Followers

Thursday, January 5, 2017

පියාපත් ලැබී . . . 19


" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් .  ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට 


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


. . . දහනමවෙනි කොටස . . .

" ඇයි මම ආදරය කරන අයට කරදර වෙන්නේ හැමවෙලේම. දෙයියෝ මා එක්ක තරහින්ද කොහෙද. පොඩි කාලෙම මගේ අම්මි මාව දාලා ගියා. ඉගෙන ගන්න කාලෙදිත් කොන්වන්ට් එකක ඉගෙනගත් නිසා තාත්ති එක්ක ඉන්න බැරිවුණා. ඊට පස්සේ රට ගියා දැන් ආයෙමත් තාත්ති ලගට ආවම එයා ලෙඩවෙලා. මට තේරෙන්නේ නෑ නාරද මම මොනවා කරන්න ද කියලා. "

ලංවෙලා ඇයව සනස්න්න සිතෙයි. එහෙත් වගකිම් සහ ගරුත්වයන් විසින් ඒ සිතේ ශක්තිය හින කරයි. අම්මා නංගි මල්ලි මතක්වෙයි. දසනායක මහතාට ඇති ගෞරවය මුසු හැඟිම දැනෙයි. එය නොබිඳීමට යලිත් පොරොන්දු දෙයි. ඒ ක්ෂනයෙන් පාරමී නාරද වෙතට ලංවුනාය. 

" ඔයා හරි මේ වෙලේ මාත් එක්ක හිටපු එක ලොකු දෙයක් නාරද. ඔයාට ගොඩක් පිං. සමහර විට ඔයා කරන්නේ ඔයාගේ ඩියුටි එක වෙන්න පුලුවන්. ඒත් ඒක මට ලොකු ශක්තියක්.

" නෑ මිස් මම දසනායක සර් වෙනුවෙන් ඕනම දෙයක් කරන්න ඔනම වෙලාවක  සුදානම් වෙලා ඉන්නේ. ඒ ගැන බයවෙන්න එපා මිස්. ඕනවෙලාවක සර් වෙනුවෙන් මම ඉන්නවා. " 

" මම වෙනුවෙන් නැද්ද නාරද . . " ඈ පෙරලා ඇසුවාය.

" ඉන්නවා මිස්. මට සර් මිස් කියලා වෙනසක් නෑ. ඔය දෙන්නටම මගේ හිතේ ලොකු ගෞරවයක් තියෙන්නේ. මොකද මම ඔයාලගේ කම්පැනි එකෙන් තමයි මනුස්සයෙක් වුනේ. "

" මම කියන දේ වරදවා හිතන්න එපා නාරද. ඔයා අපේ තාත්තගේ කම්පැනි එකේ වැඩකරන නිසා , අපේ තාත්තට තියෙන ගෞරවය නිසාත් ඔයාගේ හිතට අගුල් දාලා නේද තියෙන්නේ. මම වැරදිද දන්නේ නෑ. එත් ඔයා මා දිහා බලලා අහකබලන වාරයක් ගානේ මට එහෙම දැනෙනවා. "

නාරදට සිහින් සිනාවක් නැගුනි. මේ කෙල්ල තමා සිතනවාට වැඩිය දේවල් සුක්ෂමව සිතයි.

" එහෙම නෑ මිස්. ඒත් අපි හිතන තරම් මේ ජිවිතේ සුන්දර එකක් නෙමෙයි. අනික මම වගකිම් ගොඩක් තියෙන කෙනෙක් මිස්. මගේ අම්මව නංගිව , මල්ලිව ජීවත් කරවන්නෙත් ඒ අයගේ ඕන එපාකම් , පන්ති ෆිස් , කෑම බිම හැමදේම ඒ විතරක් නෙමෙයි ඒ අයගේ අනාගතේ තියෙන්නේ මගේ කර උඩ. ඒ අතරට මම තව මොනවා හිතන්නද මිස් " 

" මුලින්ම ඔය මිස් මිස් ගෑවිල්ල නවත්තගන්නවද  " පාරමී සැර කලාය.

" එහෙම හරි නෑනේ. නිකන් හරි මිස්ගේ තාත්තට ඇහුනොතින් මොනවා නොහිතයිද. මම මිස්ගේ තාත්තගේ කම්පැනියේ සාමාන්‍ය සේවකයෙක් විතරයි. "

" කවුද කියන්නේ නාරද ඔයා සාමන්‍ය සේවකයෙක් කියලා. එකක් තමයි ඔයා ඒ කම්පැනි එකේ මැනේජර් කෙනෙක්. අනික තමයි තත්තා කවදාවත් කිසිම කෙනෙකුට නාරදට තරම් ලං වෙනවා මම දැකලා නැති එක. හරි හරි මම කරන්නම්කෝ ඔයාට වැඩක්. ඉන්නකෝ. ප්ලිස් , මට ඔයාගෙන් ඉල්ලන්න ලොකු උදව්වක් තියෙනවා. මගේ තාත්තව සතුටු කරන්න මට උදව් කරනවා නේද ? "

" අනිවාර්යෙන්ම මිස්. " අන්න තාත්තා එනවා මිස් " පාරමී ඉදිරියට දුව ගියාය. 

