේ නාරද වාහනයෙන් බැස කාර්‍යාලය දෙසට ඇවිද එනු පෙනුනි . අසිතගේ සිතට යම් සහනයක් දැනුනි . මද වේලාවක් තම කැබිනයේ රැදී සිටි අසිත නාරදගේ කැබිනය දෙසට ගියේය .

" ගුඩ් මෝනිං මචං . . . " නාරද අසිත දුටුවනම පැවසුවේය .

" වෙරි ගුඩ් මෝනිං . .. අද උඹ නම් ෆුල් හැපී මූඩ් එකේ වගේ . ඒත් මොකද මචං උඹේ මූනට වෙලා තියෙන්නේ . . "

" ඇයි බං .  මොකද වෙලා තියෙන්නේ . . " නාරද මූණ අතගාමින් ඇසුවේය .

" උඹේ ඇස් දෙක රතුවෙලා . මූණත් ඉදිමිලා . උඹ ඊයේ තනියම බිව්වෙ එහෙම නෑ නේ . .  "

" පිස්සුද බං .  . නිදාගන්නකොට රෑ වුණානේ . ඒක වෙන්න ඇති . "

නාරදගේ සිතට ලැජ්ජාවක් දැනුනි . ඔහුට පෙරදා රැය සිවුණි . අසිත යම් ගැටලුවක සිරවී සිටියෙන් නාරදගේ හදිසි වෙනසක් ඒ තරම් ලොකුවට දැණුනේ නැත .

" අසිත මොනවද මචං අප්ඩේට්ස් .. . "

" ප්‍රශ්ණ නම් ගොඩයි නාරද . . . " අසිත නාරද දෙස බැරෑරුම් බැල්මක් හෙලුවේය . .

" මොකද්ද කේස් එක . . .? "

" ඕඩර්ස් කීපයක්ම පිට ගිහින් . අනික අර ' ලිහිනියා ඇපරල් ' එකේ ඕඩර් එකේ ඩිලිවරි ලේට් කියලා උන් ඒකේ ක්ලේම් එක අපිට දාලා . "

" ඉතිං බං ඒවා ඔක්කොම ප්‍රින්ට් කරලා තිබ්බ ඒවානේ . ඇයි ඩිලිවරි දෙන්න බැරි . එහෙම වෙන්න බෑනේ . "

" වජිර ඩිලිවරි කරලා නෑ . .  "

" ඇයි ඒ . .  උඹ උගෙන් ඇහුවද .  . "

" ඔවු . මම ඇහුවා . ඌ කියනවා උඹ ඉන්ෆෝම් කලේ නෑ කියලා . "

" යකෝ අච්චර ලොකුවට ඩිලිවරි ප්ලෑන් එක හදලා බෝඩ් එකේ දාලා තියෙනවා . මම ඌට වෙනන ඇගිල්ලෙන් ඇනලා කියන්න ඕනද බං . මට තේරෙන විදියට ඌට ඕන වැඩේ අවුල් කරන්න . "

" මටත් හිතෙන්නේ . ඌ ගේන්නේ මෝඩ තර්කයක් . උඹේ පෝස්ට් එකේ වැඩේ ආරංචි වෙලා මගේ හිතේ . අපි කලබල නොවී ඉමු . උගෙන් කොහොමත් මේ කම්පැනි එකට වැඩක් නෑ . ඌ අවුලක් විතරයි . මෙහෙම කරමු . දසනායක ඔෆිස් ආවම උඹේ පෝස්ට් එක කන්ෆර්ම් කරමු . ඊට පස්සේ ගේම අදිමු . දසනායක සර්ට උගෙන් ඇහුවහැකිනේ වෙනදත් නාරද කියලද ඩිලිවරි යවන්නේ කියලා . බෝඩ් එකේ දාලත් තියෙනවනම් , ඩිලිවරි එක රෙඩි වෙලත් තියෙනවා නම් ඇයි නොයැවුවේ කියලා කෙලින්ම ඌව අල්ලගමු . එතකොට එතනින්ම ඒ ගැටලුව ඉවර කළ හැකි . "

" මං ඌට කතා කරන්නද . ... "

" එපා නාරද . ඌ බලාගෙන ඉන්නේ උඹ ඌට ප්‍රශ්ණයක් දානකන් . ඊට පස්සේ යූනියන් කේස් එකක් වෙයි . කලබල නැතුව ඉමු . "

" ඕකේ . .. ."

" දැං මොකද මිස්ටර් දසනායකට . සර් ඔෆිස් එකපාරක් හරි ආවානම් තමා හොද ."

" ඩොක්ටර් රෙස්ට් කරන්න කිව්වා . අපි හවස් වෙලා තත්වේ බලලා දසනායක සර්ට කතා කරමු . .  "

" හ්ම් . . ."

නාරදත් අසිතත් බොහෝවේලාවක් ආයතනයේ ගැටලු පිළිබදව සාකච්චා කළෝය .



              ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴




දර්ශන උදෙන්ම පිටත් වුණේ හීනටිගල වෙදමහත්තයා හමුවන අටියෙනි . යාලුවෙක්ට හරි බයිසිකලයක් තිබුණේ වෙලාවට . අහගෙන අහගෙන ගියත් සොයාගැනීමට ලොකු වෙහෙසක් දැරීමට අවශ්‍ය නොවුණි .

වෙල්‍ යාය පසුවනවාත් සමගම පොල්වත්ත මැද පිහිටි වෙද මැදුර සිත් සතන් සනහාලන්නට සමත්වෙයි . දර්ශන සෙමෙන් නිවස ඉදිරිපිටට ගියේ කිසිවෙකු ඇත්දැයි බලන්නටය . නමුත් ගේ ඉදිරිපස කිසිවෙකු නොවීය .

" කවුරුවත් නැත්ද . . .? " දර්ශන කතාකලේය .

නමුත් කිසිවෙකු නිවස ඉදිරියට නොපැමිණියේය . දර්ශන සෙමෙන් නිවසේ පිටුපස දෙසට පියමැන්නේය . එහි කුඩා බංකුවක හිදගෙන වයස හැටපහක් හැත්තෑවක් වන සීයා කෙනෙක් කොළ වගයක් කපමින් සිටියේය .

" සීයේ . ගෙදර කවුරුවත් නැද්ද . . .? "

" ම්ම් . . . ඔය ළමයා කාවද හොයන්නේ . "

" මම මේ වෙදමහත්තයාව හම්බෙන්න ආවේ . වෙද මහත්තයා ඉන්නවද . .. ? "

" ආ වෙදමහත්තයා ඉන්නවා . ඔය ළමයා මොකටද වෙදමහත්තයාව හොයන්නේ . මොකද්ද අසනීපෙ දරුවො . .. ."

" මට මේ . ..  වෙදමහත්තයව තමයි හම්බෙන්න ඕන . .. "

" ඉතිං ඒක තමයි ඇහුවේ මොකද්ද අසනීපය කියලා . " ඔහු රැළිගැසුණු මුහුණ හැඩකොට මදහසක් පා කීවේය .

" අනේ මට සමාවෙන්න වෙදමහත්තයා . මම නොදැනයි කතා කළේ . . .. "

" ආ ඒකට මොකද ඉතිං . කියමුකෝ බලන්න කාරනාව . මොකද මේ ළමයා . . ." වෙදමහතාගේ මුවේ සිනහව එලෙසමය . .

" වෙදමහත්තයා මම මේ ආවේ ලෙඩෙක් ඉන්නවා බේත් ගන්න එක්කන් එන්න අහන්න . "

" අමුතුවෙන් අහන්න දෙයක් නෑ ළමයෝ . එක්කගෙන එන්ඩ . මොකද්ද අසනීපය . "

" මම හරියටම ලෙඩේ ගැන නම් දන්නේ නෑ වෙදමහත්තයා . ඒ මහත්තයලා ඉන්නේ කොළඹ . ඒ නිසා තමයි එන්න දිනයක් අහගන්න ආවේ . මගේ අයියා වැඩකරන කම්පැනි යේ අයිතිකාරයා .. "

" හොදා . ..  එහෙනම් කොළඹ ඉදන් එන නිසාත් ඉඩපාඩු තියෙන දිනයක් යොදාගෙන එන්න කියමු . මට දිනේ ගැටලුවක් නෑ . .. . "

" හොදයි වෙදමහත්තයා . මම කියන්නම් . "

" කතාබහ කොරලා එන්ට කලියෙන් දිනයක් මට ඇවිදින් කියමුකෝ .  . "

" හොදයි වෙදමහත්තයා . . . මම ගිහින් එන්නම් . " දර්ශන වෙදමහතාට වැන්දේය .

" හොදා . . . තෙරුවන් සරණයි . "

ඔහු යලිත් පෙර ලෙසම කොළ කපන්න පටන්ගත්තේය .

අයියට ගිහින් විස්තරේ කියන්න ඕන . එහෙ අච්චර හොද ඉස්පිරිතාල තියෙනවත් එක්ක . අනික ඕනතරම් ස්පෙශලිස්ට්ලා ඉන්නවා . මොකට මේ කැලේ එන්න හදනවද මන්දා . අනේ මන්දා .. .  දර්ශනට නොසිතුනාමත් නොවේ . අපි දන්නෙ නෑ නේ හරියට . දර්ශන සිතුවේය .



. . . මතු සම්බන්ධයි . . .


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

පියාපත් ලැබී 36

" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් .  ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට  මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට 



෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



" පිස්සු කෙල්ල . . . .  " නාරදට හිතේ ගුලිවුණු ආදරය සගවාගත නොහැකිම තැන කියවුණි .

" ආ . . . . " පාරමීගේ හිත හිරිවැටීගෙන යයි .

" සොරි . .. කියවුණා . අනේ මොනවත් හිතන්න එපා . "

" ඉට්ස් ඕකේ . . . සොරි කියන්නේ මොකටද . . ? මම කැමතියි එහෙම කිව්වට . " පාරමී කොට්ටය තුරුළුකරගෙන කීවාය .

" නාරද  . . . මම දෙයක් අහන්නද . . ? හැබැයි මට එහෙම අහන්න නම් අයිතියක් නෑ . ඒත් මගේ හිත ගොඩවෙලාවක ඉදන් කියනවා අහන්න කියලා . "

" අහන්න . .  ඔයා එදා කිව්වා වගේ අපි හොද යාලුවොනේ . ඉතින් යාලුවෙකුට හොදම යාලුවාගෙන් අහන්න බැරි දෙයක් නෑනේ . . . "

පාරමී යලිත් කල්පනාවකට වැටුණි . මට ඔයාගේ යාලුකමට වඩා දෙයක් ඕන නාරද . කොටින්ම මට ඔයාව අයිතිකරගන්න ඕන . පාරමී සිතුවාය .

" ඔයා තාත්තිව ගෙනත් ඇරලලා කොහෙද රෑ වෙනකන් ගියේ .

පාරමීගේ පැනයට නාරද නිරුත්තර වූවාය .

" මම. . . මේ . .. . ඇත්තටම  මේ . . . නිකං කල්පනා කර කර ඔහේ ගියා පොඩ්ඩක් . "  නාරද සිනාවක් මුව පුරෝගෙන කීවේය .

" නාරද . . .  ඔයාට මම නිසා ප්‍රශ්නයක් ද . . මම ඇත්තම කියන්නද .  එදා අසිත අයියට කියවුණා මමත් එක්ක ගියාට පස්සේ නාරද කල්පනා කරන එකමයි වැඩේ කියලා . ඇත්තද නාරද . . . ?  " පාරමී දුකෙන් ඇසුවාය .

" අනේ එහෙම දෙයක් නෑ . අසිතට පිස්සු . ඔයා දන්නවනේ අසිතගේ හැටි . කට ඇරියොත් පිස්සු කතාවක්නේ කියන්නේ . "

" අහන්න . . .  මට ඔයාට දෙයක් කියන්න ඕන . " පාරමී නාරදගේ හිත ඇතුළටමවිත් කීවාය .

" කියන්න . . . "

" මට ඔයාව තේරෙනවා නාරද . නොතේරෙනවා නෙමෙයි . ඔයාට හිතන්න ගොඩාක් දේවල් තියෙනවා කියලා මම දන්නවා . ඒ දේවල් අනිත් හැමදේම යටකරගෙන ඉහලට එනවා කියලා මට තේරෙනවා . මම මුලින් ඔහේ ජීවත් වෙච්ච කෙනෙක් නාරද . පස්සේ ජීවත් වෙන හැම තත්පරයකටම හේතුවක් මට හම්බවුණා . ඒ මගේ තාත්ති නාරද . නොතේරෙන කාලේ වගේ නෙමෙයි . මම තාත්ති වෙනුවෙන් මගේ ජීවිතේ සාර්තක කරගන්න උත්සාහගත්තේ  .  දැං තව හේතුවක් තියෙනවා නාරද . මටත් නොදැනීම ඒ දේ මගේ හුස්ම තරමටම මට ඕන වෙලා . සමහර විට ඒ හුස්ම නැතිවුණොත් මට මොනවා වෙයිද කියලා මට බයක් දැනෙනවා . ඒ තරමටම මට ඕන . . . "

දෙයියනේ . . මේ කෙල්ල මේ නොකියා කියන්නේ මම එයාගේ හුස්ම කියලා නේද .  . ඒ තරමටම . . .  නාරද සිතුවේය . . .

" මේ අහන්න . හැමදේම කාලය විසදයි . විශ්වාසයෙන් ඉන්න . "

" මට විශ්වාසයි නාරද . ඒත් මට බයයි . මම ඉපදෙනකොටම මගේ අම්මිව මට නැතිවුණා . දැන් තාත්තිට සනීප නෑ . මට මගේ හිතේ තියෙන දේවල් නැතිවේවි කියලා බයයි නාරද  . . . "

" බය නැතිව හුස්ම ගන්න . ඔයාට ඔයාගේ හුස්ම නැතිවෙන්නෙ නෑ . . "

" ඔයාට විශ්වාස ද නාරද . . "

" මට එහෙම හිතෙනවා . අපි බලමු . "

නාරද ගැන පාරමීගේ හිත තුළත් පාරමී ගැන නාරදගේ හිත තුළත් ඇතිවන ආදරය වැඩිවන බවක් දෙදෙනාගේම හිත්වලට දැණුනා .

" නාරද . . . "

" ම්ම් . . . "

" මට ආසයි ඔයා ගැන දැනගන්න . "

" හ්ම් . . මම ගැන මොනවද . . "

" හැමදේම . . "

" ඇයි දැං එදා මගේ ෆයිල් එක බැලුවා නේද . . .? ඒවා තමයි මගේ විස්තර . . . " නාරද සිනාසුණි . ..

පාරමී නිහඩය . නාරද එය කීවේ ඔලොක්කුවට මෙන් නිසා ඇයට ලැජ්ජා සිතෙන්නට ඇත .

" හෙලෝ . . . ඉන්නවද ඔයා . . " නාරද යලිත් ඇමතීය .

" ඔයා කොහොමද මම ඔයාගේ ෆයිල් එක බැලුවා කියලා දන්නේ . . . " පාරමීගේ සිතට ලැජ්ජාවක් දැනුනි .

" මම දන්නවනේ .  .  " නාරද හිනැහුනේය .

" කියන්නකෝ ඉතිං .  .  ."

" මම කැමරා චෙක් කරන වෙලේ දැක්කා . . . "

" ආ . . . ඒ කියන්නේ මෙයා කැමරාවෙන් මාව තමයි බලලා තියෙන්නේ නේද . . . ? "

" අපෝ වැඩේමයි . .   " නාරද හිනැහුනේය .

" දෙයියනේ . . .  " පාරමී එකවරම කීවාය .

" ඇයි . මොකද වුණේ .  .. "  නාරදද කලබලෙන් ඇසුවේ සිදුවූයේ කුමක්දැයි සිතාගත නොහැකිවයි .

" වෙලාව දෙකත් පහුවෙලා . ඔයා ඔෆිස් යන්න ඕන නේද . . ? නිදාගන්න නාරද . "

නාරද ද වෙලාව බැලුවේ එවිටයි . වෙලාව දෙක පසුවී විනාඩි විසිපහක් ව සටහන්වී ඇත .

" හ්ම් . . නිදාගමු එහෙනම් . " නාරද කීවේය .

" ම්ම්ම් .  . "

" එහෙනම් .. . . " නාරද ලෝබකමින් කීවේය .

" ම්ම් . . . . . . " පාරමීට ද නින්දට යාමට සිතක් නැත . එහෙත් නාරද උදේම ඔෆිස් යායුතුය . පාරමී සිතුවාය .

" පාරමී . . ."  හරියට ප්‍රාර්ථනාවක් වගේ . නාරදට සිතුණා .

" ම්ම් . . . "  පාරමීට වචනයකුදු පිටකිරීමට ලෝබකමක් දැණුනි .

" කාලයත් එක්ක හැමදෙයක්ම විසදෙයි . අපි හදිස්සි නොවී බලා ඉමු . "

" මමත් එහෙම විශ්වාස කරනවා . .  "

කොයිම මොහොතකවත් ආදරය දෙදෙනාම කියා නොසිටියද හදවතින් උනුන් බැදී සිටියෝය .

" මම දෙයක් අහන්නද . "

" අහන්න . "

" ඇයි මේ මාත් එක්ක මේ තරම් රෑ වෙනකන් කතාකරන්නේ . මම ඔයතරමට විශේෂ යාලුවෙක්ද . . ?" නාරදගේ මුවේ සිනාවක් විය.

" ඒ කියන්නේ . . . " පාරමීද කිසිවක් නොදන්නා අයුරින්  කීවේ සිනාව තදකරගෙනමයි .

" නෑ ඉතිං මම අහන්නේ තව යාලුවෝ එක්කත් මේ විදියට රෑ එක දෙක වෙනකන් කතා කරන්නේ නෑ නේ .  නේද . .? "

" අනේ . . . අන්තිම මොහොතේ මාව අඩවන්නද හදන්නේ . "

" නෑ නෑ . . මම නිකං ඇහුවේ . කියන්න බැරිනම් කිය්න්න එපා . . "

" නා ර ද . . . . "

" ඕකේ ඕකේ ගුඩ් නයිට් . . . අපි නිදාගමු . . . බුදුසරණයි . "

" ගුඩ් නයිට් නාරද . . බුදුසරණයි ඔයාටත් . . ."

"මේ නාරද . ... " යලිත් පාරමී කිසිවක් කීමට තැත් කළාය .

" ම්ම් .  .. කියන්න පාරමී . " යමක් කීමට ඇය තටමන බවක් දැණුනත් නාරද එය නොතේරෙන ලෙස සිටියේය .

" මම . . . . ම්ම්ම් . දෙයක් තියෙනවා කියන්න . " ඇය කියන්න ගිය දෙය ගිලගෙන කීවාය .

"ඉතිං . . . මොකද්ද  .  . "

" මාව හෙට පොඩ්ඩක් හම්බෙන්න . මම එතකොට කියන්නම් . .  ගුඩ් නයිට් . බායි . .  . "

නැවත කිසිවක් කීමට පෙරම ඇය දුරකතනය විසන්දි කළාය .

" පි ස් සි . . . " ඒ වචන  ඔහුගේ මුවින් පිටවුණේ හිතේ තිබූ සියලු ආදරය පුරවගෙනය . . .



. . . මතු සම්බන්ධයි . . .


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

Saturday, April 13, 2019

පියාපත් ලැබී 35

" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් .  ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට  මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට 



෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



" ඔවු . . , මම ආදරෙයි . . . ඒත් , "

" ඒත් උඹ දන්නේ නෑ  ඒ කෙල්ල උඹට ආදරෙයි ද නැත්ද කියලා . එහෙම නේ . . ? ඒකනේ උඹේ ප්‍රශ්ණේ . .  "

" නෑ . . මම දන්නවා පාරමී මට ආදරෙයි කියලා . " නාරද බිම බලාගෙන කිව්වා . .

" මගුලයි . . උඹ කොහොමද දන්නේ . .? ඒ කෙල්ල උඹට කිව්වද මේ ටිකට . " අසිත ඇස් ලොකු කරගෙන නාරද දෙස බලාගෙන හිටියා .

" උඹට පිස්සුද බං . ඒ කෙල්ල එහෙම කියයිද . . .? "

" එහෙනම් උඹ කොහොමද කියන්නේ ඒ කෙල්ල උඹට LOVE  කියලා . "

" ඒක නොදැනෙන්න මම මී හරකෙක් නෙමෙයිනේ අසිත . ඒත් . ."

" ඇයි ඒත් , මොකද්ද ප්‍රශ්ණේ . .. "

"  මචං ඒ මගේ බොස්ගේ දුව . අනික බං මගේ ගෙදර තත්වේ ගැන හිතනකොට මට මොන LOVE ද බං . . "

" හ්ම් . .  "   අසිත සුසුමක් හෙලා නාරද දෙස බලා සිටියේය .

" මම අසරණයි අසිතයා . මට ඕන හැමදේකින්ම ඈත්වෙලා පැනලා යන්න . හැමෝටම හොරෙන් . . "

" මේක අහපං නාරද . මම ආදරයෙන් පැරදිච්ච කෙනෙක් . අපිට බෑ ලැබෙන දේ වෙනස් කරන්න . සමහරවිට මට හරි කෙනා හම්බෙලා නැතිව ඇති . මට හිතෙනවා කවදාහරි කොහේහරි තැනකදි මගේ ජීවිතෙත් වෙනස් වේවි කියලා . මචං පාරමී උඹේ කෙනා නම් ඒක සක්කරයා ආවත් වෙනස් වෙන්නේ නෑ . එහෙම නෙමෙයි නම් ඉතින් කරන්න දේකුත් නෑ . හැබැයි මට හිතෙනවා උඹ කිසිම දේකට කළබල නොවී ඉන්නවා නම් හොදයි . හැමදේම විසදෙයි . "

" මට තේරෙන්නේ නෑ අසිතයා මොනවා කරන්නද කියලා . මට හිතෙනවා හොදට තිබ්බ හැමදේම අවුල් වෙලා කියලා ."

" පාරමී නිසාද . . "

" නෑ එහෙම නෙමෙයි බං . . "

" එහෙනං . "  අසිත නාරද දෙස බලා හිනැහුනේය .

" උඹ මට හිනාවෙනවා නේද බං ."

" පිස්සුද යකෝ . මම උඹට හිනාවුණේ නෑ . හිනා ගියා . ." අසිත යලිත් හිනැහෙන්නට වුණා . .

" උඹට නම් විහිළු . "

" හරි හරි . . බය නැතුව ඉදපන් . මමත් ඉන්නවනේ බං උඹ එක්ක . දැං ඔය මනස්ගාත අතඇරලා ගෙදර ගිහින් නිදාගනින් . දැං දහයත් පහුවෙලා . "

" හ්ම් . . . "

" මේ මතක් කරලා උඹේ ඔය මගුලේ ෆෝන් එක චාජර් එකට ගහපන් . නැත්නං අපිටයි වදේ . " අසිත වාහනයට නගින ගමන් කීවේය .

"  මේ ඒක නෙමෙයි . උඹ කොහෙද මෙහෙ . "

" මම ද . . . "  පාරමී නාරදව සෙවූ බවක් කියනවා ද නැත්ද යන්න මදක් කල්පනා කලේය .

" මොකද බං . ."

" පාරමී උඹට කතා කරලා තිබ්බා . ෆෝන් එක වැඩ නෑ කියලා මට කෝල් කළා . මම එච්චර ගණන් ගත්තේ නෑ . උඹ ගෙදර ඇවිතුත් නැති නිසා මට පොඩි සැකයක් ආවා මොකක් හරි දෙයක් උඹලා දෙන්නා අතර වෙලා ඇති කියලා . "

" එහෙම දෙයක් වුණේ නෑ බං ." අසිත බිම බලා ගත්තා .

" හරි හරි . දැං ඒවායෙන් වැඩක් නෑ . පොඩ්ඩක් පාරමීව පැත්තක තියලා ජොබ් එක ගැන හිතපං දැං . මම යනවා . උදේට වරෙන් . "

" හරි අසිතයා .. ගුඩ් නයිට් මචං . . ."

" ස්වීට් ඩ්‍රීම්ස් . . . " අසිත නාරද දෙස බලා නක්කලයට සිනාසෙමින් යන්න ගියේය .
ඒ කියන්නේ පාරමී මාව හොයලා . වාහනයේ රැදි චාජරයට ෆෝන් එක අමුණන ගමන් නාරද සිතුවේය .


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


වෛද්‍ය උපදෙස් වලට අනුව පියාට රාත්‍රියට බර ආහාර වේලක් නොදීමට පාරමී සැලකිලිමත් වූවාය . බේත් නිසියාකාරව ලබාදුන් ඇය පියාට නිදාගැනීමට ඉඩ සලසා ලයිට් ඕෆ් කර කාමරයෙන් පිටතට පැමිණියාය .

නාරද දැං ගෙදර ගිහින් ඇති . පාරමී සිතුවාය . මගේ හිතේ ඇත්තටම ආදරයක් පිරිලා නේද . . පාරමීට සිතුනා . ඒත් ඒ ආදරය මගේම කරගන්න පුළුවන් වෙයිද . . ? නාරද මට අකමැතියි ද . . ? මට ආදරේ කරයි ද . . .? ප්‍රශ්ණ කන්දරාවකින් හිත පිරිලා . හෙමින් හෙමින් ඉස්තෝප්පුවට පැමිණි පාරමී නාරදට ඇමතුමක් ගත්තාය . නමුත් ඔහුගේ දුරකතනය විසන්දිකොට තිබුණි . කිහිප විටක් ඇමතීමට උත්සාහ කළත් එය අසාර්තක විය .
පාරමී අසිත ඇමතුවේ එනිසායි .


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


නාරද රිය තරමක් වේගයෙන් පදවාගෙන ගියේ ඉක්මනින් නිවසට යාමටයි . නුගේගොඩට කිට්ටුවනවිට නාරදගේ දුරකතනය නාදවණු ඇසුනි .
පාරමී නේද . . . නාරදගේ හිත වේගයෙන් ගැහෙන්න පටන් ගත්තේය . සෙමින් රිය පාරේ අයිනට කර නවතා නාරද ඇමතුම ගත්තේය .

" හෙලෝ .. ."  නාරද හිතේ තිගැස්ම සගවාගන්නට වෙරදැරුවේය .

" හෙලෝ . ." පාරමී තම හද ගැස්ම නාරදට ඇසේ යැයි බියෙන් පපුව තදින් තදකරගත්තාය .

" ආ ඇයි මිස් . මොකක් හරි හදිස්සියක්ද . .? " නාරද තම හැගීම් යටපත් කරගෙන කතා කලේය .
පාරමීගෙන් කිසිදු පිළිතුරක් නැත .

" හෙලෝ . . " නාරද නැවතත් විමසුවේය .

" නෑ මම නිකන් ගත්තේ . ගෙදර ගියාද බලන්න . අපි නිසා ගොඩාක් කරදර වෙනවානේ . " පාරමී බිත්තියකට වාරු වුණාය .

" ආ . . මම ඒත් හිතුවා මොකක් හරි උවමනාවක් වෙන්න ඇති කියලා . මේ යන ගමන් මිස් . . . "

" ඇයි මේ තරම් රෑවෙලා . තවම පාරෙද ඔයා ඉන්නේ . "

" හ්ම් . . . " නාරද අනෙක්පස හිද පැවසුවේය .

" මේතරම් රෑ වෙනකන් තනියෙන් ඇවිදින්න යන්නේ ඇයි . මහන්සිවෙලානේ ඉන්නේ . "

නාරද කිසිවක් නොකීවේය . මේ කෙල්ල හරියට කතාකරන්නේ මාව අයිතිකරගෙන වගේනේ . නාරදට සිතුණා ..

" සමාවෙන්න . . "  පාරමී මිමිණුවාය . සමහර විට පාරමීටත් එලෙසටම සිතුණා වියහැක .

" නෑ මිස් . එහෙම සමාව ගන්න දෙයක් නෑ . මිස් මගේ හොදටනේ කිව්වේ . " නාරදගේ හිත ගැස්සී තිබුණත් ඔහු එය පිටතට නොපෙන්නුවේය . කිසිදු සම්බන්ධයක් ඇති නොවන්නට නාරද වග බලාගන්න උත්සාහ කළේය .

" හ්ම් . . තාමත් ඔයා ඩ්‍රයිව් කරන ගමන් ද . . .? "

" නෑ මම වාහනය නවත්තගෙන ඉන්නේ .  "

" හ්ම් . . මම එහෙනම් තියන්නම් . තවත් පරක්කුවෙනවා ගෙදර යන්න . "

" නෑ මිස් . මට හදිස්සියක් නෑ . . "

" නෑ නෑ . දැං ගෙදර යන්න . පුළුවන්නම් මට එක පොඩි උදවුවක් කරන්න . "

" ඒ මොකද්ද මිස් . කරන්න පුළුවන් දෙයක් නම් අනිවාර්‍යෙන්ම කාරන්නම් . " නාරද සිනාසෙමින් කීවත් හිතේ ගැස්මක් තිබුණි .

" බැරි නෑ . ඔයාට පුළුවන් . ."

" හරි ඉස්සෙල්ලා කියන්නකෝ බලන්න ."

" මේ දුරස්කම ටිකක් හරි නැතිකරගන්න ඕන නාරද . මට මිස් කියන එක නවත්තන්න නාරද . ඒක මාව රිද්දනවා ගොඩාක් . ප්ලීස් . .  ඔයා එහෙම කරනවා නම් විතරක් මට ගෙදර ගිහින් කෝල් එකක් දෙන්න . බැරි නම් කෝල් එකක් ඕන නෑ . මම හිතාගන්නම් . පරිස්සමින් ගෙදර යන්න .  මම බලාගෙන ඉන්නම් . බුදු සරණයි . . !  "

නාරද කිසිවක් කීමට කලින් පාරමී දුරකතනය විසන්දි කළාය . ඔහුට කිසිවක් කරගැනීමට නොහැකි විය . මද වේලාවක් සිටි අයුරින්ම සිටි ඔහු රිය පනගන්වාගෙන නිවස දෙසට පැදෙවුවාය .



. . . මතු සම්බන්ධයි . . .


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

පියාපත් ලැබී 34

" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් .  ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට  මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට 



෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


නාරද පාරමී යන දෙස ඔහේ බලාගෙන උන්නේය  . මම කොහොමද අයිතිවාසිකම් කියන්නේ ඔයාට . මම කොහෙද ? ඔයා කොහෙද ? අපි අයිති ලෝක දෙක්කට පාරමී . මමත් ආසයි ඔයාව මගේ ලගට ගන්න . ඒත් මම දැං ඉන්නේ ලෝකයක් එක්ක සටන් කරන්න පුළුවන් වෙලාවක නෙමෙයි . මගේ අහිංසක අම්මා , ඉගෙන ගන්න නංගි , අනාගතයට අතවනන මගේ මල්ලි ඒ විතරක් ද මගේ ගැන විශ්වාසය තියලා තියෙන ඔයාගේ තාත්තා . මම කොහොමද මේ හැමෝටම අහක බලන්නේ . මම දන්නවා , මට තේරෙනවා ඔයා මගෙන් මොනවද ඉල්ලන්නේ කියලා. ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම නොතේරෙන මම මහා මෝඩයෙක් නෙමෙයි . ඒත් මම අසරණයි . අපි මේ ඉන්න විදියට ටිකක් ඉමු . ටිකක් ඈතින් . දැනට . . . අපි කාලයත් එක්ක පොරබදන්නැතුව ඉමු . දවසක ඔයාට තේරෙයි සමහර විට ඇයි මම එහෙම කලේ කියලා . එතකං අපි බලාන ඉමු . හ්ම් . . . නාරද හිතේ බර ඔක්කොම එකතුකරලා දිග හුස්මක් රෑ අහසට පාකරලා යැවුවා .

නාරද කාරය දසනායකගේ නිවසින් එළියට ගත්තේ පාරමී ගැන හැම හැගීමක්ම අතැරැ ' යි සිතුවත් නාරදට නොදැනීම සිත් වලින් ඔවුනොවුන්හා බැදි  සිටියා .

වෙලාව රෑ නමය පසුවී ඇත . නාරද රිය ඔහේ පැදෙවුවා මිස ගෙදර යාමට ඔහුට සිත්නොදුන්නේය . පාර අයිනේ පෙට්ටි කඩයක් අසල නැවතුනු ඔහු ඉන් සිගරට්ටුවක් මිලට ගෙන දල්වා කාරයටම හේත්තු වුණේය . ගස් අසඑන් සද රැස් යාන්තමට කාපට් පරට වැටී දිලිසෙයි . ඔහු එදෙස ඔහේ බලාන උන්නේය . පසුපසින් පැමිණි කිසිවෙක් ඔහ්ගේ උරහිසට තට්ටු කළේය .

" උඹ මේ වෙලේ මෙතන මොකද කරන්නේ . . "

අසිත නාරද දෙස බලාගෙන උන්නේ පුදුමයකින් මෙනි . නාරදගේ සිතට කිසිවක් කීමට එකවර සිතට ආවේ නැත  .

" මම . . මේ . . . මේ . . . . ගෙදර යන ගමන් . පාරමීව බැස්සුවා . "

"මොකක් . . පාරමීව . උඹ පාරමී එක්ක කොහෙද ගියේ . . "

" නෑ නෑ . .  මම මේ කිව්වේ පාරමීගේ තාත්තව ගෙදරට බස්සලා මම ගෙදර යන ගමන් කියලා . . "

"  මොකද බං මේ පොලිසියෙන් දැකපු කසිප්පු කාරයා වගේ . උඹට මොකද උනේ . ඇත්ත කියපං . "

" නෑ බං . සිරාවට . . . "

" කෝ උඹේ ෆෝන් එක . ඕෆ් ද . . ? "

නාරද තම දුරකතනය අතටගෙන බැලුවේය .

" ඕෆ් වෙලා . . , බැට්‍රි බැහැලා වගේ . .  ." නාරද අසිත දෙආ බැලුවේය .

" මොන රෙද්දක්ද බං . ඔය මගුල ඔන් එකේ තියාගනින්කෝ . මම උඹලගේ ගෙදරටත් ගියා . දැං වෙලාව කීයද බලපං . උඹ මිස්ටර් දසනායක ව බස්සලා තියෙන්නේ හතට විතර . මේ වෙනකං පාරවල් ගානේ යන්නැතුව ගෙදර යන්න එපෑ බං . මොකද්ද ප්‍රශ්ණේ . ඇත්ත කියපං . යකෝ ප්‍රශ්ණයක් ආවාම ඉබාගාතේ ගිහින් හරියන්නේ නෑ . . "

" මට මාව අමතක කරන්න ඕන අසිත . " නාරද බිම බලාගෙන කීවේය .

" එහෙනම් මේකයි අවුල . පාරමී නේද . . .?

නාරද බිම බලාගෙන සිටියේය . ඔහුට කිසිවක් කීමට තරම් හිතක් නොවීය . අසිත කෙතරම් විහිළු කළත් මේ ඒ සදහා වෙලාව නොවන බව තේරුම් ගත්තේය .

" අයියේ සිගරට් එකක් දෙන්න . . " නාරද පෙට්ටි කඩය දෙසට හැරුණේය .

" මට මේක හරියට කියපං . උඹ පාරමීට ආදරෙයිද . . ? "

" නෑ . . මම පාරමීට ආදරේ කරන්නේ නෑ බං . මට ඕන එයාව අමතක කරන්න . "

" ඈ බං වස්සෝ , දැං උඹේ හිතේ පාරමී නැත්තං මොන #@%$&*ක් ද බං අමතක කරන්න ඕන කියන්නේ . තොට පයිත්තියන්ද . මගෙං උඹ කුණුහරප අහගන්න එපා බං . ඇත්ත කියපං . උඹ පාරමීට ආදරෙයි ද නැත්ද . . .??"



  . . . මතු සම්බන්ධයි . . .


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

Thursday, April 11, 2019

පෙම . . .

වාසනාව අවාසනාව ගැන කියන්න ඇත්තටම මට ඒ හැටි තේරුමක් නෑ . මගේ අම්මා තාත්තා ලංකාවේලු . ඒත් මම ඉපදිලා තියෙන්නේ ඉන්දියාවේ . මම උපදිනකොටම මගේ අම්මා තාත්තා මේ ලෝකෙන් යන්න ගිහින් තිබුණා . ඒක නිසාම දෝ මට ඒ හැටි ඒ ගැන හැගීමක් තිබුණේ නෑ . හැබැයි පොඩි දුකක් නොතිබුණාම නෙවෙයි කිසිම දාක දකින්න නොලැබීම ගැන . මම සතුටු වුණා '  ඉන්දියාවෙන් ආවට ලංකාවෙ උන් නැත්නම් මුං ගොට්ටෙත් නෑ ' කියලා මිනිස්සු කියද්දි . එතකොට මං ඉන්දියන් ද ? නැත්නං ශ්‍රී ලංකන් ද ? අනේ මන්දා මට තේරෙන්නෑ ඕවා . හැබැයි මං මතක ඇති කාලෙක ඉදන් උන්නේ තට්ට තනියම . කාත් කවුරුවත් නැතිව .

ඔහොම කාලයක් ඉන්නකොට තමා මට උඹව මුණගැහුනේ . වෙලාවකට මට හිතෙනවා මමත් සමලිංගිකයෙක් ද  කියලා . මොකද මටත් තිබුණේ පිරිමි හැගීම්  . ඇයි එහෙම වෙන්න බැරිද ? එහෙම වුණත් නොවුණත් මම උඹ ගැන ඒ තරමට හිතුවා . වෙලාවකට හිතෙනවා  උඹ මගේ ප්‍රථම ප්‍රේමය කියලත් .

දැක්ක දවසේම හිතගියා උඹට . අපි හම්බෙලා ලොකු කාලයක් නෑ . ඒත් ඒක හරි හයිය බැදීමක් වෙලා තිබුණා . තට්ට තනියම මුල්ලකට වෙලා උන්නු මට ඇත්තටම එළියට එන්න පුලුවන් වුණේ උඹ හින්දා . පලවෙනි දවසේ අපි යාළුවෝ වගේ හැසිරුණත් උඹේ ඇස් වල එයිට එහා ගිය හැගීමකින් පිරිලා තිබුණා .

පළමු දවසෙම ඒ විදියට ලෙංගතු වුණු අපි ගොඩාක් ලගින් ආස්‍රය කළා . කාලයත් එක්කම හිතේ තියෙන ගොඩාක් දේවල් උඹ මගේ ලගින් ඉදගෙන දිගහැරියා . ගොඩාක් වෙලාවට අපි දෙන්නා අතර රහසක් තිබ්බේ නෑ . හැබැයි කවුරුවත් නොදන්න ගොඩක් රහස් අපි දෙන්නා බෙදාගත්තා . මමත් හුලං පොදක් වත් නොයන විදියට ඒ හැම රහසක්ම හිරකරලා තියාගත්තා .

උඹට මතකද මාත් එක්ක ගිහිං අඩියක් ගහපු දවස . එදා මට අමතක වෙන්නැති දවසක් . පොඩ්ඩක් වෙරි වුණාම උඹ හරියට ආදරණීය වෙනවා . මං නං උඹට ටිකක් වෙරි වෙනවට කැමතියි . මොකද එතකොට තමයි ගොඩාක් වෙලා උඹ මා ලගින් ඉදගෙන ඔහේ කියවන්නේ . මමත් ආසම උඹේ ඔය කියවිල්ලට . බිම බලාගෙන අහං ඉන්න . හැබැයි උඹ එදා නං කියෙව්වේ උඹේ මහලොකු කෙල්ල ගැන . ඒකිගේ ගෙදරින් උඹට අවුල් ලූ . . උඹ වෙරි මරගාතේ ඔහේ ඔක්කෝම කියෙව්වා . මගේ හිත රබර්ද බං . . දුක හිතුණා . ඇත්තටම දුක හිතුණා . ඒත් මං කරබාගෙන අහං හිටියා . කාටද පුළුවං තමංගේ ආදරේ වෙන කාටවත් බෙදෙනවා බලන්න . පුළුවං ද . . . මට නං බෑ . . . ඒත් මම ඉවසුවා . මොකද ඒ තරමටම මම උඹට ආදරෙයි . ඇත්ත , මට තියෙන්නේ පිරිමි හැගීම් . එතකොට ඒවා හැගීම් නෙමෙයිද බං . ඉවසුවා බං .  ඉවසුවා . . . එදා හරි අමාරුවෙන් උනත් මම උඹව වත්තන් කරගෙන ගෙදර ගියා . උඹට ගෙදර යනවා වත් මතකද ? නෑ නේ . .  ඒ උඹට තියෙන ආදරේට බං . වෙන එකෙක් නං යනගමන් තල්ලු කරලා හෙලකට . මට එහෙම බෑ බං . මගේ හිත රබර් ද බං ඕන ඕන අතට ඇදෙන්න . මට එහෙම බෑ . . .

කොච්චර කිව්වත් උඹ නං හැදෙන එකෙක් නෙමෙයි . උඹ එදත් නැගිටිනකොට හොදටම පරක්කුවෙලා . දඩි බිඩි ගාලා ඇදගෙන මාත් එක්කම උඹ ආවේ හැත්තෑවත් පන්නලා වේගෙන් . පාර නම් ටිකක් නිස්කලංකයි තමයි . එහෙම ඇවිත් උඹ තියෙන තදියමට ආපු විදියටම ටවුම පැත්තට හැරෙවුවා .

ෆ්‍රීඊඊඊඊඊඊඊක් . . . .

මං බැලුවා කවුද කියලා . ලයිට් කණුව අස්සේ උන්නු පොලිස් මහත්තුරු දෙන්නෙක් . ලගටම ආවා .

" ආ . . කොහෙද මහත්තයා ඉගිල්ලෙන්නේ . නිකං හරි කවුරුහරි පැන්න නම් එහෙම . කෝ ගන්න බලන්න රියදුරු බලපත්‍රය . ."

" සර් පොඩ්ඩක් පරක්කුවෙලා සර් .. "

" පරක්කුවෙලා කියලා ඔහොම ගිහින් බෑ නේ මහත්තයෝ . අනතුරක් වුණාම ඔයගොල්ලො ඔහොම කතා කියලා හරියන්නේ නෑනේ . . කෝ බලපත්‍රය ගන්න . .  "

මම සද්ද නැතිව හිටියා . දෙන්නෙක් කටදාන්න ගිහින් වැඩේ දෙල් කරගන්න ඕන නෑ නේ .

" එහෙම නෙමේ සර් . වැරැද්දක් තමා වුණේ . මම පිලිගන්නවා . මොකක් හරි කරලා දෙන්න සර් . . "

මට උඹේ මූණ දැක්කම හිනා යන්නත් එනවා . යකෝ හරියට පාරේ ආවනම් කාටවත් නැවෙන්න ඕන නෑනේ . අනේ මන්දා . කොහෙද උඹ හැදෙන එකෙක් යැ . මට දුකත් හිතුණා . පොලිසියේ මහත්තයත් වටේ යන ගමන් කතාව .

" හරි දැං මොකද්ද මහත්තයා කරන්න කියන්නෙ . මාර්ග නීතිවලට අවනත නොවීම . එතකොට අවදානම් ලෙස රිය පැදවීම . වැරදි ගොඩයි මහත්තයෝ . . . "

" මෙන්න මේක ගන්න සර් .  . "

උඹ තමා මිනිහා . හැමෝටම හොරෙන් පන්සීයේ කොලේ සාක්කුවේ ඔබනවා මම දැක්කා . අනේ යකෝ .  . . උඹට තදවෙලා ඉන්න වෙලාවේ නිකං බැනුම් අහන්න ඕන නැති නිසා මම සද්ද නැතිව හිටියා .

" ආයේ අපේ කවුරුහරි නැවැත්තුවොත් අහවලා අදුරනවා කියලා කියන්නකෝ මහත්තයා . කරන්න පුළුවන් උදවුවක් කරලා දෙයි . "

" හරි සර් . . තෑන්ක් යූ . .. "

" හැබැයි කෝකටත් ඔය වාං පතුල් ගලවලා විසිකරන්න . ලිස්සලා ගියොත් ආයේ නවතිනවා බොරු . මහත්තයාගේ හොදට කියන්නේ . . "

"හරි සර් . . මාරු කරගන්න ඕන .  ."

ඔක්කෝම තේරුණත් අන්තිම ටික තමා තේරුණේ නැත්තේ . ඒ වෙලේ උඹේ හැසිරීමෙත් මම මහ අමුත්තක් දැක්කා . උඹ මං දිහා බලාගෙන හිටියා . උඹට ඒ වෙලේ තිබුණේ හරි අසරණ වෙච්ච මූණක් .

" පඩි ගන්නකං ඉවසපං බං . "

උඹ මට කිව්වේ අහිංසක විදියට හිනැහිලා .

සුපුරුදු විදියට දවස් කීපයක් ගතවුණා . ඒ අතරේ උඹට කිසි නිදහසක් තිබුණේ නෑ . උදේම යනවා රෑ වෙලා එනවා . ඒත් හැමදේම සල්ලි නෙමෙයි බං . ජීවිතේ විදින්නත් ඕන . මට උඹට කියන්නත් හිතුණා . ඒත් අපි අතරට මොකටද නැති ප්‍රශ්ණ . .

සෙනසුරාදාවක උදේ . උඹ උදේම නැගිටලා . ඒ මදිවට මාවත් ඇහැරෙව්වා . උදේ පාන්දර  උඹව දැක්කම මට නිකං පිස්සු වගේ . ඩෙනිමට ගැලපෙන්න ලස්සන නිල්පාට ශර්ට් එකක් ඇදලා ලස්සන ශූස් දෙකක් දාලා හිටියා . ඇත්තටම ලස්සනයි . මගේ හිතට නිකං මොකද්ද වුණා . හිරිවැටිලා වගේ . සන්ග්ලාස් එකත් තිබ්බනම් ගති කියලා කියන්න හදනකොටම උඹ ආයේ ටක්ගාලා ගෙට දුවලා සන්ග්ලාස් අරගෙන ආවා . වෙලාවකට හිතෙනවා උඹට මගේ හිත කියවන්න පුළුවන්ද කියලත් . අනේ මන්දා . මට කියන්න ලැජ්ජා නෑ ඇත්තටම මගේ හිතත් උඹ ගැන ආදරයෙන් පිරිලා .

" පඩි වැටිලා බං . යමං ඉක්මනට . සෙනග පිරුණම මුකුත් කරගන්න වෙන්නේ නෑ . "

උඹ එහෙම කියනකොට මගේ හිතට එක එක ඒවා ආවා . මගේ හිතේ වල් කම මූණෙන් පෙනෙයි කියලා මම බිම බලාගෙන හිටියා . මට පුදුමත් හිතුණා උඹ ගැන . අනේ මන්දා . . ..

අපි ගියේ වෙලක් මැදින් . ඒ ගිහින් කෙලවරට වෙන්න අපි නැවතුනා . හරි ලස්සන පැත්ත . මම වෙල්‍ යාය මැද්දෙන් එන ආදරණීය සුලගේ පහස වින්දා . .

" පාල අයියා . . "

" ආ මහත්තයා උදේම ඇවිත් ."

" ඔවු පාල අයියා . නැත්නං කට්ටියම පිරුණම වෙලා යනවනේ . ඒකයි . "

" මොනවද මහත්තයා කරන්නේ "

" ෆුල් සර්විස් . ඔන්න ඔය ඉලවු හතරත් ගලවලා විසිකරලා දාන්න . අලුතෙන් දාමු . යන දිහා නෙවෙයි යැවෙන්නේ . කම්බි මතුවෙන්නත් එන්නේ "

" හරි මහත්තයා . අලුතෙන් ආපු සුපිරි සෙට් එකක් තියෙනවා . ඉන්දියන් . කට්ටත් හොදයි . මෙහේ පාරවල් වලට ඔරොත්තු දෙනවා . වැඩි කාලයක් දිවුවහැකි ."

පාල කියාගෙන කියාගෙන ගියා . මාව ගැලවිලා මුල්ලකට විසිවෙලා යනකොට මම ඔහේ බලාගෙන හිටියා . මගේ හිතට හරි හිස්කමක් දැණුනා . උඹට ටිකක්වත් දුක හිතුන් නැත්ද .  .  .  මම මගේ හිත තද කරලා අල්ලගත්තා . . .



                                          - නිමි -


Monday, April 8, 2019

පියාපත් ලැබී 33


" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් .  ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට  මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට 



෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


වෙලාව හතර පසුවි ඇත . කළයුතු වැඩ ඉහටත් උඩින් ඇති බවක් නාරදට පෙනුනත් ඒ කිසිවකට හිත සන්සුන් නැත . දසනායක මහතා ඇමතුමක් දීමට පෙර සියල්ල පසෙකින් තබා  රෝහල වෙත යාමට නාරද සිතුවේය . මේසය මත විසිර තිබු සියල්ල එක්තැන් කර නැගී සිටියේ පිටව යාම සදහායි . ඒ සමගම අසිත කැබිනය වෙත හිසපොවා බලනු නාරද දුටුවේය .

" උඹ කොහෙ යන්නද ? "

" මම හොස්පිටල් එකට යන්න මචං . හවස ඩිස්චාර්ජ් කරනවා කිව්වා සර්ව . "

" හරි එහෙනම් මට කෝල් එකක් දියන් . සර්ව එක්කගෙන ගියාට පස්සේ . මම දසනායක සර්ගේ ගෙදරට එන්නම් . "

" හරි මචං  . "

"  මේ . . . ඒක නෙමෙයි . නාරද  "

" කියපං "

" නෑ මුකුත් නෑ . උඹ පලයං . මම එහෙට එන්නම් . "

අසිත කුමක් දෝ  කියන්නට ගොස් යලිත් එය ගිලගත්තේය .

වාහනයට ගොඩවුණු නාරද  කෙලින්ම රෝහල වෙත පදවාගෙන ගියේය . යන අතර සිතුවිලි දහස් ගණනක් සිතපුරා ඒ මේ අත සැරිසරණ බවක් දැණුනත් ඒ කිසිවකට තේරුමක් මේ යැයි නාරදට දැනුනේවත් සොයන්නට සිතුනේවත් නැත . නාරද රිය රෝහලේ රථගාලේ නවතා යනවිටත් දසනායකව ඩිස්චාර්ජ් කර තිබුණි .

" ආ නාරද . මම මේ කෝල් එකක් ගන්න කියලා හැදුවා විතරයි . "

කාමරයේ දොර හැරගෙන එන රුව දෙස බලාගෙන දසනායක තෙපලුවේය . "

" මම කෝකටත් කියලා වේලාසන ආවා සර් . "

" හ්ම් . . නාරදටත් අපි නිසා මේටිකේ හරියට  කරදර  නේද ? "

" අනේ නෑ සර් . මම සර් වෙනුවෙන් ඕන දෙයක් කරනවා  .  මම ඒ කිසිදේකට තප්පරයක්වත් පරක්කු වෙන්න කැමති නෑ . මම මොනාවා උනත් මනුස්සයෙක් විදියට අද මේ තත්වෙන් ඉන්නේ සර්ට පිංසිද්ධ වෙන්න  . මම ඒ දේ අමතක කරන්නේ නෑ . "

" නෑ නාරද . ඔයා මේ තත්වේ ඉන්නේ මම නිසා නෙවෙයි ඔයාගේ කැපවීමයි උත්සාහයයි නිසයි . "

" ඒ මොනවා වුණත් , සර් මම වැටිලා හිටි වේලාවේ අත දුන්නේ නැත්නම් මම මෙතැන නෑනේ සර් "

" හරි හරි . "

දොරට තට්ටු කරමින් කාමරය වෙත ඩොක්ටර් වික්‍රමසිංහ පැමිණියේ නාරද දෙසත් දසනායක දෙසත් මාරුවෙන් මාරුවට බලමින් සිනාසීගෙනමය .

" ආ . . .  මිස්ටර් දසනායක නම් ගෙදර යන්න රෙඩි වෙලා වගේ . නේද ? "

" ඔව් ඩොක්ටර් . නාරදත් මාව එක්කගෙන යන්න ඇවිත් ඉන්නේ . මුකුත් ප්‍රොබ්ලම් එකක් නෑ නේද ඩොක්ටර් . "

" නෑ  නෑ . මේ . .  කිසි ප්‍රශ්නයක් නෑ . මිස්ටර් දසනායට ගෙදර ගියහැකියි  . " ඩොක්ටර් වික්‍රමසිංහ සිනාසුනේය .

" කවුද මේ . . . නාරද නේද . "

" ඔවු ඩොක්ටර් . . " නාරද හිස ඔසවා ඩොක්ටර් වික්‍රමසිංහ දෙස බැලුවේය .

" මිස්ටර් නාරද යන්න කලින් මගේ රූම් එකට පොඩ්ඩක් එන්න . මිස්ටර් දසනායකගේ රිපෝට්ස් ටික අරගෙන යන්න .

" ඔකේ ඩොක්ටර් . "

" තෑන්ක්ස් අ ලොට් ඩොක්ටර් වික්‍රමසිංහ මට කරන උදව් වලට . " දසනායක වික්‍රමසිංහගේ අතගෙන මිරිකුවේය .

" ඒ මගේ යුතුකම මිස්ටර් දසනායක . මගේ වගකීම . ඕකේ ගුඩ්ලක් . "

" තැන්ක්ස් ඩොක්ටර් . "

" මිස්ටර් නාරද අපි යමුද . . . "

" ඔකේ ඩොක්ටර් .

නාරද ඩොක්ටර් වික්‍රමසිංහ පසුපස පියමැන්නේය .



෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴ 



" පොඩි පුතේ . . පොඩි පුතේ . . . මේ ළමයා කොහෙට වෙලාද මම දන්නෑ . පොඩි පුතේ . ."

" මේ එනවා අම්මේ . . . " දර්ශණ සාලය වෙත පියමැන්නේය . "

" පුතේ අයියා කතා කළාද ? "

" ඔවු අම්මේ . අයියා කතාකළා  . අර හීනටිගල වෙදමහත්තයගේ විස්තර හොයලා දෙන්න කිව්වා . කාටද බෙහෙත් ගන්න කියලා . "

"  ඒ කාටද හදිස්සියේම . "

" කවුද , බොස්ට ද කොහෙද කිව්වා . "

" හ්ම් . මේ ළමයට රටේ නැති වැඩ . පවු . දානේ විස්තරයක් අයියට කිව්වේ නැත්ද ? "

"  මම මතක් කළා අම්මේ . දවස් කිට්ටු කරලා එයි . "

" අනේ මන්දා . මේ ළමයට නිවාඩුවක් ගන්න බැරිවෙයිද දන්නෙත් නෑ . "

දර්ශණ කාමරය දෙසට සෙමෙන් පියමැන්නේ අයියා ගැන කල්පනා කරමින්‍ ය . හෙට උදේම ගොස් වෙදමහත්තයාව බැලිය යුතුය . අයියා ලේසියෙන් කාගෙන්වත් උදව්වක් ගන්නෙකු නෙමෙයි  . නමුත් ඔනෑම කෙනෙකුට දෙවරක් නොසිතාම නොපැකිලව උදව් කිරිමට ඔහු සැදි පැහැදී සිටියි . ඒ සදහා ප්‍රතිඋපකාරයක් ඔහු කිසිසේත් බලාපොරොත්තු නොවෙයි .


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



ජීවිතේ කිසිදාක නොවිදි නුහුරු හැගීම් සමුදායකින් සිත වෙලාගෙන ඇත . සිත නැවුම් සිතුවිලි දාමයකින් පිරී තිබුණත් ගත ඔත්පලවී ඇති බවක් හැගේ . අඩුම තරමේ ඇහිපිල්ලමක් ගැසීමටවත් ඇගේ සිතට සිත් නොදෙයි . පාරමී දෑස් තදකරගෙන ඇදේ වැතිර සිටියාය .

ක්‍රීං . . ක්‍රීං . .
ක්‍රීං . . ක්‍රීං . .

දුරකතනය මහ හඩින් නාද දුන්නත් පාරමීගේ සවනත මානයකට ඒ හඩ දැවටුණේ නැත .

" පුංචි බේබි  . . . පුංචි බේබි . .

" ම්හ් . . . ." පාරමී මේරි අම්මගේ ගඩින් දෑස් ඇර බැලුවාය .

" පුංචි බේබිට කෝල් එකක් . දැං ගොඩක් වෙලා ඉදන් එන්නේ . හදිස්සි පණිවිඩයක්ද දන්නේ නෑ නේද බේබි . "

පාරමීට තම පියාව සිහිවුණි . ඇය සැනෙකින් දුරකතනය අතට ගත්තාය .

" හෙලෝ . . "

" මොකද බං උඹට වෙලා තියෙන්නේ . හෑන්ඩ් ෆෝන් එකත් වැඩ නෑ . බැරිම තැන ගෙදරට ගත්තේ . මොකක්හරි ප්‍රශ්නයක් ද . .? "

" මහන්සියට ටිකක් ඇදට වෙලා හිටියා . ඇහුනේ නෑ . . "

" ඒ මොකද බං ඔයතරමට මහන්සි . "

" තාත්තිට සනීප නැතිවුණා බං . හොස්පිට්ල් නැවැත්තුවා . "

" නෑ . . . ඒ මොකද බං හදිස්සියේම . අංකල්ට මොකද දැං . . . "

" දැං නං අවුලක් නෑ . ඊයේ තාත්තිට හාට් ඇටැක් එකක් ඇවිල්ලා . සිහිනැතිව වැටුණා . අසිත අයියයි නාරදයි හිටපු නිසා ටක් ගාලා හොස්පිට්ල් ගෙනියන්න පුලුවන් වුණා . ඒක නිසා අවුලක් වුණේ නෑ . ."

" හ්ම් . . තෑන්ක් ගෝඩ් . "

" හරි ඒක නෙමේ . මොකද දැං උඹ හදිස්සියේම ගත්තේ . "

" හදිස්සියක් නෑ බං . මම මේ ගත්තේ දැං උඹේ වැඩේ තත්වේ මොකද අහන්න . " කේතකී සිනාසුණාය .

" තත්වේ . . . මොනවැඩේද බං . "

" මම මේ කිව්වේ උඹෙයි නාරදගෙයි වැඩේ ගැන . "  ඇය යලිත් සිනාසෙයි .

" මේ නිකං ඉදපං බං පද හදන්නේ නැතුව . "

" පද . . පද නෙමෙයි බං ඒක තමා ඇත්ත . උඹ කතාකරනකොට නාරද ගැන උඹේ හිතේ තියෙන ඒවා හංගන්න හැදුවට නිකංම අනිත් අයට පේනවා . මෝඩි . උඹ එදා කතා කරපු විදියට මම හිතුවා . . . "

" මොකද්ද . .. මොකද්ද . .. මොකද්ද උඹ හිතුවේ . "

" නෑ නෑ . . මුකුත් නෑ . මම කටවහගෙන ඉන්නම්කෝ . අපි බලමුකෝ . . . ."

" හරි හරි ඔය ඝාන්ඨාරේ ගහන එක නවත්තපං . "

" ඒක නෙමෙයි , දැං අංකල්ව කවද්ද බං ඩිස්චාර්ජ් කරන්නේ . "

" අද ඩිශ්චාර්ජ් කරනවා . සමහරවිට නාරද දැං එක්කගෙන එනවත් ඇති . "

" අප්පද බොල නාරදට ඩ්‍රයිවින් ජොබ් එක හිතට අල්ලලා වගේ . " කේතකී යලි සිනාසෙන්න පටන්ගත්තාය .

" මේ ඒක මායි නාරදයි බලාගන්නම් . උඹ හොට නොදා ඉදපං . "

" ආ . . . . දැං ඒ තරමට දුර ගිහින්ද දෙන්නා . "
පාරමීත් කේතකීත් දෙදෙනාම එක්ව සිනාසුනෝය .

"මොනවද කේති . විහිළු එපා බං . . "  පාරමීගේ මුහුණ රතුවී ඇත .

" හරි හරි මේ අහපං . කොල්ලව දැක්කම නම් අහිංසකයි කියලා තේරෙනවා තමයි . ඒත් අපිට ඇතුලාන්තය පේන්නේ නෑනේ බං . කාලා බලන්න ද . නේ . . "

" හ්ම් . ." පාරමී ඊට වඩා කිසිවක් නොකීවාය .

" මේ ඇත්ත කියපං . නිකමටවත් උඹ කාලා බලන්න ගියේ නෑ නේ . . . "

" නිකං ඉදපං බං . .." දෙදෙනාම එක්ව සිනාසුනෝය . 
නාරද කවරෙක්ද යන්න වග පාරමී මේවනවිට තරමක් දැන හැදිනගෙන උන්නාය . නමුත් ඒ ගැන කිසිවක් කේතකීට හෝ වෙන කිසිවෙකුට කීමට ඇයට අවශ්‍ය නොවූවාය .
කේතකී බොහෝවේලාවක් කතාකරමින් සිට දුරකතනය විසන්දි කළාය .



  . . . මතු සම්බන්ධයි . . .

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

Sunday, April 7, 2019

පියාපත් ලැබී 32


" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් .  ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට 



෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



" ඇයි , මොකද බං " නාරද අසිතගේ මුහුණේ ඉරියවු නිරීක්ෂණය කරමින් ඇසුවේය .

" මිස්ටර්  දසනායකගේ ගෙදරින් " අසිත පැවසුවේය .

" මොකක් හරි අවුලක්ද දන්නේ නෑ . . "

" හෙලෝ . . . "

" අසිත අයියා . . නාරද ඔෆිස් ආවද . "

" හ්ම් . . . ප්‍රශ්නයක් වගේ නම් තමයි ." අසිත දුරකථනය අතින් වසාගෙන නාරදට කිවේය .

" ඔවු ඔවු ආවා මිස් . මොකක් හරි අවුලක් ද ? "

" නාරදට ඔයා කතාකරන ඒවා ඇහෙනවද ? "

 " ම්ම් . . . නෑ . . . "

" අනේ නෑ . මේ . . නාරදගේ ෆෝන් එක වැඩකරන්නේ  නෑ . ඒකයි බැලුවේ . මම හිතන්නේ කාලත් නැතිද කොහෙද . ඒකයි චුට්ටක් බැලුවේ . "

" ආ . . . ඒකද මේ . හරි වැඩේනේ . නේද . . " අසිත සිනහව තද කරගෙන කතා කරයි .

" අනේ ඔයා චුට්ටක් බලනවද අසිත අයියා . . . මේ . . මම කතාකළා කියන්න එහෙම එපා හෝදේ . .  "

" ඔකේ මිස් . මම බලන්නම් . එයාට ෆෝන් එක දෙන්නද මිස් "

" එපා එපා . . . මම තියනවා . " පාරමි දුරකථනය විසන්ධි කළාය .

අසිත දුරකථනය අත තබාගෙන බැරෑරුම් දෙයක් කල්පනාකරන මෙන් රගපෑවේය  . ඔහු විඩෙන් විඩ නාරද දෙස බලමින් කල්පනා කරන බවක් පෙන්නුවේය . අසිතගේ මුවට සිනා ආවත් ඔහු එය අමාරුවෙන් වළක්වා ගත්තේය .

" මොකද මචං ප්‍රශ්නේ . . " නාරද යලි ඇසුවේය .

" පොඩි ප්‍රශ්නයක් බං . "

" ඉතින් කියපන්කෝ . "

" මට පොරොන්දු වෙයන් උඹ හිත කලබල  කරගන්නෑ කියලා " අසිත චරිතාංග නලුවෙකු ලෙස රගපෑමේ යෙදෙයි .

"  නෑ . නෑ . . . ඉතිං කියපංකෝ " නාරදගේ සිතට බියක් දැණුනි . පාරමීට මොකද්ද ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ . . .

" පාරමි  කිව්වා . . . . "

" ඉතින් . . "

" පාරමි කිව්වා . . " අසිත මනමාල සිනාවක් ආරූඪ කරගත්තේය .

" ඉතිං , මොකද්ද පාරමි කිව්වේ . "

" උඹට . . . " යලිත් නොකියා නාරදගේ ඉරියව් බලමින්  අසිත ඔහුව කුලප්පු කළේය .

" ඉතිං මට මොකද්ද ? " නාරදගේ මුහුණ මනමාල පාටට හැරෙමින් මැකෙමින් තිබුණි . ඔහු තම හැගිම් සගවන්න වෙරදරන බව අසිතට හොදටම හැගුනි .

" උඹට කැමති කිව්වේ නෑ තාම ." අසිත මහ හඩින් හිනැහෙමින් කීවේය .

නාරදට ඌරුජුවල්‍ ය . අවස්ථාවෙන් ප්‍රයොජන ගෙන කරන විහිළු වලට අසිතව නොමරා ඉන්නේ කළ නොහැකි ම නිසාය . නැතිනම් නාරද  අසිතව මරලා හංගලාය .

" උඹ හිතුවා නේද කැමතියි කිව්වා කියලා . ආ . . . ඇත්ත කියපං . "

" මේ අසිතයා විහිළු වලත් සීමාවක් තියෙනවා . " අසිත පෙරලි පෙරලී සිනාසෙයි .

" ඕක නවත්තපං උඹේ ඔය වදුරු මුණ තලාගන්නේ නැතිව . "

" උඹේ ෆෝන් එක ඕෆ්ද . . . ?  " අසිත ඇසුවේය .

" ඔවු . බැට්රි බැහැලා ඇයි "

අසිත යලිත් සිනාසෙන්න විය .

" ෆෝන් එක ඔන් කරලා තියාගනින් . උඹේ අහිංසක ප්‍රේමිය කලබල වෙලා . " අසිත තවමත් සිනාසෙයි .

" උඹට මොනාහරි කවන්න කිව්වා . බඩගිනි ඇති කියලා . අනේ පවු පොඩි එකා . වරෙන් හරහට කුක්කු දිලා නලවලා දොයි කරන්න . "

අසිත උඩ පැන පැන සිනාසෙයි . නාරද කිසිවක් නොකිවේය . මේ කෙල්ලටත් පිස්සු ද මන්දා නිකන් මට ලෙඩ දාන්නේ . නාරද සිතුවේය . දැන් මූත් එක්ක කියවගන්න යන එකෙන් වෙන්නේ ඒවායෙන් තවත් ප්‍රයෝජන ගන්න එක බව නාරද හොදින් දනී. අසිත ඇතිවෙනතුරු සිනාසී නාරද දෙසට හැරුනේය.

"  මේ අහපං . කෙල්ල අමුතුවෙන් හා කියන්න දෙයක් නෑ . කෙල්ල කැමතියි . අනික මම දන්නවා කෙල්ලට වැඩිය උඹ කැමතියි . ඒත් පුතේ හිතෙන් තිරණ ගන්න යන්නෙපා මේ වේලාවේ. මොලෙන් .. මොලෙන් තීරණ ගනින් . කලබල නැතිව ඉස්සෙල්ලා දෙපැත්තෙම තියෙන ප්‍රශ්ණ ටික විසදගනින් . මොකද දසයටත් හාට් ඇටෑක් . එකපාරටම ඕක දැනගෙන කූරියා ගහන්ඩත් බැරි නෑ . . . අසිත යලිත් සිනාසුනේය . විහිලු නෙමෙයි බං . ඉස්සෙල්ලා දසයව ගොඩදාගමු . ඊට පස්සෙ උඹලගේ ගෙදර ප්‍රශ්ණ ටික බලපං . එතකොට පුලුවං ලවු එක . . "

" එතකං මම ඉදියි ද බං . . "

" පිස්සුද බං . ඔය ඔක්කොම විසදගන්න මේ ආත්මේ බැරි වෙයි . . " අසිත යලිත් සිනාසුනේය .

" ඉස්සෙල්ලා දසයව ගොඩදාගමු . අනිත්වා ඉබේට විසදෙයි . වැඩිය හිතන්න යන්න ඕන නෑ . හොද විදියකට හැමදේම වෙයි . මට එහෙම දැනෙනවා . " අසිත නාරදගේ උරහිසට තට්ටුවක් දැම්මේය .

මද වේලාවක් නාරද දෙස බලා සිටි අසිත තම කැබිනයට යාමට පිටවුණි . මද කල්පනාවක වැටී සිටි නාරදගේ සිතට නොසන්සුන් කමක් දැණුනි . හිත එකලාසියක් නැත . ඔගු දුරකතනය අතට ගෙන නිවසේ අංකයට ඇමතුමක් ගත්තේය .

" හෙලෝ . .  මල්ලී . ..  "

" ආ කියන්න ලොකු අයියේ . . "

" දානේ වැඩ දැං මොකද මල්ලී . පන්සලට ආරාධනා කළාද . "
" ඔවු අයියේ . අම්මයි නංගියි සුදු නැන්දත් එක්කද කොහෙද ගිහින් තිබ්බා . හත් නමකට ආරාධනා කළාය කීවා . "

" එතකොට දානේ උයන්න එහෙම කට්ටිය . . ? "

" ඔය අහල පහල කට්ටියත් ඉන්නවනේ අයියේ . සුදුනැන්දත් ඉන්නවනේ ."

" හ්ම් . . . මම හෙට සල්ලි ටිකක් දාන්නම් උදේම . මොනවාහරි කෙරෙන්ඩ  ඕන දේවල් බලලා කරන්න . මම ඉතුරු කරගත්ත සල්ලි ටිකක් තියෙනවා මගේ ලග . "

" හරි අයියේ . අයියගේ සල්ලි වලින් අට පිරිකරකුත් ගන්නද අයියේ . "

" හ්ම් . . . ගන්න හැමදේම . මදිවුනොත් කියන්න මම තව සල්ලි දාන්නම් . . .  "

" අයියා එන්නේ නැතිද එතකොට . "

මේ දවස් වල අම්බානට වැඩ . මම ට්‍රයි එකක් දෙන්නම් . ඒක නෙමෙයි , මට පොඩි වැඩක් කරලා දෙනවද . . "

" මොකද්ද අයියේ . "

" අර හීනටිගල වෙද මහත්තයා ගැන පොඩ්ඩක් හොයලා දෙනවද . වෙදමහත්තයා  ඉන්න තැන , බේත් කරන දවස් එහෙම . "

" හරි අයියේ . .  ඒත් කාටද හදිසෛයේම . "

" අපේ බොස්ට මල්ලි . බොස්ට ටිකක් සනීප නෑ මේ දවස් වල . අනේ චුට්ටක් බලලා කියනවද එහෙනම් . "

" හරි අයියේ . මම බලලා කියන්නම් ."

" එහෙනම් මම තියන්නද මල්ලි ."

" හරි අයියේ . බුදුසරණයි  . . . "

" බුදුසරණයි මල්ලි . . ."


  . . . මතු සම්බන්ධයි . . .

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

Saturday, April 6, 2019

පියාපත් ලැබී 31

" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් .  ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට 



෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


" දැන් දසයා වැඩිය පේන්න නෑ නේද බං " කොලටික තට්ටු කරන ගමන් අනුර පැවසුවේය .

" දසනායකගේ කෙල්ල ඇවිත් උන්නේ . මම දැක්කා දවසක් ඇවිත් ඉන්නවා ."

" ඒ ළමයා නම් දසයගේ ලගින්වත් තියන්න බෑ . ඕන කෙනෙක් එක්ක බොහොම සුහදව කතා කරනවා . ඒකට දසයා පෙන්නුවොත් වැරද්දක්නේ. "

" අන්න අන්න අසිත මහත්තයා එනවා. " සද්දනොකර වැඩේ කරපන්. නැත්නම් ලෙඩක් වැටෙයි."

" උඹලට කියන වැඩක් නම් හරියට කරන්න බෑ කතාව  නම් තියෙනවා මා ගල දිග ඇරියා වගේ . මම මේ බලා ඉදලා බැරිම තැන ආවේ ."

දෙදෙනාම අසිතගේ හඩින් කතාව නවතා වැඩය ඉක්මන් කළෝය . පස්සෙන්ම නොහිටියොත් මුන් වැඩක් කරන්නේම නැත . මෙහි කිසිවෙක් නැතිකොට අම්බලමක් කරගැනිමට කිහිපදෙනෙක් බලාසිටියෝය . ඒ අතරට සුපවයිසර් වරුද විය . ඒ අතර " වජිර " මුල් තැනක් ගත් අයෙකි .

" අසිත කෝ නාරද පේන්න නෑ නේද ? "

වජිර ඇසුවේ ලෙඩක් ඇදීමේ අදහසින් බව අසිතගේ සිතට දැණුනි . එනිසාම ඔහු ලොක්කාගේ පැත්තටම බර තබා උත්තර දුන්නේය .

" මේ දවස්වල බොස් නාරදව ට්‍රේනින් එකකට ද කොහෙද යවනවානේ . ඒකට යන්න ඇති . "

" ඒ මොකටද බං මේ හදිස්සියේ ."

" අලුත් පොස්ට් එක බාරගන්න කලින් දැනගන්න  ඕන දේවල් මොනවා හරි ඇතිනේ .  මමත් හරියට දන්නේ නෑ . හෙට අනිද්දට දැනගන්න පුළුවන්වෙයි ." අසිත වජිරගෙන් ලිස්සා ගියේය.

" මොකද්ද බං නාරදට දෙන්න යන පොස්ට් එක ."

" මමත් හරියට දන්නෑ බං  නික๬ ආරංචියක් විතරයි ."

මුගේ බොරු . මූ දන්නවා කියන්නෑ . වජිර සිතුවේය . අපි බලමුකෝ මොකාටද එන්නේ කියලා .

පාරමීවත් මේරි අම්මාවත් නිවසට හැරලු නාරද ඔෆිස් එකට එනවිට සවස දෙක පමණ වී තිබුණි . නාරද සිය අසුනේ හිදගත්තේ කළ යුතු රාජකාරි පිළිබදව සිහිකරමිනි . එව්ටම වාගේ අසිත ද නාරදගේ කැබිනයට පිවිසුනේය .

" මොකද දැන් මිස්ටර් දසනායකට . මම එන්න හිතාගෙන ගිටියේ . කොහෙද පොඩ්ඩ බැරිවෙන්න බෑනේ මුං නාඩගං නටන්න ගන්නවනේ . "

අසිතට කුමක්දෝ කරුණකට මළ පැන ඇති බව  ඔහු දුටු විට පෙනේ .

" දැං නං හොදයි . හවසට ටිකට් කපනවා කිව්වා ."

" හ්ම් . මිස්ටර් දසනායක හොස්පිට්ල් බව කාටවත් දැනගන්න නොතිය ඉමු ."

" ඒක හොදයි . අසිත අපිට හෙට අනිද්දම වෙයාර් හවුස් එකේ වැඩ ටික ඉවරකරගන්න වෙනවා . නැත්නම් අපිට සෑහෙන පාඩුයි ."

" ඒකනම් එහෙම තමයි . ඒත් සල්ලි ප්‍රශ්ණ කොහොමද කරන්න්නේ . මම වික්‍රමභාහුත් එක්කත් කතාකළා .පෙටි කෑශ් වලට සල්ලි විතරයිලු තියෙන්නේ . එහෙම රෙපෙයාර් එකකට වගේනම් බොස්ට කියලා චෙක් එකක් දාලා සල්ලි ගන්න ඕනලූ . අපි කන්ට්‍රෑක්ටර් කෙනෙක්ව අල්ලලා එස්ටිමේට් එකක් ගමු . එතකොට අපි ගෑවෙන්න ඕන නෑනේ ."

" හ්ම් . . . අපි දෙතුන්දෙනෙක්ගෙන්ම ගමු . එතකොට අඩු තැනකින් කරගතහැකිනේ . "

" ඔව් . ඒක නෙමේ . කොහොමද ලවු එක දැන් . "

" මොන ලවු එකද ? " නාරද  අසිත දෙස යටැසින් බැලුවේය ." ඇයි බං උඹේ අලුත් ප්‍රේමය . කතාවකුත් තියෙන්නේ බං , අර මොන ඌරොද මංදා කැකුණ තලනකොට හබං කුකුලොද මොක්කුන්ටද ජය මගුල් කියලා නිකංද . . " අසිත අහක බලාගෙන ඇගට නොදැනී කීවේය .

" මේ අසිතයා , නිකං මගුල් කියවන්න එපා බං ."

" හා හා . . . ඔන්න අපි ගියා . අපිත් තව මෙහෙ ඉන්නවනේ මස්සිනා . බලමුකො උගුරට හොරා බේත් බොන හැටි . " අසිත නාරදට විහිලු කරමින් ආපසු යන්න සැරසුනේය .

" අසිත , පොඩ්ඩක් ඉදපන් මචන් . "

" කියපං . ..."

" මේ මම එනකොට වජිරයා නිකං අමුතු විදියට බැලුවේ ඇයි බං . නිකං ගේමට වගේ බැලුවේ . "

" දැං දැං මොනවා හරි ආරංචිවෙලා ඇති මයේ හිතේ . වැඩේ කියන්නේ එහෙකුටවත් හිතාගන්න බැරිවෙනවා මොකද මේ වෙන්න යන්නේ කියලා . වැඩිය නටන්න ආවොත් අපි ඌ ගැනත් බලාගමුකෝ . බය නැතු ඉදපං අපි මොනවාහරි කරමු .... "

" මට බය ජොබ් එක ගැන මචං . දැං මේ වෙන දේවල් කොහෙන් කෙලවර වෙයිද කියලා මට තේරෙන්නේ නෑ . නිකං හරි මගේ ජොබ් එකට මොනවා හරි වුනොත් මගේ ගෙදර උන් අනාතයි අසිත . මම ඉන්නේ ඇත්තටම ලොකු බයකින් . "

" උඹ බය නැතුව ඉදින් . මට උඹේ ගමන හොදට පේනවා , දැනෙනවා . බාධක එයි මචං . අපි කොහොම හරි ගොඩයමු . මම ඉන්නවා උඹ එක්ක . " අසිත නාරදගේ අත මිරිකගෙන කීවේය .

නාරදත් අසිතත් කතාබහේ සිටින අතරතුර අසිතගේ ෆෝන් එක රිංග් වුණි . අසිත දුරකතනය දෙස පරික්ශාකාරීව බලා නාරද දෙස බැලුවේය .


  . . . මතු සම්බන්ධයි . . .


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

Monday, April 1, 2019

පියාපත් ලැබී 30


" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් .  ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට 



෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



  " හ්ම් . . . " දසනායකට ඉබේටම  සුසුමක් හෙලුණි . තම ජීවිතය අවධානමක බව ඔහුට ඉවෙන් මෙන් දැණුනි . ටික වෙලාවකින් ඩොක්ටර් වික්‍රමසිංහ දොර ඇරගෙන කාමරය තුළට පිවිසියේය .

" ආ . . මිස්ටර් දසනායකව බලන්න කට්ටියම ඇවිත් ඉන්නේ . "

ඩොක්ටර් වික්‍රමසිංහ සැවොම සමගම සිනාසුනේය . ඉන්පසු නලාව ගෙන දසනායකව පරික්ශා කළේය . ඇදේ පසෙක කුඩා මේසය මත තිබූ ෆයිල් එකක් ගෙන එහි කිසිවක් සටහන් කොට පසෙක තැබුවේය .

" කොහොමද ඩොක්ටර් තාත්තාට  "   පාරමි විමසුවාය.

" දැo නo බයවෙන්න දෙයක් නෑ. නෝමල් . ඒත් මිස්ටර් දසනායක හොදට පරිස්සම් වෙන්න වෙනවා. කෑමෙන් බීමෙන් පරිස්සම් වෙනවා වගේම මනස වෙහෙස වන ක්‍රියාකාරකම් වලින් ගොඩක් දුරට ඈත්වෙනවා නම් හොදයි. දැන් ඉතින් දුවත් හොදතැනකට දීලා මිස්ටර් දසනායකට බණක් භාවනාවක් කරගෙන ඉන්නයි තියෙන්නේ. "

 දසනායක ඩොක්ටර් වික්‍රමසිංහ සමග සිනාසුනේය. 

" තැන්ක් යූ ඩොක්ටර් . අපි ගොඩක් බයවෙලා හිටියේ. ඩොක්ටර් තාත්තට ස්පෙශල් ට්‍රීට්මන්ට්ස් මොනවාහරි ගන්න ඕනද . අපිට එයාව තවකොහෙටවත් පෙන්නන්න ඕනද " පාරමි විමසුවාය .

" ඉoග්‍රිසි බේත් වලින් කරන්න පුලුවන් හැමදේම අපි කරලා තියෙන්නේ. ඔයාලා කැමතිනම් තව එක තැනකට ගිහින් බැලුවට කමක් නෑ කියලා මම හිතනවා . මම මේ කියන්නේ සාමාන්‍ය පේශන් කෙනෙකුට නොකියන දෙයක්. මිස්ටර් දසනායක මට පේශන් කෙනෙකුට වඩා ෆ්‍රෙන්ඩ් කෙනෙක් . "
 ඩොක්ටර් වික්‍රමසිංහ දසනායකගේ අතින් අල්ලාගෙන සිනාසුනේය . මගේ වයිෆ් ටත් තිබුණා ලෙඩක් . එයාව මම දන්න හොදම වෛද්‍යවරුන්ට පෙන්නුවා . ලoකාවේ විතරක් නෙවෙයි , ඉන්දියාවෙත් . ඒත් ගුණයක් පෙනුනේ නෑ . පස්සේ මගේ යාළුවෙක් කියලා මම එයාව එක්කගෙන ගියා වෙදමහත්තයෙක් ලගට එයා ඉන්නේනම් ටිකක් කොළඹට  දුරින්. අනුරාධපුරයේ පුජා නගරය කිට්ටුව . මම එයාගේ ඇඩ්‍රස් එක දෙන්නම් ගිහින් බලන්නකෝ .

" ඩොක්ටර් ඒ වෙදමහත්තයාගේ නම මොකක්ද ? " නාරද කල්පනාකරමින් සිට ඇසුවේය.

" මට මතක විදියට හීනටිගල වෙදමහත්තයා කිව්වාම ඒ පැත්තේ හැමොම දන්නවා. " 

" නාරද දන්නවද. " දසනායක නාරද දෙස බලා විමසුවේය.

" ඔවු අහලා තියෙනවා. ඒ පැත්තේ ගොඩක් ප්‍රසිද්දයි . අපේ ගමට ගම් දෙකක් විතර එහායින් තමයි ඉන්නේ "

" ආ නාරද ඒ පැත්තේද ? එහෙනම් ඉතින් වැඩේ තවත් ලේසි වෙයිනෙ . නේද " ඩොක්ටර් වික්‍රමසිංහ නාරද දෙසත් දසනායක දෙසත් බැලුවේය. පාරමිද නාරද දෙස බැලුවාය .

" මිස්ටර් දසනායකට අද හවස් වෙද්දි ගෙදර යන්න පුළුවන් .  තව චෙකප්ස් ටිකක් තියෙනවා . ඒ ටික කරගෙනම යන්න මෙහෙන් එකපාර. රිපෝට්ස් ටික අරගෙන ගියාම ලේසියි. " 

" තෑන්ක් යූ ඩොක්ටර් . " දසනායක පැවසුවේය.

" එහෙනම් මම හවස මම එන්නම් මිස්ටර් දසනායක . " ඩොක්ටර් වික්‍රමසිංහ සැවොමගෙන් සමුගත්තේය .

" අපි මොකද තාත්තා කරන්නේ." දසනායක දෙස බලාසිටි පාරමි ඇසුවාය.

" දැo ඉතිo මට හොදයිනේ දූ . . . "

" නෑ තාත්තා නෑ. මට බයයි තාත්තා ගැන . අපි අර වෙදමහත්‍තයා හම්බවෙන්න යමු. " පාරමි තිරණාත්මක හඩින් කීවාය. දසනායක පාරමි දෙසත් නාරද දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේය. මෙතන රැදී සිටීම තමන්ට සුදුසු නැතැයි නාරද සිතුවේය. ඔහු සෙමෙන් එළියට යාමට දොර විවරකරන්න හදත්ම දසනායක නාරදට කතාකලේය.

" නාරද . පුතා ඔය කියන වෙදමහත්තයා ගැන පොඩ්ඩක් අපි හොයලා බලමු නේද ? පුලුවන්ද නාරද . "

" හරි සර් මම බලන්නම්. අපේ මල්ලිට කිව්වාම  විස්තර හොයාගන්න බැරිවෙන එකක් නෑ." නාරද පැවසුවේය.

" නාරද එළියට යන්න හැදුවේය. තමාට තවත් මෙතැන කාමරය තුළ රැදී සිටීමට අපහසුවක් දැණුනි. පවුලේ කතා බහකට සම්බන්ධ වීමට තරම් තමා සුදුසු නැතැයි හැගුනි.

" නාරද , කොහෙද එළියට ද යන්න හැදුවේ . " දසනායක නාරද දෙස බලා ඇසුවේය .

" ඔවු සර් . මම එළියෙන් ඉන්නම් . පාරමී මිස් යන වෙලාවට කතා කරන්න . " නාරද දසනායක දෙසත් පාරමී දෙසත් බලමින් කීවේය .

" නෑ නෑ මෙහෙන් ඉදගන්න . මේරි අම්මේ ඔය ගන්නකෝ මේ මහත්තයට බොන්න දෙයක් . ඔය ෆ්‍රිජ් එකේ බලන්න . "

මෙතෙක් වේලා පසෙකට වී උන් මේරි අම්මා සැමටම බොන්න බීම පිළියෙල කළාය . නාරදටත් පාරමීටත්  බීම පිළිගැන්වූ මේරි අම්මා දසනායකට සුප් කෝප්පයක් පිළිගැන්වීය .

" මටත් හරි පිපාසයි මේරි අම්මේ . මටත් ඔය බීම ටිකක්ම දෙන්නකෝ ."

" නෑ . . නෑ . . ලොකුමහත්තයට ඕවා හොද නෑ . ලොකු මහත්තයා සුප් එක බොන්න . " මේරි අම්මා එසේ කියා පසෙකට වූවාය .

" මේක මළ කෙළියක් නේ . හා .. හා . . " 

දසනායක සුප් කෝප්පය අතට ගෙන පානය කළේය .

නාරදත් පාරමීත් සිනාමුසු මුහුණින් මෙදෙස බලා සිටියා හැර කිසිවක් කීමට නොගියෝය . සෙමින් සෙමින් සුප් කෝප්පය පානය කළ දසනායක බාත් රූම් එකටගොස් ඇගපත සෝදාගත්තේය .

" දැං පුතාලා ගෙදර යන්න . හවසට ඩිශ්චාර්ජ් කරනවනේ දූ . " දසනායක පාරමී දෙස බලා කීවේය .

" තාත්ති පරිස්සමින් හොදේ . . " පාරමී දසනායකගේ ඇගට බරවෙමින් කීවේය .

" හරි මගේ රත්තරනේ . මේ නාරදට පුලුවන්ද හවසට මාව ගන්න එන්න . " දසනායක පාරමීව තුරුලේම තබාගෙන ඇසුවේය . පාරමී ද නාරද දෙසම බලා සිටියාය .

" හරි සර් . මම එන්නම් . " 

" එහෙනම් දූ නාරදට කියලා ගෙදරට බස්සවගන්න . කෝ මේරි අම්මා , ගිහින් එන්න එහෙනම් . . " දසනායක සැවොම දෙස බලා කීවේය .

" ලොකු මහත්තයට රත්නත්තරේ පිහිටයි . " මේරි අම්මා කීවාය .

" අපි ගිහින් එන්නම් තාත්තී . . මම දවල් එන්නම් ."

" ඕන නෑ රත්තරනේ . මම හවස එනවනේ . දවල්ට එන්න ඕන නෑ . හොදද . පුතා ගෙදර ඉන්න . " පාරමී දසනායකට එකගවුණාය . සැවොම පිටවණු බලා සිටි දසනායක නාරදට කතා කළේය .

" නාරද එහෙනම් පරිසමට ගිහින් එන්න . මගේ කෙල්ලව පරිස්සමින් එක්ක යන්න නාරද . ඒ මගේ පන . " දසනායක නාරදගේ අතින් අල්ලාගෙන කීවේය .

" ගිහින් එන්නම් සර් . " නාරදගේ මුවින් වචන පිට නොවන තරම්ය .

" හොදයි නාරද . " දසනායක නාරදට සමුදුන්නේය .

හ්ම් .. දැං ඉතිං පාලුවේ ඉන්න එපෑ උඩ බලාගෙන . දසනායකට සිතුනි . ඔහුට රූපවාහිනිය නැරඹීම ප්‍රිය නොවූවේය . 

" සර් . . . " එකවරම නාරද දුවගෙන ආවේය .

" මට දෙන්න අමතක වුණා . සර්ට මම පත්තරෙයි මැගසීන් එකකුයි ගෙනාවා . ගිහින් එන්නම් සර් . "

පත්තරයත් මැගසීනයත් දසනායක අතේ තැබූ නාරද යළිත් පෙරලා දුව ගියේය .

නාරද අමුතු කොල්ලෙක් . හැමදේම ගොඩක් වෙලාවට දැනේන , තේරුම්ගන්න නාරදට පුළුවන් . .  දසනායක නාරද ගැන සිතුවේය . ඔහුටත් නොදැනී ඔහුගේ මුවට සිනාවක් නැගුනි . ඒ මන්ද යන්න ඔහු නොදත්තේය .


. . . මතු සම්බන්ධයි . . .


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

Sunday, March 31, 2019

පියාපත් ලැබී 29

" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් .  ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට 



෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


. . . ව්සිනමවෙනි කොටස . . .



පාරමී තේකත් රැගෙන නාරදගේ කාමරය දෙසට ගියාය . එකවර කාමරයට පිවිසිය නොහැක . කෝකටත් තට්ටුකරලා යනවා . පාරමී දෙවරක් දොරට තට්ටු කළාය . කෝ සද්දයක් නෑ නේ . ඉන්පසු දොර සෙමෙන් විවර කර කාමරය තුළට ගියාය . දෙ යි ය නේ . . පවු , තාම හොදටම නිදි . පාරමී නාරද දෙස බලා සිටියාය . ඔහු තමා දුන් සරම ඇද උඩට මුකුත් නැතිව නිදා සිටියි .

පාරමීගේ සිතට මහත් ආදරයක් , ලෝබකමක් දැණුනි . ඒත් තමාට එවන් සතුටකට හිමිකම් කීමට තවමත් වරම් ලැබී නැත . ඕ සිතුවාය . නාරද අනෙක් පැත්තට පෙරලෙත්දී නාරදගේ  හිස අසල තිබී ෆෝන් එක බිමට වැටෙන්න ගියේය . පාරමී සැනෙකින් එය වැටෙන්න නොදී තම අතට ගත්තාය .

' දෙයියනේ ' මේ මම නේද . සෙටි එකේ නිදාසිටින ඉරියවුවෙන් ඡායාරූපයක් තිරය මත සටහන්ව ඇත .  අනේ ඇගිල්ලත් උරනවා . පාරමීට ලැජ්ජාවක් දැණුනි . මෙයා මේ ෆොටෝ එක තියාගෙන මොනවද අප්පා කරන්නේ . ස් ස් ස් . .  ඇගත් ඇරිලා . දුහුල් නයිට් ඩ්‍ර්ස් එකට ලාවට සේරම පේනවා . පාරමී ෆොටෝ එක මත ඩිලීට් බටන් එක එබුවාය . ඒත් ඇයි මම එහෙම කරන්නේ . පාරමී ඩිලීට් කන්ෆර්ම් නොකර කල්පනා කළාය . ඇය යලිත් ඒ පින්තූරය එලෙසටම තිබෙන්න හරින්න සිතුවාය . යලිත් එදෙස බැලූ පාරමී සෙමෙන් ෆෝන් එක ඇදේ පසෙකින් තැබුවාය .

" නාරද . .  නාරද . . " පාරමී සෙමෙන් ඔහුට කතා කළාය . දෑස් හැර බැලූ නාරදට තමන් ඉන්නේ කොහේදැයි එකවර සිතාගනු නොහැකිව වටපිට බැලුවේය . දෑස් පොඩි කළේය .

" තේ බොන්න . . පාරමී හිනැහුනාය .

නාරද යමක් මතක් වී තම දුරකතනය කොහේදැයි විපරම් කළේය් .
" ෆෝන් එක වැටෙන්න ගියා . මම එහා පැත්තෙන් තිබ්බා . නාරදට දෙලෝ රත්විය . ෆොටෝ එක දැක්කාවත්ද . නමුත් ඒ බවක් පෙනෙන්නට නැත . නාරද ද කිසිදු වෙනසක් නොපෙන්වීමට වගබලාගත්තේය . නාරද තේක බී අවසන් වනතුරු පාරමී ලගට වී සිටියාය .

" මේ තේ ඔක්කොම බොන්න ඕනද ? " නාරද පාරමී දෙස බලා විමසුවේය .

" ඇයි . . රස නැත්ද . "

" නෑ රසයි . . . වැඩියි . මෙච්චර බොන්න බෑ . "

" බීලා ඉතුරුකරන්න . " පාරමී නාරද දෙස බලා කීවාය .

නාරද  උඩට කිසිවක් ඇද නොසිටි නිසාවෙන් සිතට අපහසුවක් දණුනි . ඔහු තේකෙන් තුන්කාලක් පමණ බී ඉතිරිය පාරමී අත තැබුවේය .

" තෑන්ක් යූ . . " කෝප්පය අතට ගත් පාරමී කාමරයෙන් එළියට ගියාය .

තේක ගෙනාවට මමනේ තෑන්ක්ස් කරන්න ඕන . ඒත් මෙයානේ තෑන්ක්ස් කළේ . නාරද සිතුවේය .

මේරි අම්මා පෙනෙන්නට නැත . පාරමී කෝප්පයේ ඉතිරි තේ ටික සෙමින් තොලගෑවාය . පාරමීට සිහින් සිනාවක් නැගුනි . සිත සීතලවීගෙන යයි . පාරමී කිචන් එකට ගියාය .

" මොකද පුංචි බේබි කෝප්පයත් අතේ තියාගෙන කල්පනා කරන්නේ . "

" මුකුත් නෑ මේරි අම්මේ . "  පාරමී කෝප්පය සෝදා සෙමින් සාලය දෙසට පියමැන්නාය .

තව ඩිංගෙන් අතේ මාට්ටු . පාරමී සිතූ මුත් මේරි අම්මා සියල්ල බලා සිටි බවක් ඕ නොදත්තාය .

ඉක්මනින් ලෑස්ති වී තුන් දෙනාම රෝහල වෙත ගියෝය . ඔවුන් දසනායකගේ කාමරයට ඇතුලු වන විට ඔහු නින්දේ පසුවුණි

" උදේ නැගිට්ටා . මිස්වත් ඇහුවා . බේත් දුන්නාම ආයෙමත් නිදාගත්තා . තව ටිකකින් නැගිටියි . "  නර්ස් කෙනෙක් ඔවුනට පැවසුවාය  .

තවත් පැය කාලක් පමණ ඔහු නින්දේ පසුවන්නට ඇත . ඔහු අවදි වී වටපිට බැලුවේය . පාරමීත් නාරදත් තමන් දෙස බලා උන්නේය . මේරි අම්මාද  පසෙකට වී උන්නාය .

" තාත්තේ . කොහොමද දැං  . . " පාරමී හිස අතගාමින් විමසුවාය .

" දැං හොදයි දූ . . . " දසනායක දියනියගේ කදුළු පුරෝගත් දෑස් දෙස බලමින් පැවසුවේය .

" අපි ගොඩාක් බයවුණා . තාත්තිට මොකද වුණේ . . "
" මට මොකද වුණේ කියල එච්චර දැණුනේ නෑ දූ . . . " දසනායක නාරද දෙස බලමින් කීවේය .
" දැං ඕවා ගැන නොහිතා ටිකක් රෙස්ට් කරන්න සර් . . . සේරම හරි යයි . "
                               

. . . මතු සම්බන්ධයි . . .


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

පියාපත් ලැබී 28



" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් .  ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට 



෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


. . . විසිඅටවෙනි කොටස . . .



" නාරදට නිදිමත ඇති නේද . . නාරද නිදාගන්න . මට උඩ ඉන්න බයයි . මම සෙටි එකෙන් ඉන්නම් . "  පාරමී සාලය දෙසට යන්න හැරුනාය .

" ඉන්න මමත් එන්නම් . ඔයාට නින්ද යනකන් ඉන්නම් . "

පාරමී සෙටි එකේ ඇලවුණාය . නාරද එයට පසෙක වූ පුටුවකට බරවුනේය .

" මම නිසා ඔයාට වදේ නේද . . "

" අනේ නෑ . මම උස්සගෙන ඉන්න එකක්‍ යැ ." නාරද සිනාසෙමින් කීවේය . පාරමීද පෙරලා සිනාසුනාය .

" නින්ද ගියාට පස්සේ මාව උස්සගෙන යන්නේ එහෙම නෑ ." පාරමී කීවාය .

ඒ ඇස් ඔවුනොවුන් හා වෙලී සිටියහ . දෙදෙනාගේම දෙනෙත් දොඩමලු වුවත් ඔවුන් දෙදෙනාම මුවින් ගොලුව උන්නෝය . රැය තවතවත් දිගුවන්නට ඇත . ලගට ගොස් තුරුලු කරගන්න නාරදගේ සිත අපමණ හඩගෑ මුත් ඔහු සිතට විලංගුලෑවේය .

" හ්ම් . . . " පාරමීගේ මුවින් දිගු සුසුමක් පිටවුණි .

" ඇයි මේ . . . " නාරද පාරමී දෙස නෙත් තබාගෙනම ඇසුවේය .

" මුකුත් නෑ . . ඔයා ගිහින් නිදාගන්න නාරද . ඔයා පවු . නිදිමරන්න එපා . මම නිදියන්නම් .

නාරද හිනැහුනා මිස පිළිතුරක් දීමට නොගියේය . කොට්ටය අතට ගත් පාරමී එය තම හිසට සෙමෙන් යටකළාය . තප්පරෙන් තප්පරය ඇගේ නෙතු අඩවන්වන හැටි නාරදට පෙනුනි . රෑ ඇදුමට ඈ වඩාත් පියකරුව විකසිතව සිටියාය . පාරමීව නාරදගේ සිත් හී නොමැකෙනා අයුරින් සටහන්වීමට ගතවූයේ නිමේශයකි . කවදාකහරි මගේම වෙනවානම් . නාරද තම සිතට ආයේ ආයේ කීවේය . ඇය තම නෙත් පාමුල සිටියේ කිරිගරුඩෙන් නෙලූ කිරිල්ලියක් ලෙසිනි .

ඇය තද නින්දකට වැටෙන්නට ඇත . කොට්ටය පසෙකට වැටුනි . සෙමෙන් සෙමෙන් ඇගේ දකුණු අතේ මහපට ඇගිල්ල මුව තුළ රැදවුණි . නාරදට ශනිකව නැගුණු සිතුවිල්ලකට ශබ්ද නොනැගෙන්න නැගිට කාමරය වෙත ගියේය . ඔහු යලි පුටුව වෙත පැමිණියේ තම ජංගම දුරකතනයත් අතැතිවයි . ඔහු දෙවරක් නොසිතාම පාරමීව ඡායාරූපයක සටහන් කොට ගත්තේය . නාරද එදෙස සිනාමුසු මුහුණින් බලාසිටියේය . මේක මට තෑග්ගක් . නාරදට යලිත් සිනා නැගුනි . මට හිතෙනවා සමහරවිට මෙහෙම එකක් ඔයාගේ වෙන කාලගවත් නැතුව ඇති . නාරදගේ සිතට ජයග්‍රහණයේ සුවයක් දැණුනි .


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



ඔෆිස් රූම් එකට හැරෙනවාත් සමගම නිලංකාරවී යනු මතකය . ඉන්පසු කිසිවක් මතකයේ නැත . සමහරවිට කලන්තයක් හැදෙන්න ඇති . දසනායකට සිතුණේය . ටික වෙලාවකින් නර්ස් කෙනෙක් කාමරයට ඇතුළු වුණාය .

" ගුඩ් මෝනිං මිස්ටර් දසනායක . දැං කොහොමද ?"

දසනායක සිනාසෙන්න වෙරදැරුවේය . නර්ස් ඇද අසල තිබූ ෆයිල් එකක මොනවදෝ යමක් ලිවීය .

" මට මොකද නර්ස් වුණේ . "

" ආ . . මිස්ටර් දසනායකට පොඩි කලන්තයක් වගේ ඇවිත් . ඊයේ රෑ ඇඩ්මිට් කළා . දැං නෝමල් . බයවෙන්න දෙයක් නෑ . හොඳද . . "

" දුව . . "

" ආ දුවයි දුවගේ මහත්තයයි ගොඩාක් රෑ වෙනකන් හිටියා . පස්සේ ඩොක්ටර් යන්න කිව්වට පස්සේ තමයි ගියේ . සමහරවිට දැන් එනවත් ඇති . මිස්ටර් දසනායක ටිකක් රෙස්ට් කරන්නකෝ ." ඇය සිනාමුසුව කීවාය .

දුවයි මහත්තයයි . දසනායක කල්පනා කළේය . සමහරවිට නාරද ගැන වෙන්න ඕන ඔය කියන්න ඇත්තේ .

" මාව කොහොමද නර්ස් මෙහෙට ගෙනාවේ . " දසනායක සිදුවූ දෙය වටහා ගැනීමට උත්සාහයක් ගත්තේය .

" මිස්ටර් දසනායකට මුකුත්ම මතක නැත්ද . දුවගේ හස්බන්ඩ් තමයි උස්සගෙන ආවේ . දැං සර් ටිකක් ටෙස්ට් කරන්න . ඕවා ගැන හිතන්න එපා . තව ටිකකින් ගෙදර අය ඒවි නේ . එතකොට දැනගන්න බැරියැ . "

නර්ස් බේත් පෙත්තකුත් පෙති බාගයකුත් දසනායකට බොන්න දී යලිත් ෆයිල් එකේ කිසිවක් සටහන් කොට දසනායක සමග සිනාසී කාමරයෙන් පිටවුණාය .

හ්ම් . . නාරද තමයි මාව උස්සගෙන එන්න ඇත්තේ . මගේ කෙල්ලට මොනවා හිතෙන්න ඇත්ද . පවු දෙයියනේ . සමහරවිට හොදටම අඩන්න ඇති . දසනායක කෙමෙන් කෙමෙන් යලි නින්දකට වැටුණේය .


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



පාරමී සාලයේ ඔරලොසුවේ හයේ කනිසම වැදෙන හඩින් අවදිවූවාය . මේරි අම්මා තේ හදනවා විය යුතුය . පාරමී සෙටි එකෙන් නැගිට කිචන් එක දෙසට ඇවිද ගියාය .

" ආ පුංචි බේබි නැගිට්ටද . .  මම මේ උදේම ලොකු මහත්තයාව බලන්න යනවාය කියපු නිසා සුප් එකක් ටක්ගාල හදන්න ලෑස්ති වුණේ . "

" හ්ම් . ඒක හොදයි මේරි අම්මේ . දෙන්න හොද නම් ඩොක්ටර්ගෙන් අහලා දෙන්න පුළුවන්නේ . අපි කෝකටත් හදාගෙන යමු . "

" ඉන්න මම පුංචි බේබිටයි අර මහත්තයටයි තේ හදලා ඉන්නම් ."  මේරි අම්මා තේ හදන්න සූදානම් වුණාය .

" එපා මේරි අම්මේ . මම හදන්නම් . මේරි අම්මා තාත්තිගේ සුප් එක හදන්න . නැත්නම් පරක්කුවෙයි . " පාරමී කේතලයට වතුර පුරවන ගමන් කීවාය .

" පුංචි බේබිට තේ හදන්න හැකිද . අර මහත්තයටත් දෙන්න එපෑ බේබි . මම හදන්නම් . " පාරමීගේ තේ හැදිල්ල කෙසේවේදැයි සිතමින් මේරි කේතලය ගැනීමට සැරසුනාය .

" නෑ නෑ . . මම හදන්නම් . මේරි අම්මා ඉන්නකෝ . "

" අනේ මන්දා . . " මේරිගේ මුවගට සිනාවක් නැගුනි .

" ඇයි මේරි අම්මා හිනාවෙන්නේ . " පාරමී නෝක්කාඩු ස්වරයෙන් ඇසුවාය .

" නෑ බේබි . එහෙම නෑ . "

" මට තේ හදන්න පුළුවන් . බලන්නකෝ මම මේරි අම්මටත් එක්ක හදන්නම් . "

" දෙයියනේ මට එපා බේබි . බේබිට කියලා මට පුලුවනෑ තේ හදාගන්න . බේබිලා බොන්න . මම පස්සේ බොන්නම් . "

" නෑ නෑ . ඔයා පඩියා නොවී ඉන්නකෝ . මේරි අම්මා හැමදාම අපිට හදලා දෙන්නේ . ඉතින් අද මගේ තේක බීලා බලන්නකෝ . "

පාරමී අඩුම කුඩුම ගෙන තේ පිළියෙල කරන ආකාර මේරි හොරැහින් බලා සිටියාය . හැබැයි රට ඉන්නකොට තේ හදාගෙන බීලා පුරුදු ඇති මයේ හිතේ . ඈ සිතුවාය .

ජොග්ගුවට තේ සෑදූ පාරමී මේරි අම්මාගේ කෝප්පයටත් පාරමීගේ ලොකු කෝප්පයටත් තේ වක්කලාය .

" ඔන්න මේරි අම්මා බීලා බලන්නකෝ කොහොමද කියලා . " පාරමී තේක අත තබන ගමන් කීවාය .

" එතකොට බේබි අර මහත්තයට . "

" මේ තියෙන්නේ . " පාරමී තම කෝප්පය පෙන්නන ගමන් කීවාය .

" එතකොට බේබිට ."

" මං පස්සේ බොනවා මේරි අම්මේ . දැම්ම බොන්න බෑ . "

පාරමී තේ පිරුණු තම කෝප්පය රැගෙන සාලය දෙසට පියමැන්නාය .

මේ දරුවා කරන වැඩේ හරිද අම්මපා . මොනවා වුණත් පිට මනුස්සයෙක්නෙවැ . ඔහොම තේකක් දෙන එක හරිද .පීරිසි කෝප්පෙක එපෑ දෙන්න . අනේ මන්දා . බේබි එයාගේ කෝප්පෙට තේ දාගෙන ගියේ . මේ කෙල්ල හිතේ මොනවාහරි හංගගෙන ඉන්න පාටයි . මේරිගේ මුවට සිහින් සිනාවක් නැගුනි .




. . . මතු සම්බන්ධයි . . .


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

Wednesday, March 27, 2019

ජයමල්ල . . .



කොහේදෝ තිබුණු අදුරක් අහසට ඇවිත් . වෙලාවකට හිතෙනවා අහස , පොළොව , ඉර , හද  මුං ඔක්කෝම එක්කහුවෙලා මට කෝචොක් කරනවද කියලත් . හරියට මගේ හිත කියවනවා වගේ . ධර්මදාස අහස දිහා බැලුවේ නොරිස්සුමකිනුයි .


ඇත්ත , මට මොනතරම් දෙයක් මේ ජේවිතේ ලැබිලා තිබුණත් මගේ හිතට මහත් හිස්කමක් දැනෙනවා . මං දන්නවා ඒක කාගෙන් හැංගුවත් මගේම හිතෙන් මට හැංගෙන්න බෑ කියලා .


එකවරම සර සර හඩින් රෝලර් ගේට්ටුව එසවිනි . ඒ අමන්දා අලුතින් ගත් අවුඩි රතයයි . ගරාජය තුළ රතය නැවැත්වූ අමන්දා ගෙට ඇතුලු වුණාය .


" මොකද අප්පච්චි එළියට වෙලා අහස දිහා බලාගෙන . මොකක් හරි ප්‍රශ්නයක් ද ? "


ඒ පාර මෙයත් පටන්ගත්තද ? යි ධර්මදාසට සිතුනත් හේ එය වචනයය නොපෙරලුවේය . ඔහුගේ මුවගට නිතැතින් සිනාවක් නැගුනි .


" එහෙම මොකවත් නෑ පුතේ . මං මේ හුලං ටිකක් වදින්නත් එක්ක එළියට ආවා . "


" ඒ නං බොරු වගේ . එහෙනං හිනාගියේ ඇයි කියන්න . මොකද පරණ  කෑල්ලක්වත් මතක් වෙලාද ? " අමන්දා ඇසුවේ සිනාසෙමිනි .


" මේ . .   දුවන්නයි කිව්වේ මගෙන් කුණුහරුප අහගන්නේ නැතුව . එනවා මෙතන කෑල්ල ගැන අහන්න . "  ධර්මදාස බොරු තරහක් හිතට ගත්තේය .


අමන්දා හිනැහෙමින් නිවස තුළට දිවගියාය .


" අප්පච්චිටත් තේකක් ගේන්නද . . . ? "


" හා . . හා . . පොඩ්ඩක් බොමු . "


අමන්දාට දැන් ලබන්නේ විසිතුනටය . කුඩා කළ හිදම හැදී වැඩී මේවනතෙක්ම ධර්මදාස ඈ පසුපසින්ම උන්නේය . ධර්මදාසත් අමන්දාත් ජීවත් වූයේ දුවත් පියාටත් ලෙසට වඩා  මිතුරන් ලෙසිනුයි . පාසල් කාලය තුළ පාසලේ ඉහලම දස්කම් දක්වා ඉගෙනුම ලබා සිටි අමන්දා උසස්පෙළ විශ්‍යවිද්‍යාල සුදුසුකම් ලාබියෙකු වුවත් ඈ ඒ සදහා මැලි වූවාය . ටිකෙන් ටික තම ව්‍යාපාර කටයුතුවල නියැලෙන්න පටන්ගත් ඇය දැන් සම්පූර්ණයෙන් තම ව්‍යාපාරයේ කටයුතු බලා හදාගනී . ඇය ඒ සදහා ඇප කැප වී සිටින්නීය . සතියකට වරක් පමණ කාර්‍යාලය වෙත ගොස් කටයුතු සොයා බැලූ ඔහු දැං කාර්‍යාලයට නොයන තරම්‍ ය.


" ඇත්ත කියන්න අප්පච්චි . මම සීරියස් අහන්නේ . අප්පච්චිට මොකක් හරි ප්‍රශ්නයක් ද ? " අමන්දා තේක දෙනගමන් ඇසුවාය .


" අනේ නෑ ළමයෝ . එහෙම දෙයක් නෑ . මං ඉතිං මේ නිකං ඔහේ කම්මැලිකමට හිටියා . වෙන දෙයක් නෑ . "


" හරි හරි . . අපි බලමුකෝ . . . " අමන්දා තර්ජනාත්මක බැල්මක් හෙලුවාය .


" පිස්සි . " ධර්මදාස ඇගේ ඔලුව අතගෑවේය .


" ආ . . මට අමතක වුණානේ . අප්පච්චි ඊයේ නිදි වෙලාවේ ලොකුහාමුදිරුවෝ කතා කලා. නිදියි කිව්වම පස්සේ කෝල් එකක් ගන්නම් කිව්වා . මම කියන්නයි කියලා හිටියේ . අමතක වුණා . " ඈ තේක බොන අතරතුර හොරෙන් මෙන් බැලුවාය.


" යසයි පණිවිඩ කියන වෙලාව . ඊයේ එක අද ද කියන්නෙ . " ඔහු අමන්දා ට සෙමෙන් ටොක්කක් ඇන්නේය .


" ඌයි .. අමතක වුණානේ ඉතිං . " අමන්දා තොදොල් වූවාය .


" දුවත් යමුද පන්සල පැත්තට ගිහින් එන්න ."


" යමු අප්පච්චි . ඒත් ඇයි මේ හදිස්සියේ . "


" නෑ ළමයෝ හදිස්සියකට නෙමෙයි . දුවගේ උපන්දිනයත් එනවා . අම්මගේ දානෙත් දෙන්න ඕන . ඉතින් පන්සලට ආරාධනා කරන්ටත් එපැයි . අනික ලොකු හාමුදුරුවෝ මතක්කරලා එවලා තිබුණා ධාතු මන්දිරයේ වැඩ පටන්ගන්නවා කියලා . ඉතිං ඒකට අපිත් මොනවා හරි දායකත්වයක් දෙන්න ඕනනේ . නේද . . . "

" හ්ම් . යමු එහෙනං . මම වොශ් එකක් දාගෙන ලෑස්ති වෙලා එන්නම් . කෝ දෙන්න අප්පච්චි කෝප්පේ . "  අමන්දා හිස් තේ කෝප්පයත් රැගෙන නිවස තුළට ගියාය .

ධර්මදාස කල්පනාවට වැටීමට ගතවූයේ නිමේශයකි . යාන්තමට පොද ගහනවා . ඔහුට අහස දිහා බැලුණා . හරියට මගේ හිත ඇතුළ වගේ . ධර්මදාසට නිකමට හිතුණා . කොළඹ අතහැරලා කුරුණෑගල පදිංචියට ඇවිත් දැං අවුරුදු විසිතුනක් විතර වෙනවා . අමන්දාගේ වයසට පොඩ්ඩයි අඩු . මේ කාලේ ඇතුලේ මොනතරම් පෙරලියක් වුණාද .

එදත් මේ වගේම අදුරු දවසක් . ඔහුට ආයෙත් මතක් වුණා . ඒ අදුරු දවසේම ජීවිතයේ ලැබුණු ලොකුම ආලෝකයත් ලැබුණු බව හැබෑව . ඒත් ...

ඒ වෙනකොට ධර්මදාස වැඩ කළේ මට්ටක්කුලිය පැත්තේ කොම්පැනියක . හැමදාම වගේ ගේට්ටුව ලගට එන චන්දරේ ගෙන් ස්වීප් එකක් දෙකක් ගන්න ධර්මදාස පුරුදුවෙලා උන්නා . හැමදාකම හම්බෙන නිසා දෙන්නා අතරේ ලෙංගතු කමක් ඇතිවුණා . ධර්මදාස දැක්කා චන්දරේගේ දින චර්යාවේ වෙනසක් තිබුණා .දවසක් මෙහෙම ඉදලා චන්දරේගෙන් මේ ගැන ඇහුවා .

"  මං මේ  අහන්නමයි හිටියේ , තමුසේ මොකද දැං උදේටත් බීලා . දැං හැමතිස්සෙම ඉන්නේ බීගත්ත ගමන් . "

" දන්නැද්ද ඉතිං මහත්තයා . අපේ ඔය ගෙවල්වල ත් පොඩි පොඩි ප්‍රශ්ණ වෙනවනෙ . "  චන්දරේ ඕනාවට එපාවට උත්තර දුන්නේය .

ධර්මදාස එතනින් එහාට කිසිවක් කීමට නොගියේය .

ටික ටික මිනිහා එන එක අඩුවෙලා ගියා . ඊට පස්සේ සැරෙන් සැරේ ඇවිත් එක එක ඒවා කියලා සිකුරුටිලාගෙනුයි වැඩ කරන කොල්ලන්ගෙනුයි කීය කීය හරි ඉල්ලන් ගිහින් තිබුණා . ඒ ඉල්ලං ගිහිල්ලා කරලා තිබ්බේ ඒ සල්ලිවලින් බීපු එකලු . ගෙවල් ලග කොල්ලෙක් මම දවසක් චන්දරේව අහපුවෙලාවක කිව්වා මට මතකයි .

" අප්පච්චි යමුද ? "  අමන්දාගෙව් හඩින් ධර්මදාස පියවි සිහියට ආවේය .

" ආ . . යමු . " ඔහු කාමරය වෙත ගොස් ලක ලෑස්ති වුණා .



  ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


" ආ . . මං ඒත් මේ බැලුවා කවුද කියලා . මේ අපේ උපාසක මහත්තයා නේ . අද දුවත් එක්කගෙනම ඇදිත් තියෙන්නේ . "
" එහෙමයි අපේ හාමුදුරුවනේ . " දෙදෙනාම ලොකුහාමුදුරුවන්ට නමස්කාර කළෝය .

" මං බුදුන් වැදලා එන්නම් අප්පච්චි  . "  අමන්දා ඔවුන්ගෙන් ඈත්ව බුදුගේ දෙසට පියමැන්නාය .

" දැං ඉතිං මේ දරුවගේ අනිත් කටයුතු වලටත් ලක ලෑස්ති වෙන්ට වෙයි නේද මහත්තයෝ . දැං හොද වයස . " ලොකුහාමුදුරුවෝ  සුපුරුදු ලෙංගතු කමින් කීවේය .

" එහෙමයි . "

" අපි හොද ගුණ යහපත් තැනකින් බලමුකෝ හෙමින්සැරේ . දුවව අප්පච්චි තරමට බලාගන්න පුළුවං කෙනෙක්ව එපායැ හොයන්ඩ . කෝකටත් මට ඒ දරුවගේ හදහන ගෙනල්ල තියමුකෝ . "

" හොදමයි හාමුදුරුවනේ . "

" ඒත් මේ දරුවා එහෙම දෙයකට තාම බෑ කියනවනේ අපේ හාමුදුරුවනේ. "

" අපි ඒක බලමුකෝ "


  ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


අප්පච්චී ලොකු හාමුදුරුවොත් එක්ක බර කතාවක බව පෙනේ . බුදු මැදුරට ගොස් බුදුන් වැන්ද අමන්දා බෝ මලුවේ ඇවිද්දාය . ඇගේ ගතටත් සිතටත් අමුතු සිසිලසක් දැණුනි . ඇය වළාකුළු බැම්මට පිටදී හිද ගත්තාය . එහා මෙහා යන සැදැහැවතුන් දෙස ඇය බලා සිටියාය . නන්නාඳුනන මුත් ඇතමෙක් ඇය හා සිනාසුනාය . අපිත් එක්ක ජීවිතයේ දන්න නොදන්න කොයිතරම් දෙනෙක් බැදීම් ඇති කරගත්තත් ඒ කිසි කෙනෙකුට , කිසිම දෙයකට තමන්ගේයි අයිතියක් කියන්න බෑ නේද කියලා ඇයට සිතුනා .

සමහරවිට අප්පච්චි ලබන මාසේ දානේ ගැන කතාකරගන්නවා වෙන්න ඇති . තම උපන් දිනයේදීම තම මව මියගොස් තිබුණු නිසාවෙන් ඇය යමක් කමක් තේරෙන වියේ පටන් උපන්දින සැමරීමක් නොකළාය . කිසිදු සාදයක් නොපැවැත්වූවාය . හැම වසරකම මෙන් මෙවරත් ඇය වැඩිහිටි නිවාසයකට දානය බාරගෙන තිබුණි . හැම උපන් දිනයකටම පසුදා අප්පච්චී පන්සලට දානය පිළියෙල කර පිලිගන්වයි . මේ ඇවිදින් හිදින්නේද ඒ කටයුත්ත වෙනුවෙන් පන්සලට ආරාධනා කිරීමටයි . තම පියා හා බලන කළ තමන් ද ඔහුසේම දනට පිනට නැඹුරු වීම ගැන අමන්දා අතිශය සතුටට පත්වූවාය . කවුරුන් අතින් හෝ " තාත්තා වගේමයි දූ " යනුවෙන් ඇසීමට ඈ ප්‍රිය කළාය .

සැබැවින්ම ඔහු ඇතැම්විට තේරුම් ගැනීමට නොහැකි තරම් ප්‍රෙහේලිකාවකි . ඔහු මේ කරන පිංකම සිදු කරණුයේ තම මවටත් තම හොදම යහලුවාටත් පිං පැමිනවීමටයි. යහලුවා මියගොස් ඇත්තේද ඒ ලග දවසක යි දිනක් අප්පච්චි කීවා මතකය . අම්මාගේ මල්මාලයක් දාපු පිංතූරය එක බිත්තියක සවිකර තිබෙන අතර අනෙක් බිත්තියේ තම යහලුවාගේ මල්මාලයක් දැමූ පිංතූරයක් කාර්‍යාල කාමරයේ ඔහු තබාගෙන හිදී . ඔහුව කිසිදාක අමතක නොවන බව ඔහු කීප විටකම පවසනු ඇසී තිබේ .

" අපි යමු නේද දුව . . ? "

ධ්‍යානයකට සමවැදී මෙන් හුන් අමන්දා හිස එසෙවුවාය .

" යමු අප්පච්චි . "

නිවසට එන අතරතුර දී දෙදෙනා අතර වැඩි කතා බහක් නොවුනි .

" අම්මගෙයි අප්පච්චිගෙයි වැඩිය ෆොටෝස් නෑ නේද අප්පච්චි . "

අමන්දාගේ වචන ධර්මදාස ගේ හිතේ මහ බරට එල්ලුනි .

" ඒ කාලේ එච්චර ඕවාට එලෙවුවේ නෑ දරුවෝ . " ඔහු අහක බලාගෙන උත්තර දුන්නේය .

" අප්පච්චි "

" ම්ම් . . "

" අපි මේපාර හාමුදුරුවෝ ගෙදට්ට වඩම්මලා දානේ දෙමු . " අමන්දා ඇසුවාය .

" ඇයි දරුවෝ එකපාරටම එහෙම හිතුනේ . "

" නෑ අප්පච්චි අපි ගෙදරට වඩම්මලා දානේ දෙමු . පැං වඩලා අටපිරිකර පූජා කරලා . . "

" හ්ම් . .. පුතා කැමති විදියට කරමු . " ධර්මදාස ගේ දෑස් දිලිසුනේය .

"ඇයි අප්පච්චි අප්පච්චිගේ ඇස් වල කදුලු . "

" නිකං පුතේ . අපි අංගසම්පූර්ණව දානේ වැඩ ටික කරමු . " ධර්මදාස අමන්දා දෙස බලා සිටියේය .


   ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


දිනය එළඹින . අමන්දා වැඩිහිටි නිවාසයේ අම්මලා තාත්තලා පිරිසවද කාර්‍යාල මණ්ඩලයේ පිරිස සමග කතාකොට කෙසේ හෝ නිවසටම ගෙන්වා ගැනීමට හැකිව තිබුණා . නිවසට වැඩමකිරීමට යෙදුණු මහා සංඝරත්නය උදෙසා සැවොම එකතුවී පිළියෙල කළ දානය පිළිගැන්වූවෝය . එමෙන්ම සෑම වැඩිහිටියෙකුටම පිරිකර පූජා කිරීමට හැකි වන පරිදි පිරිකර අමන්දා ලෑස්ති කොට තිබීමත් විශේෂයක් .

කාර්‍යාල කාමරයේ බිත්ති දෙකක සවිකොට තිබූ පිංතූර දෙක ලං ලංව තබා තිබුණා .ධර්මදාසත් අමන්දා ත් එක්ව මියගිය දෙපලට පැං වඩා පිං අනුමෝදං කළා .


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


සියලු කටයුතු නිමාවෙන් පසු නිවස තුළ තිබි නිහැඩියාව නිහැඩියාව යලිත් පෙර ලෙසම විහිදී තිබුණි . නිහැඩියාව ද ඇතැම්විට සිතට මහත් බරක් දනවයි . එකට තබා තිබි ෆොටෝ දෙක ධර්මදාස අතට ගෙන බලාසිටියේය .

එදා චන්දරේ තම කාර්‍යාලය් වෙත දුව ආ සැටි ධර්මදාස ට සිහිවින .

" අනේ මහත්තයෝ අපේ ගෑනිට ගොඩක් අමාරුයි . මට මේ රුපියල් 500 ක් පුළුවන්නම් දෙන්න . " එදා චන්දරේ දුවගෙන ඇවිත් කිව්වා . මෙතන ටිකට් 50 ක් විතර තියෙනවා . අනේ මහත්තයෝ මේ පොත අරගෙන දෙන්න . පිං සිද්ද වෙයි .

" රු 500 ක් . මොකද්ද චන්දරේ තමුසෙට වෙලා තියෙන්නේ . දැං එක එක ඒවා කිය කියා කීදෙනෙක්ගෙන් සල්ලි ඉල්ලං ගිහින් බි බී හිටියද . බලනවකෝ තමුසේ දැං තමුසෙගේ ගෑනිවත් විකුණගෙන කන්නද හදන්නේ . ඔය බේබදුකම නවත්තගන්නවා අයිසේ . යනවා යන්න මෙතනිං මගේ යකා අවුස්සන්නේ නැතුව . "

" අනේ නෑ බුදු මහත්තයෝ . බුදුන් පල්ලා . මයේ මේ ජීවිතේ පල්ලා මගේ ගෑනිට අමාරුවෙලා ඉන්ජෙක්ෂන් එකක් අරං එන්න කියලා දොස්තර මහත්තයා කිව්වා . අනේ බුදු මහත්තයෝ මං මේ ඇත්තමයි කියන්නේ ."

" යනවා මෙතනින් චන්දරේ . මට වැඩ තියෙනවා . තමුසෙ මට පේන්නේ අද උදේම ගහලද කොහෙද . මේ මේ ටිකට් ටිකත් අරගෙනම යනවා . මට ටිකට් ඕන නෑ . "

කිසිවක් නොකියූ චන්දරේ ටිකට් ටික දෙස බැලුවත් එය එතනම දමා පාර දිගේ දිවගියේය .

" ඕකගේ බොරු සර් . ඔය ටිකටුත් බොරු ඒවද දන්නේ නෑ . බේබද්දා . . . " ලග සිටි වැඩ කරන කොල්ලෙක් කීවේය .

" හ්ම් . . . "

මට තරහ වෙන එහෙකට නෙවෙයි ගෑනිවත් උකසට තියලා මුං බොන්න සල්ලි හොයන එකටයි . බීලා බීලා පිස්සො වෙලා ඉන්නේ . අපරාදෙ මූ හොද මිනිහා . නිකං බේබදුකම නිසා නිකං ජීවිතේ විනාස කරගන්නවා .

ෆෑන් එකේ හුලං පාරට දමා ගිය ස්වීප් පොතේ කොල ඉහල පහල යයි . ධර්මදාසට හිතට අමුත්තක් දැනිනි . මූ කොහේ යන්න ඇත්ද .

" අනිල් . . අනිල් . . " සේවකයෙකුට කතාකලේය .

" ඇයි ධර්මදාස මහත්තයා . "

" අර තමුසෙලාගේ ගේ ගාව ඉන්න අනිල්ගේ ගෙදර කොහෙද තියෙන්නේ . "

" ඇල පාරේ හතරවෙනි ගේ මහත්තයා ."

ඔහුගෙන් පාර අසාගත් ධර්මදාස චන්දරේ ගේ නිවස  වෙත යාමට සිතා වාහනය වෙත පියමැන්නේය .

" සර් සර් . . . අර මනුස්සයා බස් එහෙකට හැප්පිලා . " සිකුරුටි කෙනෙක් දුව විත් කීවේය .

" කවුද ? චන්දරේ . අනෙ දෙයියනේ . "



  ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



මෙය සිහිවන වාරයක් පාසාමතම දෙපා වාරු නැතිවී යන්නාක් මෙන් ධර්මදාසට දැනෙන්නය .

චන්දරේ මෙළොව අතැරගොස් සිටියේය . ඔහුගේ  බිරියට දරුවකු ලැබෙන්නට සිටීමද සැබෑවකි . එ නිසාම ඔහු අරක්කු බීමෙන්ද ඈත් ව සිට ඇත . මෙ බවක් ආරංචි වූයේ ද බොහෝ පසුවය . දරු ප්‍රසූතියේ දී ඇතිවූ ගැටලුවක් නිසාවෙන් ඔහුගේ බිරියද මෙළොවින් සමුගෙන ඇත . ඔහු එ වේලේ පවසා ඇත්තේ මුසාවක් නොවන බව දැනගන්නාවිට සියල්ල සිදුවී හමාරය .

මට සමාවෙන්න චන්දරේ . මට තිබුණා  උඹව බේරගන්න . උඹේ පවුලවත්  සමහර විට . මට දුකයි උඹලා දෙන්නගේ ෆොටෝ දෙක දෙපැත්තකට කරලා තියන්න . ඒත් මට සමාවෙයන් චන්දරේ . මට බෑ ඒ දෙක එකට තියන්න . මට උඹලව පේන වාරයක් පාසා හිතෙනවා නිකං හරි එදා උඹව එලෝගත්තේ නැත්තං කියලා . උඹ මගෙ ගාව තියලා ගිය ඒ ටිකට් පොත තාම මගේ ලාච්චුවේ චන්දරේ . ඒකෙත් තෑගි තියෙන්න ඇති . ඒත් මම ඒක බලන්න ගියේ නෑ චන්දරේ . මට උඹ ජය මල්ලම දීලයි යන්න ගියේ . සැරෙන් සැරේ මගේ හිත පෑරෙනවා . ඒත් මම ටිකක් හරි සැනසෙන්නේ අමන්දා දිහා බලලා චන්දරේ . සමහරවිට උඹත් බලාගෙන ඇති කොහේහරි ඉදං . මට එහෙම හිතෙනවා .

" අප්පච්චි . . .  , මොකද කරන්නේ . . ? " අමන්දා කතා කළාය .

" මං මේ අස් කළා දුව . " ධර්මදාස සැනෙකින් තෙත්ව තිබූ ඇස් කොන පිසදා ගත්තේය .

" ආ . . . මේ ෆොටෝ මොකද ඔඩොක්කුවේ . කෝ දෙන්න . අපි මේ දෙක සාලෙන් තියමු . "

අමන්දා ෆොටෝ දෙක රැගෙන ගොස් කැබිනට්ටුව මත ලං ලංව තැබුවාය .

" එහෙම හොදයි නේද අප්පච්චි  . . . " ඇය ධර්මදාස අසලින් සෙටියේ හිදගන්න ගමන් ඇසුවාය .

" හ්ම් . . . " ධර්මදාස තම ආදරණීය දියනියගේ හිස සිපගත්තේය . . .



නිමි . . .


කුරුටුගෑවේ : සුශාන් ප්‍රියනාත් රත්නායක
17-03-2019