Followers

Friday, January 6, 2017

පියාපත් ලැබී . . . 20


" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් .  ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට 


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


. . . විසිවෙනි කොටස . . .

" ඈ පුතේ, අයියාගෙන් කෝල් එකක්වත් නෑ නේද තාම . . . "

" අයියට වැඩ ඇති අම්මේ "

" පවු මගේ අසරණයා. මොනවා කරනවාද කෑවද බිව්වද කියලාවත් දන්නේ නෑ . . . "

" පෙරේදත් කෝල් එකක් දුන්නේ අම්මේ. හෙට අනිද්දට එනවා කියලත් කිව්වා නේද ? බය නැතිව ඉන්න. එයා හොඳින් ඇති. "

" ඔවු උඹලට නම් මොකද ? උඹලට කොහොමත් මගේ කොල්ලා ගැන හාන්කවිසියකවත් ගානක් නෑ නේ. "

අම්මා කියනදේට කුමක් කීවද තමන් වැරදි වන බව නිත්‍යාත් දර්ශණත් දනී. තම අයියා පිළිබද උපන් ආදරයෙන් ගතු කියනවා හැර තමන් පිළිබද අබමල් රේනුවකවත් තරහකින් නොවන බව දෙදෙනාම හොඳින් දනී. කොහොමත් එහෙම විය යුතුය. තාත්තා මියගිය පසු අයියා නොපැකිලව ඒ තැන ගත්බව සැබෑවකි. ඔහු අප දෙදෙනාටම පියෙකු වුවේය. ඒ ගරුත්වය නිත්‍යා තුළත් දර්ශණ තුළත් නොසැඟව තිබුණි.

" අපි අයියාට කෝල් එකක් දෙමු. " දර්ශණ කිවේය. " මම හන්දියට ගිහින් කාඩ් එකක් අරන් එන්නම්කෝ අම්මේ. අපි කෝල් කරමු. " දර්ශණ තම මවගේ හිස අතගාමින් කිවේය.  

" පුතේ යන ගමන් සුදු නැන්දටත් පොඩ්ඩක් එන්න කියාගෙන යමල්ලකෝ. දැං තාත්තගේ දානෙත් ලඟ ලඟම එනවා නේ. ඒවාටත් දැම්ම තියා ලක ලෑස්ති වෙන්න වෙයි. "

" දර්ශණ හිසවනා නිවසින් පිටවුනේය. තාත්තා අප අතැර ගොස් දැන් අවුරුදු දෙකකුත් ලංවේ. ඔහු උන්නානම් අපට ජිවිතය මේ තරම් කර්කෂවනු නැත. ඔහු හම්බකර පොදිගසා නොතිබුනත් අපට මේ යැයි අඩුවක් කිසිදා දැනෙන්නට නොතැබුවේය. අප විතරක් නොව , පාර දෙපස කුඹුරු යාය ද තාත්තා නැති සොවින් මැලවී පං ගොල්ලකින් වැසීයමින් පවති. ලබන කන්නයේ වත් කුඹුරු කරගත්තානම් එය අයියාට පොඩි හරි සැනසිල්ලක් වනු ඇත. අද රටේ දෑතේ කර්මාණ්තයට හොඳ ඉඩහසරක් ලැබේමින් පවති. මේ කාලයේ තමන්ගේම කියා ව්‍යාපාරයක නියැලුනොතින් ඒයි ලාභ පාඩු දෙකම තමන් සතු වනු ඇත. යන්තම් කැලේ වැවෙමින් තිබුණත් කුඹුරු පුරන් තත්වයේ නැති නිසා ගොඩගැනීමට විශාල පරිශ්‍රමයක් දැරිය යුතු නොවෙනු ඇත. කෝකටත් අයියාගෙනුත් අහලා බලන්නට ඕන. දර්ශණ සිතුවේය.    

  


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



" කොහොමද පුංචි නෝනා . . "

" මේ එන්න එපා ඇද කරන්න." පාරමී අසිත දෙස රවා බැලුවාය

" අම්මේ පුංචි නෝනාගේ සැර. "  අසිත පාරමී දෙස බලා හිනැහුනේය.

" මම ගොඩාක් හොඳින් අයියා. ඔයාට කොහොමද අසිත අයියා. "

" මමත් හොඳින් . ."

" ඔයාට තාමත් අපේ තාත්තා ටොකු අනිනවද " පාරමී සිනාසෙමින් දසනායක මහතා දෙසද බලමින් ඇසුවාය.

" හහ් . . . තාම මතකයි නේද ඒක. දැන්නම් නෑ. මොනවා කරන්නද මෙතුමා මගේ ගුරුතුමානේ. දැන් ඇන්නත් ගටළුවක් නෑ. " අසිත පැවසුවේ දසනායක මහතා දෙසද ගෞරවයෙන්  බලමිනි. 

" හ්ම් හ්ම් . . . ඒක නෙවෙයි. කවදද අසිත අයියා අපිට කේක් කෑල්ලක් දෙන්නේ. "

" ඒ මොනාටද කේක් . . . "

" ඇයි හලෝ අර ඉස්සර හිටිය කෙනා නැතිද දැන්. " පාරමී පෙරලා ඇසුවාය.