" මොකද කියන්නේ තාත්තා "

" වැඩි දෙයක් නෑ දු. රිපෝට්ස් නම් සාමාන්‍යයිලු. කෝකටත් සති තුනකින් ආයේ චෙකප් එකක් කරගන්නලු. " 

" හරි හරි එහෙනම් අපි ඒ කිව්ව විදියටම කරමු නේද තාත්තා. " 

" හ්ම් . . . "

" නාරද. පුතා අපි යමුද ඔෆිස් එක පැත්තට පොඩ්ඩක්. "

" හරි සර් "

" තාත්තා මාවත් එක්ක යනවා නේද ? "

" ඔවු ඔවු. යමු . . . "

" නියමයි. "

" නාරද දන්නවද මේ අපේ කෙල්ල ඔහොම හිටියට ප්‍රින්ටින් ඔස්තාර් . . . " දසනායක මහා හඬින් හිනැහුනාය. නාරදට ඔහු සතුටින් ඇතැයි සිතේ. එහෙත් තම සිත එකතැනක නැත.

" තාත්තා අර අරවා . . . " පාරමී අත දිගුකොට පෙන්නුවාය. ලොකුවට පලම් සෑදු බොම්බයි මොටයි  තබාගත් මනුස්සයෙක් පාර අයිනේ තබාගෙන වෙලඳාම් කරයි. 

" ඕවා ජරාව . . නේද නාරද . ."

"ඕව් මිස් පාරේ තියෙන දුවිලි සේරම ඕවෑ වදිනවා. "

" මේ හලෝ මම මිස් තමයි. මිසිස් වෙලා නෑ තවම. ඒකට කෙනෙක්ව හොයනවා තාම. " පාරමී තමා නොසිතූ ලෙස කියාගෙන ගියාය.

" තාත්තා කියන්නකෝ මෙයාට මට මිස් මිස් ගාන්න එපා කියලා. කම්පැනියේ දේවල් ඔයා තාත්තත් එක්ක තියා ගන්න. මට මිස් ගාන්න එපා "

" දසනායක සිනාසුනේය. හරි හරි නාරද ආයේ කියන එකක් නෑ. අනේ නාරද මගේ මේ පිස්සි කියන දේට පිටින් යන්න මට තියා දෙයියන්නාන්සේටවත් බෑ. හැබැයි දු මට දාන ගෙම්බර් නාරදට දාන්න යන්න එපා. මෙයා ඔහොම හිටියට බොහොම සැරයි. හොඳද ? " 

" එකත් එහෙමද. ඒ වුනාට ඉන්නේ නම් ඉතින් දහයට ගැනගන්න බෑ වගේනේ " පාරමී එසේ කියා නාරද දෙස යටැසින් බැලුවාය.

" අනේ එහෙම නෑ මිස් . . .  "

" ඔය ආයේ කිව්වා. "

" හරි හරි සොරි මි . . . නෑ නෑ ආයේ කියන්නේ නෑ . . "

දසනායකට සිනාසෙනවාට වඩා දෙයක් නැත. ඔහු ඇත්තටම සතුටිනි. නාරද රිය කම්පැනි එක තුළට පදවාගෙන ගොස් නැවත්වූවේය. 

" තාත්තා අර අසිත අයියා නේද ? "

" හ්ම් . . . "

වාහනයෙන් බිමට බැසගත් පාරමී අසිත වෙත  පොඩි දැරිවියක් ලෙස දිවගියාය. ශීට් බෙල්ට් ඉවත්කර බිමට බැසීමට දොර අරින්නට හදත්ම දසනායක නාරදගේ අතින් අල්ලා ගත්තේය.

" පුතා මගේ මේ කෙල්ල හැමදාම අනිත් අයව හිනස්සන්න, සතුටින් තියන්න දඟලපු කෙල්ලෙක්. මම ඊයෙයි අදයි තමයි මේ කෙල්ල එයාගේ සතුට හොයාගෙන හිනාවෙනවා දැක්කේ. ඒ නාරදත් එක්ක ඉන්නකොට. එයාගේ හිත රිද්දන්න එපා. පවු . . . " 

නාරදට කිසිවක් කියාගත් නොහැකි විය,

" නෑ සර්, මම එහෙම කරන්නේ නෑ . . . "

" අපි යමු. "               

  
  

. . . මතු සම්බන්ධයි . . .

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට . . .