Followers

Thursday, July 7, 2011

පියාපත් ලැබී . . . 01



හිත හතරවට තිබුණු සේරම ශක්තිය එකතු කරලා ආසාවෙන් බලං උන්නු වැඩේට පය තිබ්බා . අද මම දාන පෝස්ට් එකේ ඉඳලා " පියාපත් ලැබී " කියලා නම තියලා කොටස් වශයෙන් මේ කතාන්දරය ඔබට ගෙන එන්නයි බලාපොරොත්තුව . මට මේ වැඩේ කරගෙන යන්න පුළුවන්ද , මම කොයිතරම් දුරට සාර්ථකද කියන තැන ඉඳන් කතාව කියවන්න එහෙමත් නැත්නම් විඳින්න සහෲද ඔබට බාරයි .



෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


. . . ඇරඹුමක් පමණයි . . .

රැකියාවට පිවිස වසරක් පිරීමට ඇත්තේ තව දින කිහිපයකි . නාරදට රැකියාවට යාමට ලැනුනේ පියාගේ හොඳම යහළුවෙකු වූ ආරියදාස මහතාට පිං සිදුවන්නටය . පියාගේ හදිසි වියෝවෙන් පසු නැගනියගේත් මල්ලිගේත් වගකීම් තමගේ කරපිටට වැටින . විශ්වවිද්‍යාලයට තේරීමට තරම් ලකුණු ලබා සිටියද තම සිහිනය බිඳ වැටුනේ එතරම් පිම්මක් පනින්න තරම් පවුලේ ආර්ථිකය හොඳ තත්වයක නොතිබූ බැවිනි . දැන් අම්මාට නංගීට සහ මල්ලීට එකම පිහිට තමන් බව මේවනවිට හොඳාකාරවම වැටහී තිබිණි .වැස්සක් නොව්ටුනත් බීරිම තවමත් පහව නැත . නිවාඩුවක් දාන්න සිතුනත් නැවතත් ඇඳෙන් බැස මූණ සෝදන්න ගියේ දෙගිඩියාවෙන්මය . බෝඩිමට වී සිටියත් කරන්න තරම් දෙයක් සිහියට නොනැඟුනෙන් නාරද කාර්යාලය වෙත යාමට සිතාගත්තේය .







කරුමෙක මහත . එලියට බහිනකන්ම ඉඳලා වැස්ස පටන්ගත්තානේ . නාරද කාර්යාලය වෙත කිට්ටුවෙත්ම වැස්ස බෙහෙවින් තද කර තිබිණ . බිම බලාගෙන කාර්යාල භූමියට පිවිසියත් වීදුරු ජනේලයෙන් තමන් දෙස බලා සිටින දසනායක මහතාගේ රුව ඇස් කොනින් මැවීපෙනිනි . " අද හරි " තමන්ටම කියාගත්තේ වෙලාව පිලිබඳ හරියාකර අවබෝදයක් නොමැතිවීමෙන් දැන් 8 : 00 පසුව ඇතැයි යන නිගමනයෙන් යුතුවය . කාර්යාලයට පිවිස පැමිණීම ලකුණු කරද්දී යන්තම් ඇඟට ලේ ටිකක් ඉනීය . අද 7 : 30 ටත් කලින් මොකද ලොක්ක ඇවිත් . ලෙඩක්ද දන්නෙ නෑ . . .


මෙසේ හිත මුමුණනා දහසකුත් එකක් දේවල් මැද්දේ තම කුඩා කාමරයේ අසුන්ගත්තේ කළයුතුව ඇති රාජකාරි පිළිබඳ සිහිකරමිනි . නොබෝ වේලාවකින් කමනිගෙන් ඇමතුමක් ලැබුනේ තමන් පැමිනෙනතෙක් ආයතනයේ හිමිකරු වන දසනායක මහතා බලා සිටින බවයි . බාරදියයුතු ලිපිගොණු සියල්ල හරියාකාරව ඇත්දැයි බලා අතට ගත්තේ දසනායක මහතා හමුවීමටය . ඔහු මැදිවියේ පුද්ගලයෙකි . තරමක් නිහඬ චරිතයක් වූ ඔහු කාර්යාලය සුද්ද පවිත්‍ර කරන්නාගේ පටන් කටයුතු වලට ඇඟිලිගසා ඉතාමත් සූක්ශම ලෙස සොයා බලයි . මෙනිසාමදෝ කොහෙද " දසයා " යන නම කාර්යාලය තුළ පමණක් නොව මේ කාර්යාලය හා ගැටෙන වෙනත් කාර්යාලයන්හී පවා ඔහුට පටබැඳුනකි . නාරද ඔහුවෙත ඇදුනේ හිතේ තරමක ගැස්මක්ද පවතිද්දීය .


good morning sir . . .

good morning නාරද

take a sit . . .


. . . මතු සම්බන්ධයි . . .
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


පියාපත් ලැබී  02 කොටස  කියවන්න මෙතන click කරන්න 



9 comments:

  1. ලස්සන ආරම්භයක් තියෙන කතාවක්. නමුත් ආරම්භය ටිකක් විතර දුකක්. මොනා උනත් අවසානය සතුටු වෙන්න පුලුවන් එකක් වේවායි පතන්නෙමු !!!!!

    මම ආසම වැඩේ තමයි කතා කියවන එක. ඒ නිසා ඉතුරු කොටසත් ඉක්මනටම ලියමු !!!

    ReplyDelete
  2. word verification අයින් කරන්න. එතකොට කමෙන්ට් කරන්න ගොඩක්ම ලේසියි.

    Dashboard > settings > Comment

    Word verification

    No

    ReplyDelete
  3. @ මධුරංග : word verification අයින් කරන්න අමතක වුණා .දැන් හරි . . :) ස්තූතියි බොහොමත්ම . . . :)

    ReplyDelete
  4. පියාපත් ලැබුණු
    තටු දෙකට
    පියාඹන්න දුරකට
    කුතුහලය පිරුණු
    ආරම්භයත් සමග
    සොදුරු අවසන්
    නිම්මයකට පියා
    සලන්නට ශක්තිය....:)

    ReplyDelete
  5. @ චතුමිතු : බොහොමත්ම ස්තූතියි . . :)

    ReplyDelete
  6. ගොඩාක් ලස්සනයි......දිගටම ලියන්න මගෙන් සුභ පැතුම්...!!!!

    ReplyDelete
  7. @ හිතුවක්කාරී : බොහොමත්ම ස්තූතියි මේ පැත්තට ගොඩවුණාට .

    ReplyDelete
  8. හරිම ලස්සන කතාවක් ගෙතෙයි කියලා මට හිතෙනවා . .

    ReplyDelete
  9. @ සිතුමි ප්‍රියංගා : බොහොම ස්තූතියි සිතූ . හැමදාම වගේ ඉදිරියටත් රැඳී ඉඳීවි කියලා බලාපොරොත්තුවෙනවා . . .

    ReplyDelete

ඔබේ අදහස් දිරියක් මට . . .