" අපෝ නැ. එයා ගිහින් ගොඩක් කල්. " 

" නෑ . . . ඒ ඇයි. "

අසිත මදක් නිහඬවිය. එය අතීතයට අතුගා දමා අහවරය. ඒ අතීතය මේ පොඩි කෙල්ලට තවම මතකය.

" ස්වේතා ඉස්සර මෙහෙ එනවා පාරමී මිස්ට මතකයි නේද . . . " අසිත ඇසුවේය. 

" මට මොකද අමතක. ඉස්සර මටත් චොක්ලට් එකක් ගේනවානේ එයා. " පාරමී සිනාසුනාය.

" කවුද අසිත ස්වේතා . . . " නාරද එකවරම අසිතගෙන් ඇසුවේය.

" ඇයි නාරද දන්නේ නැතිද . . . " දසනායක මහතා නාරද දෙස බලමින් ඇසුවේය.

" මෙච්චර ලගින් ආශ්‍රය කරලත් අසිත නිකන් වත් නාරදට වචනයක්වත් කියලා නෑ කිව්වම පුදුමයිනේ " 

" නෑ සර්. මම ඒ කාලය අමතක කරලා දැම්මට පස්සේ ඒ පැත්ත නිකන්වත් හැරිලා බැලුවේ නෑ. මම ඒවා මතක් කරන්නවත් දැන් යන්නේ නෑ සර්. " 

" ඉතින් එයාට මොකද වුනේ කිව්වේ නෑනේ " පාරමී ඇසුවාය.

" දු . . . " දසනායක මහතා පාරමී ඇමතුවේ දැන් ඔය කතාව නවත්තමු යයි අදහසින් බව කාටත් අවබෝධ වුවා නිසැකය.

" මට ඔයා පස්සේ කියන්න හොඳේ . . . " පාරමී හොරෙන් අසිතට කිවාය. 

" හ්ම් . . . " අසිත සිනාසුනේය.

" අසිත කොහොමද තත්වේ . . . දසනායක තම කැබින් එක දෙසට යන අතර ඇසුවේය.

" ම් . . දැනටනම් ගැටළුවක් නෑ සර්. ඒත් අපිට තව බෝර්ඩ්ස් ටිකක් නම් ස්ටෝක් කරගත්තොත් හොඳයි. " අසිත කීවේය. 

" ඒත් අසිත බෝඩ්ස් ගේන්න කලින් වෙයාහවුස් එකේ රෙපෙයාර්ස් ටික කරගත්තොත් හොඳයි නේද. මොකද බෝඩ් පැලට් දෙකක්ම අපිට වැඩක් ගන්න බැරි තරම් නරක්වෙලා තිබුණා. " නාරද කිවේය.

" හ්ම්. එතකොට මොනවා මොනවද අපිට කරගන්න තියෙන රෙපෙයාර්ස් නාරද "

" සර් එකක් තමයි වැහි වතුර හරි අවුව හරි වැටෙන තැන් හදාගන්න එක.     මොකද ඒ දෙකෙන්ම බෝඩ්ස් නරක්වෙනවා. අනික මීයන්ගෙන් , කෘමින්ගෙන් වන හානි අවම කරගන්න වැඩ පිලිවෙලක් යොදන්න වෙනවා. අනික සර් වෙයාහවුස් එකේ බෝඩ්ස් ඉන් සහ අවුට් දෙක ක්‍රමවත්ව කරන්න ක්‍රමවේදයක් හදන්න වෙනවා. මොකද සමහර විට අවශ්‍ය ප්‍රමාණයට වඩාත් තවත් සමහරවිට අවශ්‍ය ප්‍රමාණයට අඩුවෙනුත් නිසා අපිට එක්කෝ දෙපාරක් ප්‍රින්ට් කරන්න වෙනවා. එක්කෝ වැඩි වෙනවා. මේ කරුණු ටික ගැන බලලාම අලුත් ස්ටොක් එක ගෙනාවනම් හොඳයි කියලයි මට නම් හිතෙන්නේ.

" අසිත මොකද හිතන්නේ . . "

" ම් . . මමත් නාරදට එකඟවෙන්න වෙනවා සර්.එහෙම වුනොත් අපි එතකන් ලොකල් මාර්කට් එකෙන් බඩු ගමු ඕන වෙන වෙලාවට. කොහම හරි අපේ අඩු පාඩු ටික හදාගෙනම ස්ටොක් එකක් ගේමු. "

" ගුඩ් . . " 

නාරදත් අසිතත් දසනායක මහතාගේ පසුපස කැබින් එක වෙත පැමිණියෝය.  

" ටේක් අ සිට්. "

" තැන්ක් යු සර්. "

පාරමී වටපිට බලමින් මෙශින් ක්‍රියාකරනයුරු බලමින් සෙමෙන් සෙමෙන් පැමිණියාය.






. . . මතු සම්බන්ධයි . . .

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට . . .