Followers

Monday, July 4, 2011

මගුල . . .


කරෝලිස් ඉහ පැහෙන තරම් වයසේ කෙනෙක් . මෙහෙම කිව්වම " දැන් නම් ඉහ පැහෙන එක ඇටෙං පොත්තෙන් එළියට එන එකාටත් වෙනවනේ " කියලා කෙනෙකුට කියන්න පුළුවන් තමයි . . . :) ඒ වුනාට මම මේ කිව්වේ මේ මනුස්සයා සාමාන්‍යයෙන් මැදිවිය ඉක්මවූ කෙනෙක් කියලයි . අනුන්ගේ දේ ගැන අනෙක් අයට වඩා මදක් වැඩියෙන් විමසිලිමත් වන කෙනෙකු ලෙස මෙයා කා අතරත් ප්‍රසිද්ධයි . ඒ කියන්නේ ඉතිං අපේ භාසාවෙන් කිව්වොත්  අබිලිං කෙනෙක් . 



ඔය අබිලිං කියන නම අපේ පොඩි එකාට පටං හොඳට හුරු නමක් නොවැ නේද . ඒකත් අර ආසියාවේ දීර්ඝතම ටෙලිනාට්‍ය නිසා වෙන්න ඕනෙ. අහ් . කතාව පිට ගියා නේද . . . :P ඔන්න ආයෙත් කතාවට . . . :D


දවසක් ටවුමට ගිය කරෝලිස්ට කාලෙකට ඉස්සර ගමේ ඉස්කෝලෙට ඉගැන්වීමට ආපු පියදාස ඉස්කෝලේ මහත්තයා බස් බැවතුමේ ඉන්නවා දකින්න ලැබුණා . ඒ සැනින්ම ඔළුවට ආවේ පියදාස ටවුමේ ලමාතැනී කෙනෙකු එක්ක ඇතිකරගෙන තිබ්බ සම්භන්ධයයි . අඩියට දෙකට බස් නැවතුමට ලංවුනේ ඒ සම්භන්දය ගැන දැනගන්න යටි අදහසකුත් හිතේ හංගගෙනයි .


කරෝලිස්  :   ආ පියදාස ඉස්කෝලෙ මහත්තයා . බැහැරක් වගේ .


පියදාස      :   ආහ් . . . නෑ මම මේ ගෙදර යන ගමන් .


කරෝලිස් : ම්ම්ම්ම්ම් . . . ඒක නෙවෙයි මහත්තයෝ . අර නෝනා එහෙම හොඳින් ඉන්නවැයි .


පියදාස      : අපොයි ඔව් . . . අපිට දැන් පොඩි බබෙකුත් ඉන්නවා .


කරෝලිස් : හැබෑට . අනේ සතුටුයි මහත්තයෝ . . . කවදැයි මගුල් කෑවේ . ආරන්චියක්වත් ආවෙ නෑ නොවැ . මොකැ මහත්තය ඒ දවස්වල අපේ උන්ට කළ උදවු වල හැටියට අපේ ගමේ උන් පෝලිමේ නොවැ එන්නේ එහෙව් දෙයක් දැනගත්තනං .


පියදාස : ආ ඒවට නම් කරදර වෙන්නේ මොකටද කරෝලිස් . අපි පොඩි එකාගේ ඉඳුල් කටගෑමත් එක්ක අපේ මගුලත් ජයටම ගන්නයි හිතන් ඉන්නේ . මම නිකමට වගේ දන්වන්නම්කෝ .


මෙහෙම කියපු පියදාස ඉගිලගෙන ආපු බසයට ගොඩවුනේ " යන්නම් කරෝලි " කියාගෙනයි .


ඔන්න ඔහොමයි සිද්දිය . කස්ටියට හිනාවෙන්නත් එක්ක කියලා ලිව්වට ඉතින් " හිනා වෙන්න නං ඉතිං කිචිකවාගන්න ඕනෙ " කියලා ඔයාට හිතෙනවද . . . :P . හෙහ් හේ . . . 

4 comments:

  1. මාත් පොඩි එකාගේ ඉඳුල් කටගෑමත් එක්ක අපේ මගුලත් ජයටම ගන්නයි හිතන් ඉන්නේ... lol.. :D

    ReplyDelete
  2. @ චතුමිතු : හෙහ් හේ . . . ස්තූතියි යාළු . . .

    ReplyDelete
  3. මටත් ඔය විදිහටම කරන්න අදහසක් තිබුනා එත් එක හිටිතැනම ලොප් වුනා..

    ReplyDelete

ඔබේ අදහස් දිරියක් මට . . .