Followers

Friday, July 15, 2011

පියාපත් ලැබී . . . 04


" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් .  ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට 


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

. . . හතරවැනි කොටස . . .


කර්කශව 
ඉබාගාතේ ඇදුණු
ජීවිත සිහිනයන්
බලාපොරොත්තුවේ වැසි පොදින්
තෙමී පන ලැබ
ටික ටික දළුලන්න
තනනවා නොවෙද
දෑස් දල්වාන
බලාන ඉමි එනතුරා
වසන්තයේ හෙට දවස




නිකමට වගේ හිස් කඩදාසියේ ලියැවුණේ සිතේ පැතිරුණු අපමණ සතුට නිසාමැයි නාරදට සිතුනි .


" වෙලාව බලාගනින් . . . "


තම කනට ලංකර උස් හඬින් අසිත එලෙස පැවසත්ම නාරදට උඩ විසිවුණා යැයි හැඟිනි .


" මොකද බං උඹට වෙලා තියෙන්නේ . කෙල්ලෙක් වත් සෙට්වුණාද . තනියම හිනාවෙනවා . මුමුණනවා . ඕවට නම් බේත් නෑ රජෝ . . . ඇත්ත කියපං . . .? "


" උඹ කොයි වෙලේද මෙතන්ට පාත්වුනේ . මම දැක්කේ නෑ නේ උඹ එනවා . "


" උඹ කොහෙ දකින්නද . තනිකර මනෝ පාරක් දාගෙනනේ හිටියේ . මම දැන් මෙතනට ඇවිත් විනාඩි දහයක් විතර . කියපං කියපං . . . කවුද කෙල්ල . මේ ඔෆිස් එකේ එකක් නම් වෙන්න බෑ . කවුද කියපංකෝ . . . "


" මට මොන කෙල්ලොද බං . අපිට කැමතිවෙන කෙල්ලො ඉන්නවනම් මොනවා කරන්න බැරිද . . .  "


" ඕං ඕං අපිට කොලේ වහනවා . අනේ පලයං නාරද . මම බලාගෙන අර කමනිත් උඹට ඇහැදාගෙන ඉන්නේ . වරදක් නම් නෑ . හැබැයි ඉතින් වියදම සැරයි පුතේ . උඹට සැලූන් වලටම පඩිය වියදම් කරන්න වෙයි . "


හිනාවෙමින් අතොරක් නැතිව කියවන අසිතට හසුවුනොත් ගැලවෙන්නට පැයක්වත් දැඟලියයුතු බව නාරද හොඳාකාරවම දනී . කොළඹ ආ පසු තමන්ට සිටින එකම හිතවතා අසිතය . ආ මුල් කාලයේ පටන් අසිත තමන්ට බෙහෙවින්ම සහෝදරත්වයෙන් සැලකීම නාරදට දැණුනේ මහමෙරක් ලෙසය . දන්නා හඳුනන කිසිවෙකුත් නොමැතිව තනිපන්ගලමේ වෙසෙනවාට වඩා මෙවන් මිතුරෙකුවත් සිටීම නිසා හිතට තරමක් දුරට සැහැල්ලුවක් දැනිනි .


" පිස්සු නැතුව ඉඳින් අසිත . මම දැක්කා ගිය සෙනසුරාදත් කමනි කොල්ලෙක්ගෙ අතේ එල්ලිලා යනවා අපූරුවට . ඕවා නෙමෙයි බං . දසනායක කතා කළා . "


" මල කෙලියයි . ඉතින් . . . මොකද්ද දසයා ඇදපු කොක්ක මේපාර . "


"කොක්කක් නම් නෙමෙයි . පොඩි සතුටු දායක දෙයක් කියන්න කතා කලේ . "


" අම්මපා . . . බොරු . යකෝ මම මෙහෙට ඇවිත් දැන් අවුරුදු දෙකහමාරක් වෙනවා. මෙහෙ වැඩ කරන එකෙක් දසයා සතුටු දායක දෙයක් කියන්න කතා කළා කියලා කියනවා ඇහුවාමයි . හරි කියපන් බලන්න මොකද්ද කියලා උඹට කියපු සතුටු දායක කතාව . "


" මට පොඩි ප්‍රොමෝශන් පාරක් සෙට් වුණා අසිතයා . "


" බොරූ .. . . ! ! ඒ ඇත්තමද කියන්නේ . මොකද්ද බ්‍රාන්ච් එක . දුරද . . . "


" නෑ බං වෙන කොහෙවත් නෙමෙයි . මෙහෙම තමයි . Assistant printing manager විදියට . "


" හෙහ් හේ . . . මරුනේ යකෝ . කවද්ද කිව්වේ . උඹ මටවත් කිව්වේ නෑ නේද බං . . . "


" අනේ නෑ බං . අද උදේ තමයි කතා කරලා කිව්වේ . "


" එල එල .  congratulations සහෝදරයා . "


" thank you අසිත . thank you very much . . "


" මේ මේ . දීපං අපිට party එකක් හොඳේ . නැත්නම් ඉතින් දන්නවානේ . "


" හරි හරි . හම්බෙනකන් ඉඳපං ඉස්සෙල්ලා . නොදී ඉන්ඩ පුළුවනෑ උඹලා එක්ක . "


" හෙහ් හේ . .  අපි එහෙමයි . මේ , ඒක නෙවෙයි නාරද . හැබැයි පොඩි කැපිල්ලක් නම් යයි උඹට . "


" ඒ ඇයි බං . "


" ඔය පෝස්ට් එකට අර වජිරයා ඇහැදාගෙන හිටියේ සෑහෙන කල් ඉඳලා . ඒ වුණාට ඌ card එක කුඩු කරගත්තනේ අර Unilever's එකේ order එක වරද්දලා  ප්‍රින්ට්කරලා ඒ ටික හොරෙන් ආයේ ගහලා . හැබැයි පොරට මේක ආරංචි වුණාම උඹත් එක්ක අවුල යයි . "


" ඉතිං බං මම ඉල්ලලා ගත්ත් එකක්යැ . අඬගහලා දුන්න එකක්නේ . "


" හරි හරි උඹ ඕවා හිතන්න එපා . අපිත් මේවෑ ඉන්නවානේ . යමං කැන්ටිම පැත්තට ගිහින් එන්න . ප්ලේන්ටියක්වත් ගහන්න . "




෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

" Hello . .  "

" තාත්තා මම කතා කරන්නේ . මම තාත්තගේ mobile එකට ගත්තා ආන්සර් කරන්නේ නෑ . ඒකයි Office එකට ගත්තේ . "

" ආ , මම mobile එක vehicle එකේ දාලා ඇවිත් පුතේ . ඉතිං කොහොමද . මොනවද තොරතුරු . මගේ පුතා හොඳින් නේද . "

" ඔව් තාත්තේ . මම හොඳින් . මම මේ තාත්තට හදිස්සියේම ගත්තේ තව දවස් දෙකකින් ලංකාවට එනවා කියන්න . අපිට නිවාඩු දුන්නා . "

" අනේ කොයිතරම් දෙයක්ද පුතේ . මට flit එක බලලා  කියන්න . මම driver කෙනෙක්ව එවන්නම් airport එකට ඔයාව ගන්න . "

" හරි තාත්තා . මගේ යාලුවෙකුත් එනවා . එයාවත් ඩ්‍රොප් කරන්න පුළුවං නේද තාත්තා . නැත්නම් මම cab එකක් අරන් එයාවත් ඩ්‍රොප් කරලා එන්නම් . "

" නෑ පුතේ මම සිරිපාලව එවන්නම් . එයාවත් බස්සගෙන එන්නකෝ . "

" හරි තාත්තේ . මම එහෙනම් තියන්නම් . බුදුසරණයි . තාත්තා පරිස්සමින් ඉන්න . "

" බුදුසරණයි පුතේ . මගේ කෙල්ලත් පරිස්සමින් , කල්පනාවෙන් ඉන්න . ok . "

" හරි තාත්තා . Bye . . "

" Bye පුතේ . . "

. . . මතු සම්බන්ධයි . . .
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


පියාපත් ලැබී 05 කියවන්න මෙතන click කරන්න .


5 comments:

  1. හ්ම්ම්ම්ම්!.... පළවෙනි කොටසත් කියවා මෙතනට ආවා. හොඳ ආරම්භයක්...අපි බලමු ඉදිරියේදි මොනවද වෙන්නෙ කියලා...


    ප.ලි. ඔබේ බ්ලොග් අඩවියේ තීම් එක වෙනස් කලොත් නරකද? මේක මගේ අදහසක් පමනයි. මැද කොටසෙත් කොල වැනි කොටසක් පෙනෙන නිසා කතාව කියවාගෙන යද්දි එය බාධාවක් සේ හැඟුනා.....

    ReplyDelete
  2. @ දිල් : බොහොමත්ම ස්තූතියි බ්ලොගයට ගොඩවැදුනට . අනිවාර්යෙන්ම හැමගේම පහසුව තකා තීම් එක වෙනස් කරන්නම් . යෝජනාවට බොහොමත්ම ස්තූතියි .

    ReplyDelete
  3. කථානායිකාවගේ නම ඊළග කොටසින් ලු ඉතින්.. :P

    ReplyDelete
  4. ඔන්න මමත් මේ කොටස කියවගෙන ආවා.
    කතානායකයාඅගේ නම කිව්වත් වගේ නෑනේ.
    ඊලන්නග කොටසින් නම් අනිවාර්යෙන්ම කතා නායකයාගේ නම කියවෙයි නේ. ලස්සන කතාවක් !!!

    ReplyDelete
  5. @ චතුමිතු : හ්ම්ම් හ්ම්ම් , කතාව හොඳට මතකයි වගේ . ස්තූතියි මේ පැත්තට ගොඩවෙනවට .

    @ මධුරංග : හෙහ් හේ . මලයා මුල ඉඳන් කියවලා නෑ වගේ . . . :P

    ReplyDelete

ඔබේ අදහස් දිරියක් මට . . .