" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් . ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
. . . එකොලොස්වෙනි කොටස . . .
කුරුනෑගලට යන අතරමඟ දී විශේෂ යමක් සිදුනොවුනත් විටෙන් විට පාරමීත් චාමිත් නාරදට හින්ට් පාස් කළාය. නමුත් නාරද ඒ කිසිවක් නෑසුනාක් මෙන් තම ගමනේ නිරතවූවේය.
දසනායක සර් කිව්වේ එයාපෝර්ට් එකට ගිහින් මිස්ව ගෙදර එක්කන් එන්න කියලනේ. කුරුනෑගල යන්න ඕන කතාවක් කිව්වේ නෑනේ. මමත් ඔහේ ආවා ඇඳුමක්වත් මාරු කරගන්නේ නැතිව. මදැයි, කොහොමහරි මෙයාලා දැන් හිතන් ඉන්නේ මම එයාලගේ ඩ්‍රයිවර් කියලා. කමක් නෑ ඕන විදියකට හිතාගත්තාවේ. හැබැයි දසනායකගේ දුව නම් නිකන් යක්ශනියක් වගේ වෙලාවකට. මට නම් බයෙත් බෑ. නිකන්හරි අනිත් මිස්ව බස්සලා එන අතරේ මොන හේතුවකට හරි මගේ බෙල්ල මිරිකුවොත්.
නාරද එකවරම කණ්නාඩියෙන් පසුපස බැළුවේය. දසනායක මහතාගේ දුවගේ යහළුවා තමන් දෙස බලාගෙන සිටින අයුරු නාරද හොඳින්ම දුටුවේය. නාරද පසුපස බලනවිටම එක වරම ඇය අහක බලාගත්තාය. ඒ මිස්නම් ටිකක් දඟකාරයි වගේ පෙනුනත් අහිංසක පාටයි. දෙන්නා කොහොම යාළුවෝ වගේ ඉන්නවද දන්නේ නෑ. නාරද ඉක්මන් ගමනින් කුරුනෑගල බලා ඉගිලුනේය.
යන අතරමඟ ගැහැණු ළමයින්ට ඔවුන්ගේ ළෝක වල ඉන්න ඉඩහැර නාරද කඩිනමින් ගමන නිමාකරලීම ගැන සිතුවේය. සති අන්තයේ දිනයක් බැවින් වාහන තදබදය තරමක් දුරට අඩු නිසා ගමන ඉක්මන්කිරීමට හැකියාවක් ලැබීම සහනයකි. කෙසේ හෝ සිතුවාටත් වඩා අඩු කාලයකින් ඔවුන් කුරුනෑගලට ලඟාවූවෝය. අතරමඟදී වරින් වර නාරද කණ්නාඩියෙන් පසුපස බැලුවත් තමන්දෙස කෙනෙකු බලා සිටින බව ඔහුට ඒ තරමටම දැනුනේ නැත.
" එහෙනම් කෙල්ලේ පරිස්සමෙන් හොඳද..? අපි ගිහින් එන්නම් " පාරමී චාමි දෙස බලාගෙන කීවාය.
" මම පරිස්සම් වෙන්නම්, උඹ පරිස්සමට ගෙදර යන්න ඕන. තේරුණාද ? ගිය ගමන් මට කෝල් එකක් දීපන් හොඳද. මොනවා උනත් මට උඹව ආපහු තනියම යවන්න මොකද්ද වගේ. " චාමි පාරමීගේ අත අල්ලාගෙන කීවාය.
" එහෙනම් උඹ වරෙන් ආපහු මාව බස්සන්න. " දෙදෙනාම මහ හඬින් හිනැහුනෝය.
දෙදෙනාගේ කයිය දෙස නාරද බලාඋන්නේ හිතේ තරහිනි.
" මෙයාලට වෙලාව ගැන ගානක්වත් නෑ. ආවා වගේම දුරක් ආයෙත් යන්න තියෙනවා. අනේ මන්දා. " නාරද සිතුවේය.
" මේ ඒක නෙමෙයි. මම බලාගෙන උඹ එනගමනුත් සැරෙන් සැරේ ඩ්‍රයිවරයා දිහා ඇහැ දානවා. හැන්ඩියා නේද බං. "
" මේ විකාර නැතුව ඉඳින් චාමි."
" විකාර නෙමෙයි බං. මට නම් අනන්තවත් හිතෙනවා මේ වගේ ජොබ් එකකට මොන එහෙකට ආවද කියලා. ඌට ඩ්‍රයිවර් ජොබ් එක ගැලපෙන්නේ නෑ. " චාමි වාහනයට හේත්තු වී සිටින නාරද දෙස බලාගෙන කීවාය.
" මට පේන්නේ උඹට හිත ගිහින් වගේ. "
" හිත කොහෙද එක තැනක. ඒක පා..වෙනවා. " දෙදෙනාගේ කැකිරි පැලිල්ලට නාරදද ඔවුන් දෙස බැලුවේය.
" අන්න අර මනුස්සයත් බලනවා. ඇහෙනවද දන්නෙත් නෑ. එහෙනම් මම ගිහින් එන්නම් චාමි." දෙදෙනාම සෙමෙන් යලිත් වාහනය අසලට ආවෝය.
වාහනයේ දොර හැර නගින කෙනා දුටු නාරද උඩවිසිවුණි. දසනායකගේ දුව යයි සිතා සිටි කෙනා වැරදී ඇති බව නාරදට වැටහුනේය. " ඒ කියන්නේ දෙන්නා මාව අන්දලා. " නාරද සිතුවේය.
" මොකද නිකන් තක්බීරි වෙලා වගේ බලන්නේ. මේ මිස්ව පරිස්සමින් එක්ක යන්න ඕන. තේරුණාද ? " චාමි නාරද දෙස බලාගෙන කීවාය.
" ඔ ඔවු මිස්. . " නාරද පාරමී දෙසත් චාමි දෙසත් මාරුවෙන් මාරුවට බලමින් පිලිතුරු දුන්නේය.
චාමිගෙන් සමුගත් පාරමී රියේ පසුපස අසුනට බරවූවාය. රිය නොපෙනී යනතුරුම චාමි පාරමී ගිය දෙස බලාගෙන උන්නාය. " මට හිතට මොකද්දෝ අමුත්තක් දැනෙනවා. . . බලමුකෝ . . " චාමි සිතමින් නිවස තුළට ගියාය.
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
නාරද රිය කොළඹ දෙසට දාවනය අරඹා තිබුණි. පාරමී කවුළු තුලින් අවට පහුවෙන මහා රූස්ස ගස් දෙස ඇස් යොමාන කල්පනාවක නිමග්නව උන්නාය. ඇතැම්විට තම සිත පාලනය කරගැනීමට නාරද මෙන්ම පාරමීද උත්සාහ ගන්නවා වන්නට පුළුවන. කෙසේ වෙතත් නාරද නම් යම්තාක් දුරට දෙලොවක් අතර සැරි සරමින් උන්නේය. ඔවුනොවුන් දෙස නොබැලීමට දෙදෙනාම තම සිත්හී පොරොන්දු පිට පොරොන්දු දී විලංඟු ලා ගත්තෝය.
" මේ ළමයි තාමත් නෑනේ. මොකද මන්දා මේ තරමට ප්‍රමාද. " දුරකතනය අතට ගත් දසනායක නාරදට ඇමතුමක් ගත්තේය.
" හෙලෝ . . "
" හෙලෝ සර් . . "
" නාරද දැං කොහෙද ? "
" සර් අපි දැං කුරුණෑගලින් පිටත්වෙලා පැය කාලක් වගේ වෙනවා. "
" බලන්න නාරද මේ ළමයි කරන හිතුවක්කාර වැඩ. ඒ ළමයව කැබ් එකක් කතාකරලා යවන්න තිබුණනේ. පොඩි දුරක්ද ඔය ළමයා ඔය ගිහින් තියෙන්නේ. "
නාරද සෙමෙන් කණ්නාඩියෙන් පසුපස බැලුවේය. පාරමී දොරට ඔළුව තබාගෙන වීදුරුවෙන් එළිය බලා සිටියාය.
" සර් මම පුළුවන් ඉක්මනට මිස්ව ගෙදරට එක්කන් එන්නම්. "
" නෑ නෑ නාරද. ඉක්මනට නෙමෙයි, පරිස්සමට එන්න. තේරුණාද ? "
" ඔවු සර්. හරි. "
නාරද දුරකතනය ක්‍රියා විරහිත කලේය. ඉක්මනින් ආපසු යායුතුය. නාරද සිතුවේය. පාරේ වාහනද දැන් තරමක් දුරට අඩුය. නාරද රියේ වේගය වැඩි කලේය.
" මේ ළමයි තාමත් නෑනේ. මොකද මන්දා මේ තරමට ප්‍රමාද. " දුරකතනය අතට ගත් දසනායක නාරදට ඇමතුමක් ගත්තේය.
" හෙලෝ . . "
" හෙලෝ සර් . . "
" නාරද දැං කොහෙද ? "
" සර් අපි දැං කුරුණෑගලින් පිටත්වෙලා පැය කාලක් වගේ වෙනවා. "
" බලන්න නාරද මේ ළමයි කරන හිතුවක්කාර වැඩ. ඒ ළමයව කැබ් එකක් කතාකරලා යවන්න තිබුණනේ. පොඩි දුරක්ද ඔය ළමයා ඔය ගිහින් තියෙන්නේ. "
නාරද සෙමෙන් කණ්නාඩියෙන් පසුපස බැලුවේය. පාරමී දොරට ඔළුව තබාගෙන වීදුරුවෙන් එළිය බලා සිටියාය.
" සර් මම පුළුවන් ඉක්මනට මිස්ව ගෙදරට එක්කන් එන්නම්. "
" නෑ නෑ නාරද. ඉක්මනට නෙමෙයි, පරිස්සමට එන්න. තේරුණාද ? "
" ඔවු සර්. හරි. "
නාරද දුරකතනය ක්‍රියා විරහිත කලේය. ඉක්මනින් ආපසු යායුතුය. නාරද සිතුවේය. පාරේ වාහනද දැන් තරමක් දුරට අඩුය. නාරද රියේ වේගය වැඩි කලේය.
. . . මතු සම්බන්ධයි . . .
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
No comments:
Post a Comment
ඔබේ අදහස් දිරියක් මට . . .