Followers

Tuesday, August 2, 2011

පියාපත් ලැබී . . . 07

" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් .  ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට 


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

. . . හත්වැනි කොටස . . .

ගුවන් තොටුපලින් ඔවුන් දෙපල පිටත්වූයේ පිටස්තර දේශයක හිඳ තමන්ගේ කියා තමන්ගේවුන් රැඳුනු මවුබිම කරා පයගහන්න එකතුකරගත්  කප්පරක් සතුට  හිතේ ගුලිකරගෙනය . වටපිටාවේම රැඳුනු වළාකුල් පිරුණු අහස දකින කොට මගේ හිතත් හරියට මේ වගේ නේද කියා පාරමීට සිතුනි . කොයිතරම් දේ හිතේ සිහිකිරීමට පෙළගැසී තිබුනත් එකිනෙක වෙන්කරගෙන සිතීමට සිත එකඟකරගැන්මට ඇයට නුපුළුවන . පියා තමන්ගැන දහසක් බලාපොරොත්තු පොදිබැඳගෙන සිටින බැව් පාරමී හොඳටම දනී . අධ්‍යාපනයෙන් නම් ඒ ගෑන බයක් කිසිසේත්ම නොදෑනේ . ඒත් තම සතුට බලාපොරොත්තු හැමදෙයක්ම තමාට අහිමිවේයැයි පාරමීතුළ බියක් නැතුවාම නෙවෙයි . තාත්ත මට ආදරෙයි . මම අකමැති දේකට බලකරන එකක් නැ . පාරමී සිතුවාය . අරෝශ් සෙල්ලක්කාරයෙකි . මිල මුදල් අතින් ඉහල පැලැන්තියක වැජඹෙන එදිරිසූරිය පවුලේ එකම දරුවාය . අරෝශ් පාරමීට වඩා අවුරුද්දකට පමණ වැඩිමල්ය . පාසල් අවදියේ පටන්ම සෙල්ලක්කාර ජීවිතයක් වැලඳගත් ඔහුගේ කැරැට්ටුව ඕන කෙනෙක්ගෙන් ඇසූවිට දැනගත හැකිය . දකින දකින කෙල්ල හා බැඳීමත් දෙතුන්දෙනා හා  පෙමින් වෙලී සිටීමත් ඔහුගේ විනෝදාංශයන්මෙන්ය . තාත්තා නම් කියන්නේ ඕවා කොලුකමට කරන වැඩනේ කියායි . ඔහු බරක් පතලක් නොසිතයි . කොහෙද තාත්තා හිතන්නේ තාත්තලාගේ කාලේ විදියටනේ . මට හිමිකාරයා තාම හම්බුනේ නැ . . ඕ සිතුවාය . 

නොදැනීම පාරමී නින්දකට වැටී සිටිනු දුටු චාමි ඇයට කතා කළාය .

" ඒයි . . . නැගිටපං පාරමී . උඹ නං පුදුම නිදිකුම්බරයෙක් තමයි . බහින්නේ නැද්ද . . . "

ශබ්ද විකාශන යන්ත්‍රයෙන් නැඟෙන ගුවන් සේවිකාවගේ හඬ අතරින් ඇසුනු චාමිගේ හඬින් ඕ නැගීසිටියාය .

කඩිමුඩියේ නැදෑයන් , හිතවතුන් අතරට සතුටින් ඉපිල ඇදෙන මගීන් හා එක්ව පාරමීත් චාමිත් පර්යන්තයෙන් එළියට ඇදුනි .

" අපි තාත්තට කෝල් එකක් දෙමු . . . "

" ඕකේ . . . උඹව ගෙදරින් ගන්න ආවම මම කැබ් එකක් ගන්නම් මෙතනින්ම . ඒක ලේසියි මට "

" පිස්සු නැතුව ඉඳිං බං . . . තාත්තට මම කිව්ව එදා උඹවත් ඩ්‍රොප් කරගෙන එන්නේ කියලා . "

" විකාරද බං . . . මම කැබ් එකක් ගන්නම් . උඹ වටයක් ගහන්න ඕනේ නැ . . . "

" මේ මේ . . . පඬියා නොවී ඉඳින් . ඉඳපන් මම ගන්නම් තාත්තට . . . . "

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


නාරද ගම්පහට ලඟාවන විට වැස්සක් පටන්ගෙන තිබුණි . හිතුවාට වඩා ඉක්මනින් වැඩේ කරගන්නට ලැබුන එක සහනයකැයි නාරදට සිතුනි . තම මිතුරාගේ ඉල්ලීම අහක දැමීමට ඇති නොහැකියාව නිසාම නාරදට මේ කට්ට කෑමට සිදුවිය . මොකද අසිතද තමන්ට මෙවන්ම උදවුවක් කිරීමට නොපැකිලෙන බව නාරද දනී . බෙහෙවින්ම මේ ගමන සඳහා හිත පෙළඹවූයේ වෙනකක් නිසා නොව වාහනයේ රවුම් ගැසීමට හැකිය යන හැඟීම නිසාය . කුඩා කල පටන්ම වාහන සම්භන්ධව නාරදට ඇත්තේ ඉමහත්වූ ආශාවකි . කඩයකට වැද එහෙන් මෙහෙන් බනිස් ගෙඩියක් ගිල තේකක් තොලගෑ නාරද වාහනය සර්විස් සෙන්ටර් එකෙන් ගැනීම සඳහා පොදවැස්සේම පියමැන්නේය . . .


. . . මතු සම්බන්ධයි . . .
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴




පියාපත් ලැබී 08 කියවන්න මෙතන click කරන්න .

7 comments:

  1. එල එල ටොප් කෙලින්ම පොතක් ගහන්න පුළුවන්....අර බොලද නවකතා කැලේ යන්න...

    ReplyDelete
  2. @ නරක සමනළයා : බොලඳද නැද්ද කියන එක තීරනය කියවන අයගේ අතේ තියෙන්නේ තරිදූ . මම තවම දන්නේ නෑ කතාව කියවන අය මොන තත්වයකින් කතාව දිහා බලනවද කියන එක. මම හිතන්නේ ඒකට තව සෑහෙන කල් යයි . නේද . . . බොහොමත්ම ස්තූතියි අදහසට . මොකද ඒ දේ මට ගොඩාක් වටිනවා . . .:)

    ReplyDelete
  3. දිගටම ලියන්න ඔබට සුබපතනවා සහෝ.........෴

    ReplyDelete
  4. @ හිරු එළිය : බොහොමත්ම ස්තූතියි . . .

    ReplyDelete
  5. මේක දැක්කෙ අදනෙ දිගටම ලියපු සුශාන් අයියා... එනව කියවන්න...

    ReplyDelete
  6. කොටස් හතම කියෙවුවා.. මේක මෙගා නෙවයි ගිගා එකක් විතර දිග් වෙනව නේද... ?? ගිග නෙවෙයි ටෙරා උනත් දිගටම ලියන්න...

    ReplyDelete
  7. @ පොඩි මෑන් : හ්ම්ම්ම්ම් . . ටිකක් දිගයි තමයි නේ . බොහොමත්ම ස්තූතියි මේ පැත්තට ගොඩවුණාට . හැමදාමත් කියනවා වගේ අමුනපු වචන හරි හයියක් මට . .

    ReplyDelete

ඔබේ අදහස් දිරියක් මට . . .